පසුගිය මාසයේ WhatsApp Beta සංස්කරණය මාර්ගයෙන් අත්හදා බළන්නට කටයුතු කළ පහසුකමක් වන iOS මතදී WhatsApp හරහා Group call ලබා ගැනීම පහසු කරවන ක්රමයක් මේ වන විට iOS මත WhatsApp භාවිතා කරන සියළුදෙනාටම ලබා දීමට WhatsApp සමාගම කටයුතු කර තිබෙනවා.
මේ අනුව සෘජුවම Group call ලබා ගැනීම සඳහා New Call screen එක මතට අලුත් shortcut එකක් එකතු කර ඇති බව වාර්ථා වන අතර මේ update එක ලබා ගැනීමට නම් iOS 8.0 හෝ ඊට පසුව නිකුත් වූ iOS සංස්කරණයක් තිබිය යුතු වෙනවා.
At moment of the 2.18.110 official update on the AppStore, WhatsApp has also remotely enabled the new group call shortcut! https://t.co/p0FtuNus0y
— WABetaInfo (@WABetaInfo) December 10, 2018
මෙහිදී New Group Calling නම් Button එක තෝරා ගැනීමෙන් Calling පහසුකම සහිත screen එක විවෘත වන අතර එහිදී අපට group call එකට එකතු කරගත යුතු පුද්ගලයන් තෝරා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම පහසුකම Android වලට අදාල beta සංස්කරණයන්හි ද දැකියහැකි වුවත් තවමත් Android දුරකතන සදහා ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර නොමැති අතර නුදුරේදීම Android පරිශීලකයින් හට ද මෙම පහසුකම ලැබෙනු ඇත.
iPhone පරිශීලකයන් හට App Store එකට පිවිසීම මගින් මෙම නවතම සංස්කරණය download කර ගැනීමට හැකියාවක් පවතින අතර මෙම සංස්කරණය 137.5 MB විශාලත්වයකින් යුක්ත වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා Tech Genyz වෙබ් අඩවිය භාවිතා කළ හැක.