TikTok සමගින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වන බව අප ඔබව මින් පෙර දැනුවත් කරනු ලැබුවා මතක ඇති.

TikTok සමඟින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වෙයි
කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ App එකක්ලෙස Tik Tok හඳුන්වා දිය හැකියි. එය කෙතරම් ජනප්‍රිය වූයේද යත් පසුගිය වසර කිහිපය පුරා පරිශීලකයන් මිලියන 800 ක් පමණදෙනා TiK Tok වටා එකතු වූ අතර සෑම වසරකම එය පෙර වසරට වඩා 15% ක වර්ධනයක් පෙන්නුම්කරනු ලැබුවා. මෙයට ලැබුණු අස…

කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ app එකක් ලෙස Tik Tok හඳුන්වාදිය හැකි අතර මේ සඳහා තරඟ කිරීමට Instagram සඳහා Reels නම් විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කිරීමෙන් පසුව දැන් YouTube ආයතනයද, Shorts නම් වූ අලුත් විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබලමින් සිටින බව වාර්ථා වෙනවා.

TikTok තහනමෙන් පසු Instagram වල Reels විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කරයි
ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok ඇතුළු තවත් apps ගණනාවක් අවහිර කර දැමීමට ඉන්දියානුරජය පියවර ගත් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයිඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වලදේශසීමා න…

YouTube Shorts මගින් තප්පර 15 ක් ඇතුලත music එකකට video එකක් නිර්මාණය කිරීමට පරිශිලකයන් හට අවස්ථාව ලබාදී ඇති අතර YouTube සමාගම විසින් මේ සඳහා දැනටමත් music tracks විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බවත්, අනාගතයේදී තවත් music tracks එකතු වනු ඇති බවත්, XDA-Developers වෙබ් අඩවිය වාර්ථා කරනවා.

මෙම Shorts නැමැති විශේෂාංගය YouTube Home page එකෙහි දැක ගැනීමට හැකියාව ලැබෙන අතර පරිශීලකයන්ට එක් වීඩියෝවක සිට තවත් වීඩියෝවකට swipe කිරීම මගින් මාරු වීමට හැකියාව ලබාදී ති‍බෙනවා.

Shorts සඳහාද TikTok මෙන් සිත් ඇදගන්නා සුළු tools කිහිපයක් ලබාදී ඇති බව පෙනි යන අතර පරීශිලකයන් හට music තෝරා ගැනීමෙන් ඔබ්බට ගොස් video clips කිහිපයක් එකතු කිරීමට, clips වල වේගය පාලනය කිරීම සහ රූගතකිරීම සඳහා timer සහ countdown භාවිතා කිරීමටද මෙහිදී අවස්ථාව ලැබෙනවා.

YouTube - Apps on Google Play
Get the official YouTube app for Android phones and tablets. See what the world is watching -- from the hottest music videos to what’s trending in gaming, entertainment, news, and more. Subscribe to channels you love, share with friends, and watch on any device. With a new design, you can have fun …

මේ YouTube Shorts මේ වන විට ඉන්දියාව සඳහා නිකුත් කර ඇති අතර ඉදිරි මාසවලදී අනෙකුත් රටවල් සඳහාද ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Google India Blog අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.