Microsoft සමාගම විසින් "Your Phone" App එක සදහා නව update එකක් නිකුත් කර ඇති අතර ඒ හරහා Windows 10 වල සිට ඔබගේ Android ජංගම දුරකථනයේ play වන audio පරිගණකය හරහා control කිරිමේ හැකියාව ලබාදී තිබෙනවා.

මෙම "Your Phone" App එක පිලිබදව අපි මිට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

Windows 10 සමඟින් ඔබගේ ජංගම දුරකථනය සම්බන්ධ කරන Microsoft Your Phone App එක
Microsoft සමාගම විසින් ඔවුන්ගේ Your Phone කියන app එක මීට ටික කාලයකට කලින් Windows 10 Insider version [https://insider.windows.com/en-us/] එක භාවිතාකරන්නන්ට නිකුත් කර පරීක්ෂා කරන්නට කටයුතු කළා සමහර විට ඔබට මතක ඇති. ඔන්න දැන් මේ Your Phone app එක Windows 10 සාමාන්‍යය (stable) version එකක් භාවිතාක…

Song titles සහ Album arts දුරකථනය හරහා මෙයට sync වන අතර play, pause, previous/next වැනි දෑ තමන්ගේ Your Phone App එක මගින් පාලනය කිරිමට ඉඩ ලබා දෙනවා.

මීට අමතරව Spotify, Pandora, Amazon Music, Google Play Music, YouTube Music, Xiaomi Music, සහ Google Podcast ඇතුළු බොහෝ third-party Android music apps සඳහා ද සහය දක්වනු ලැබෙන බව Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.

කොහොහ වුණත් මෙම පහසුකම භාවිතා කිරීම සඳහා Windows 10 භාවිතා වන පරිගණකයක් මෙන්ම ඔබේ ජංගම දුරකථනයේ Android 7.0 Nougat හෝ ඉන් පසු පැමිණි Android version එකක් තිබිම අවශ්‍ය වේ.

මෙම වෙනස්කම් වලට සමගාමිව Windows 10 හි search results වල coronavirus පිළිබඳව තොරතුරු ඇතුලත් කිරීමටද මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කර ඇති අතර මෙය Windows 10 භාවිතා කරන සියලුම පරිශීලකයන් හට පෙන්වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය , XDA-Developers වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක