YouTube Android App එක තුල යම් දෙයක් search කල විට එ‍යට අදාල YouTube Videos සමග Google Search results ද පෙන්වන පහසුකමක් ගැන මේ වන විට වාර්ථා වෙනවා.

පහත දැක්වෙන screenshot එකෙහි දැකිය හැකි පරිදි search results වල සුපුරුදු පරිදි වීඩියෝ කිහිපයක් ඇති අතර එයින් පසුව Google Search result එකක් ද ඇතුළත් නව “Results from the web”  යනුවෙන් card feature එකක් ඇතුලත් කර ඇති බව reddit පරිශීලකයෙකු පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ පහසුකම Google සමාගමේ YouTube වල සිදු කරනු ලබන පරීක්ෂණ හා අත්හදාබැලීම් ලැයිස්තුවේ ද අන්තර්ගත නොවන අතර Android Police වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ කිසිඳු පරිශීලකයෙකු හට ‍මේ පහසුකම තවමත් ලැබී නොමැති බැවින් වැඩිදුර තොරතුරු වාර්ථා කිරීම අපහසු බවයි.

බොහෝ විට Google සමාගම විසින් තෝරාගත් පරිශීලකයින් පිරිසක් හට පමණක් server-side flag එකක් භාවිතා කරමින් මෙම පහසුකම ලබාදී ඊට අදාල අත්හදාබැලීම සිදු කරනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Reddit වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක