මේ වෙනකොට අපි වෙළඳපොලෙන් මිලදීගන්නා Wi-Fi router එකක තිබෙන Wi-Fi version එක කුමක්ද යන්න සොයා බැලුවහොත් එය Wi-Fi 802.11ac වැනි මතකයේ තබාගැනීමට අපහසු version number එකකින් සමන්විත වන බව ඔබට පෙනී යාවි.

මේ වන තුරු Wi-Fi version එක හඳුනාගැනීම සඳහා භාවිතා කරන ලද්දේ අදාල wireless standard එක පසුපසට අකුරක් හෝ කිහිපයක් එකතු කිරීමෙනි.

මේ අනුව දැනට භාවිතා වන සංස්කරණය 802.11ac සහ මීට කලින් 802.11n, 802.11g, 802.11a, සහ 802.11b යනුවෙන් Wi-Fi version කිහිපයක්ම පැවතුණු අතර දැන් ඒ ක්‍රමය වෙනස් කරමින් සරළ version number ක්‍රමයක් ගෙන ඒමට Wi-Fi Alliance එක  කටයුතු කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ දැනට තිබෙන Wi-Fi standard සහ ඒවා අලුතින් හැඳින්වීම භාවිතා කරනු ලබන version number පද්ධතියයි.

  • Wi-Fi 1: 802.11b
  • Wi-Fi 2: 802.11a
  • Wi-Fi 3: 802.11g
  • Wi-Fi 4: 802.11n
  • Wi-Fi 5: 802.11ac -> දැනට භාවිතා වන සංස්කරණය

Wi-Fi Alliance යනුවෙන් හඳුන්වන්නේ Wi-Fi වල කළමනාකරණ කටයුතු මෙහෙයවනු ලබන ලාභ නොලබන ආයතනයක් වන අතර Wi-Fi යන trademark එකේ හිමිකාරීත්වයත් Wi-Fi Alliance විසින් දරනවා.

පසුගිය ඔක්තෝම්බර් 3 වැනිදා මේ Wi-Fi Alliance එක මගින් Wi-Fi වල අලුත්ම සංස්කරණය වන Wi-Fi 6 එහෙමත් නැතිනම් 802.11ax standard එක ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන ලද අතර ඉහත සඳහන් වන ආකාරයේ icons මගින් අදාල Wi-Fi version එක ඉදිරියේදී නිෂ්පාදනය වන උපාංග සඳහා භාවිතා කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් කිරීමටත් ඔවුන් කටයුතු කරනු ලබනවා.

මෙම icons භාවිතා කිරීම මඟින් පරිගණකය, ටැබ්ලට්, ස්මාර්ට් ෆෝන් හෝ වෙනත් උපකරණ භාවිතා කරන විට ඒවාට සම්බන්ධ වන WiFi ජාලයේ සංස්කරණය පිළිබඳව ක්ෂණිකව අවධානය යොමු කිරීමට සහ දැනුවත් කිරිමට පහසු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිලිබද වැඩිදුර තොරතුරු දැන ගැනිමට theverge වෙබ් අඩවිය සහ thehackernews වෙබ් අඩවිය භාවිතා කල හැක.