පෙබරවාරි 22 වන දා Huawei සමාගමේ මීළඟ folding folding device එක වෙන හුවාවෙයි Huawei Mate X Pro නිකුත් කිරීමට සූදානම් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

Huawei සමාගම විසින් MWC 2019 Event එක අතරතුරදී ඔවුන්ගේ අලුත්ම Foldable device එක වන Mate X එක එළිදක්වයි
මීට පෙර ලිපියක් මගින් Samsung සමාගම විසින් හදුන්වාදුන් ඔවුන්ගේ foldable Deviceඑක වන Samsung Galaxy Fold එක ගැන[/everything-that-launched-at-samsung-unpacked-2019/] ඔබ වෙත ගෙන ආවා මතකයේ ඇති. ඉතින් MWC 2019 - Huawei Event එකේදී ඔවුන්ගේ නවතම foldable device එක වන Huaweimate X වගේම තවත් Devices කිහි…

ඒ අනුව Huawei සමාගම විසින් සිය නවතම folding device එක නිකුත් කිරීමට කටයුතු කළ අතර මෙය බොහෝ අංශ වලින් Galaxy Z Fold 2 වලට වඩා ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා.

Fold කල විට, එනම් නැවීමට කටයුතු කළ විට ඇති තිරය අඟල් අටක් හා ඉදිරිපස තිරය අඟල් 6.45 ක් වන අතර 90hz refresh rate එකකට සහය දක්වන OLED screen දෙකකින් මෙය සමන්විත වෙනවා.

මෙම අඟල් 8 ක අභ්‍යන්තරය තිරය "magnetically-controlled nano optical layer" නම් ආලෝක පරාවර්තන හා දීප්තිය අවම කිරීමේ තාක්ෂණයකින් සන්නද්ධ වෙන අතර, උදාහරණයක් ලෙස ගතහොත් Galaxy Z Fild 2 හි ආලෝක පරාවර්තනය 5% ක් හෝ ඊට වැඩි නම්, මෙහි එම අගය 1.5% ක් තරම් ඉතා අවම අගයක් වෙනවා.

කෙසේ වුවත් මෙහි UTG glass එකක් අන්තර්ගත නොවීම යම් දුර්වලතාවයක් ලෙස ද හඳුන්වාදිය හැකියි.

මෙහි අනෙක් විශේෂත්වය නම් Fold කල විට තීර 2 දෙක මැද්දෙන් Galaxy Z fold 2 වල මෙන් හිඩැසක් දක්නට නොවීම වන අතර, Mate X 2, fold කළ විට තිර දෙක අතර ඉතාම තුනී හිඩසක් පමණක් දක්නට ලැබෙනවා.

මෙහි කැමරා පද්ධතිය දෙස අවධානය යොමු කිරීමේ දී, quad කැමරා setup එකක් දක්නට ලැබෙන අතර එය, 50mp wide lens එකක්, 12MP Telephoto Lens එකක්, 8mp periscope lens එකක් හා 16mp ultra wide lens එකකින් සන්නද්ධ කර තිබෙනවා.

මෙම කැමරා පද්ධතිය Leica සමාගමේ සහයෝගීත්වය හරහා නිර්මාණය කර ඇති අතර එයට 4K දක්වා video record කිරීමේ හැකියාව තිබෙන අතර, මෙහි Selfie සදහාද වෙනම 16mp කැමරාවක්ද ලබාදී තිබෙනවා.

එමෙන්ම 4,500mAh බැටරිය Huawei Super Charge 55w ඔස්සේ fast charge කල හැකි අතර, side mounted finger print පහසුකම සමඟින් Black, White, Light Blue, Rose Gold යන වර්ණ පරාසයන් වලින් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

256GB - 8GB RAM, 512GB - 8GB RAM ලෙස මාදිලි දෙකකින් Mate X2 නිකුත් කර තිබෙන අතර මෙම මාදිලි දෙකම Huawei Kirin 9000-5nm, 5G chipset එකකින් බල ගන්වා තිබෙනවා.

ඒ වගේම මෙම උපාංගය Android 10 සමඟ EMUI 11 version එක අන්තර්ගත කර තිබෙන අතර සුපුරුදු ලෙස මෙහි Google Services අඩංගු වන්නේ නැහැ.

මෙම උපාංගය පෙබරවාරි 25 වන දා සිට චීනය තුළ මිලදී ගැනීමේ හැකියාව ලබා ලබා දී තිබෙන අතර, මිල ගණන් වන්නේ 256GB version එක 2780$ ක් හා 512GB version එක 2940$ ක් ලෙසයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.