කුඩා දරුවන් හට ඔවුන්ගේ වයසට ගැළපෙන content තෝරාදීම සඳහා YouTube සමාගම විසින් YouTube Kids සේවාව 2015 වර්ෂයේදී mobile devices සඳහා app එකක් ලෙස දියත් කරනු ලැබුවා.

එතැන් සිට, YouTube සමාගම විසින් විවිධ smart TVs වෙත YouTube Kids app එක ලබාදීමට කටයුතු කළ අතර අවසානයේදී desktop version එකක් ද launch කරමින් මෙම platform එක හරහා වසර ගණනාවක් තිස්සේ child-friendly content පෙන්විමට කටයුතු කරමින් පවතින්වා.

ඔන්න දැන් මේ සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමින් Apple TV සඳහා වන App Store එකට YouTube Kids App එක ඇතුලත් කර ඇති අතර, Apple TV භාවිතා කරන පරිශීලකයින් හට download කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

‎YouTube Kids
A video app made just for kidsYouTube Kids was created to give kids a more contained environment filled with family-friendly videos on all different topics, igniting your kids’ inner creativity and playfulness. Parents and caregivers can guide the journey as your kids discover new and exciting inte…

මෙය 4K සහ HD යන versions දෙකෙන්ම ක්‍රියාත්මක වන අතර “Hey Siri, open YouTube Kids” යන විධානය පැවසිමෙන්, sign-in වීමකින් තොරව මෙම සේවාව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම දෙමාපියන්ට ඔවුන්ගේ phone හො tablet මගින් එහි settings control කිරිමටද හැකියාව ලබා දී ඇති අතර වෙනත් device එකකින් අදාල settings සකස් කරන්නේ නම් ඒවා apply වීම සඳහා අදාල device එකේ ද sign-in වී තිබීම අවශ්‍යය වෙනවා.

පොදුවේ ගත් කල, ප්‍රධාන YouTube app එක ජනප්‍රිය kids channels සහ educational content වලින් පිරී තිබුණද ළමයින් සඳහා අවදානම් සහිත ස්ථානයක් වන අතර මේ සේවාව හරහා දරුවන් විවිධ අකටයුතුකම් වෙත යොමු කරගැනීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීම නිසාවෙන් YouTube ආයතනයට විවිධ ගැටළු රාශීයකට මුහුණ දීමට සිදු වුණා.

Children’s Online Privacy Act (COPPA) එක කඩ කරමින් YouTube මතදී දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම හේතුවෙන් ඩොලර් මිලියන 170ක දඩ මුදලක් ගෙවීමට YouTube සමාගමට සිදු වූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

YouTube මත දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම හේතුවෙන් ඩොලර් මිලියන 170ක දඩයක් නියම වෙයි
YouTube මත වන දරුවන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වූ නඩුවකට ලැබුණු තීන්දුව අනුව,ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක දඩ මුදලක් ගෙවීමට සහ, අදාල ආරක්ෂිත ක්‍රියාමාර්ගගැනීමට Google සමාගම පසුගිය දා එකඟ වී තිබෙනවා. වයස අවුරුදු 13ට අඩු ළමා නරඹන්නන් විවිධ අයුරින් track කර, එම දත්ත වෙළඳදැන්වීම්ඉලක්ක කිරීම සඳහා භාවිතා ක…

YouTube Kids හරහා පෙන්වනු ලබන videos තවමත් බොහෝ දුරට ඔවුන්ගේ algorithms මගින් filter කර ලබා ගන්නා ඒවා වන අතර දරුවන් හට නුසුදුසු content තවමත් YouTube Kids App එකේ වුවද දිස්විය හැකි නමුත් ළමයින්ට හානිකර content ළමයින් නැරඹීමෙන් වලක්වා ගැනීමට දෙමාපියන්ට උදව් කළ හැකි තවත් විශේෂාංග YouTube Kids මගින් ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.