ඔබ YouTube channel membership පහසුකම හරහා YouTube channel සඳහා සහාය දක්වන්නේ නම් එහිදී මාසිකව ගෙවීම් සිදු කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ නමුත්, මේ වන විට YouTube ආයතනය මඟින් මේ සඳහා නව ගෙ‍විම් ක්‍රමයක් පරික්ෂා කරනු ලබන බව වාර්ථා වෙනවා.

ඒ අනුව ප්‍රංශයේ, ජර්මනියේ, ඉන්දියාවේ, ස්පාඤ්ඤය සහ එක්සත් ජනපදයේ තෝරාගත් පරිශීලකයින් හට අගෝස්තු 3 වැනි දින සිට මාස තුනක කාළසීමාවකට හෝ අර්ධ වාර්ෂික සාමාජිකත්වය සඳහා මුලින්ම ගෙවීම් සිදු කිරීම සඳහා ක්‍රමයක් ලබාදී ඇති බව YouTube නිර්මාණකරුවන් හට මෑතකදී YouTube ආයතනය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් YouTube සමාගම විසින් මේ ආකරයට මුදල් ලබා ගැනිමේදි කෙතරම් මුදලක් ඔවුන් වෙත ලබා ගන්නවාද යන්න පිළිබඳව පැහැදිලි වාර්ථාවක් නොවන නමුත් මේ හරහා video නිර්මාණය කරන්නන් හට ඉදිරි කාළය පිළිබඳව නිශ්චිත අදහසක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට සඳහා Android Police වෙබ් අඩවිය සහ නිළ Google support වෙබ් අඩවිය භාවිතා කළ හැක.