Madura English-Sinhala Dictionary ලංකාවේ ජනප්‍රියම නොමිලේ භාවිත කල හැකි ශබ්දකෝෂය ලෙස හඳුන්වන්න පුළුවන්.

2002 නොවැම්බර් 23 වෙනිදා එළි දකින මේ software ශබ්දකෝෂය නිර්මාණය කරන්නේ මධුර කුලතුංග (Madura Kulatunga) විසින් වන අතර මුලින්ම CD තැටියක මෘදුකාංගයක් ලෙසින් නිම වුනු මෙය වෙබ් අඩවියක් ලෙසින් නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2008 වසරේදිය.

2014 වසරේදී මෙය Android app එකක් ලෙසින් smart දුරකථන වෙත නිකුත් වන අතරම මේ වන විට එම app එක downloads ලක්ෂය පසු කර අවසන් වන නමුත් තවදුරටත් මේ ශබ්දකෝෂයේ පරිගණක මෘදුකාංගය නම් යාවත්කාලින වෙන්නේ නැහැ.

Madura English-Sinhala Dictionary නිර්මාතෘ 

භාවිත කරන පුද්ගලයා කවරෙක් වුවත් කුමන වෘත්තීයක නියැලෙන්නෙක් වුණත්, අධ්‍යාපන මට්ටම කොයි ආකාරයේ එකක් වුණත් ඉතාම පහසුවෙන් වගේම නිවැරදිව වචන තේරුම් බලාගන්න හැකි මේ Madura English-Sinhala Dictionary එක තුළ වචන 230,000 පමණ තේරුම් අඩංගුව තිබෙනවා.

අදටත් ඔබේ මේ ලිපිය කියවන මොහොතේ දී දහස් ගනනන්ක් දෙනා maduraonline.com අඩවිය භාවිත කරනු ලබන අතරම මෙම වෙබ් අඩවිය මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ වැඩිම පිරිසක් පරිශීලනය කරනු ලබන වෙබ් අඩවි අතර 100 වන ස්ථානයේ පසුවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා maduraonline.comවෙබ් අඩවිය සහ Wikipedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.