ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක් ලැබීමට නියමිත අතර, එම update එක සමඟ නව privacy policy එකක් සඳහා විමසීමක්ද ඔබට ලැබීමට නියමිතයි.

මෙම නව privacy policy එක මඟින් ඔබ විසින් WhatsApp සඳහා භාවිතා කරන ජංගම දුරකථන අංකයද ඇතුළුව ඔබේ ඔනෑම WhatsApp පරිශීලක දත්තයක් Facebook සමඟ share කරගැනීමට හැකියාව ලැබෙන කොන්දේසියක්ද ඇතුළත් වන අතර, ඔබ එම කොන්දේසියට එකඟ නොවන්නේ නම්, ඔබට තවදුරටත් WhatsApp භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සියලුම පරිශීලකයන් 2021 පෙබරවාරි 8 වන දින වන විට මෙම නව කොන්දේසි වලට එකඟ විය යුතු වන අතර, එමඟින් ඔබේ තොරතුරු රහසිගතව තබා නොගෙන ඒවා WhatsApp හි හිමිකරු වන Facebook ආයතනය සමඟ බෙදා ගැනීමේ කොන්දේසියකට ඔබට එකඟ වීමට සිදුවෙනවා.

එමෙන්ම දැනට මෙම කොන්දේසි වලට එකඟ නොවීමට Not now (පසුව සලකා බැලීම) option එකකට යෑමට ඔබට හැකියාව තිබෙන නමුත්, එය දිගින් දිගටම සිදු කළ නොහැකි අතර, ඔබට තවදුරටත් WhatsApp භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මෙම නව කොන්දේසිවලට ඉදිරියේ දී එකඟවීම කළ යුතු වෙනවා.

මෙම තොරතුරු ලබා ගැනිමට හරහා WhatsApp සේවාවන් සැපයීම, වැඩිදියුණු කිරීම, ව්‍යාප්ත කිරීම, customize කිරීම ආදී සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව තිබෙන බව Facebook සමාගම පෙන්වා දෙනවා.

Privacy Policy - Feb 2021
WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

කෙසේ වුවත් WhatsApp chat එකක් end-to-end encrypted නිසා, ඔබේ chat එකක අන්තර්ගතය Facebook සමාගමට ලබා ගැනීමට නොහැකි බව පෙනී යන අතර, මෙලෙස ලබා ගනු ඇත්තේ ඔබේ දුරකථන අංකය, ඔබේ profile එකේ ඇති වෙනත් දත්ත, status වැනි දේ විය හැකි බව විශ්ලේෂකයින් මත පළ කරනවා.

එමෙන්ම GDPR, එහෙමත් නැතිනම් General Data Protection Regulation එක නිසාවෙන් european union එකට අයත් රටවල් වල සිටින WhatsApp පරිශීලකයින් හට මෙම policy එක අදාල නොවන අතර, ඔවුන්ගේ දත්ත advertisement පෙන්වීම හෝ වෙනත් කිසිඳු කටයුත්තකට Facebook සමාගමට ලබාගැනීමට නොහැකි වෙනවා.

මේ අනුව ඔබ තවදුරටත් WhatsApp භාවිතා කිරීමට තීරණය කරන්නේ නම් මෙම කොන්දේසි වලට එකඟ වීමට සිදු වනු ඇති අතර මෙම නව කොන්දේසි වලට ඔබ එකඟ නොවන්නේ නම්, ඔබට Signal, Telegram වැනි වෙනත් විකල්පයක් වෙත මාරු වීමට සිදු වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ XDA-Developersවෙබ් අඩවිය භාවිතා කළ හැක.