YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTube ආයතනය සූදානම් වෙමින් සිටින බව මීට දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන් මේ feature එක iOS සහ Android මත YouTube Music app එක භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් සඳහා ලබාදීමට YouTube ආයතනය කටයුතු කරමින් සිටිනවා.

පරිශීලකයින් හට තමන් කැමති ගීත, albums මෙන්ම music video හෝ තමන් එම අවස්ථාවෙි සිටින mood එක අනුව ගීත සොයාගැනීමේ හැකියාව වැනි පහසුකම් කිහිපයක් මේ update එකට අන්තර්ගත වන අතර එහි ඇති දෑ ඔබට ගැලපෙන බව හැඟෙන්නේ නම් “See all” යන option එක හරහා සම්පුර්ණ List එකම බැලීමේ හැකියාව තිබෙනවා.
Check out some new features on #YouTubeMusic. Introducing the Explore Tab, where you can find new releases and browse playlists by mood, and Song Lyrics to sing along to your favorites. Now available for Android and iOS users → https://t.co/WgHKyzT2vn pic.twitter.com/Dj4gX1AQpK
— YouTube Music At Home (@youtubemusic) May 6, 2020
මීට අමතරව අපි පෙර සඳහන් කළ ආකාරයට අදාල music tracks සඳහා lyrics, එහෙමත් නැතිනම් ගී පද සඳහා සහාය ද මෙයට අන්තර්ගත වෙන අතර YouTube Music නොමිලයේ හෝ මුදල් ගෙවා භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් හට මෙම පහසුකම් සියල්ලම ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5googleවෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක