ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බවට මි‌ට පෙර අප විසින් ඔබව දැනුවත් කරනු ලැබුවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Twitter, Facebook සහ Instagram ගිණුම් තාවකාලිකව block කිරීමට එම සමාගම් කටයුතු කරයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social mediaaccounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බව මේ වන විට වාර්තාවෙනවා. මේ අනුව Facebook සහ Instagram ආයතන විසින් පැය 24ක කාලයකටත්, Twitter ආයතනය විසින්පැය 12ක කාලයකටත් මෙම ගිණුම් block කිරීමට කටයුතු කර ඇති අතර ම…

YouTube සමාගම විසින් Twitter පණිවිඩවයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක විසින් YouTube policies උල්ලංගණය කර ඇති හේතුව නිසා ඔහුගේ නාලිකාවට පළමු strike එකක් ලබා දි ඇති අතර මෙය අවම වශයෙන් දින 7ක කාලයක් ක්‍රියාත්මක වේ යැයි පැවසෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක  දින නියමයක් නොමැතිව comments දැමිමේ හැකියාව අත්හිටුවා ඇති බවට වාර්ථා වන නමුත් සාමාන්‍යයෙන් YouTube සමාගම මෙම පියවර අනුගමනය කරනු ලබන්නේ බාල වයස්කරුවන් ආරක්ෂා කිරීම අරමුණු කරගෙනයි.

ඉදිරිය දෙස බලන විට, පළමු strike එක ලැබී දින 90 ක කාලයක් තුළ YouTube policies උල්ලංගණය කර දෙවන හා තුන්වන strike එම නාලිකාවට යොමු උවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක permanently ඉවත් කිරීමට YouTube සමාගම කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.