Viber හෝ අනෙකුත් messaging app හැම එකකම වගේ අදාල app එකේ backup එක වැඩ කරන්නේ ඔවුන්ටම අයිති වුණු servers හරහා වුණත්, WhatsApp එක මේ messages backup කිරීමට භාවිතා කරන්නේ අදාල භාවිතා කරන්නාගේ Google Drive එකයි.

ඔයා කවදාහරි WhatsApp chat history එක backup කරලා තියනවා නම් මේ විදිහට Google Drive එකේ backup කරන WhatsApp messages වලට යන ඉඩ ප්‍රමාණය ඔයාගේ Google Drive space එකෙන් අඩු වෙනවා දැකලා ඇති.

නමුත් ඔන්න දැන් Facebook සමාගම සහ Google සමාගම මේ WhatsApp backup වලට යන ඉඩ ප්‍රමාණය භාවිතා කරන්නාගේ Google Drive ඉඩ ප්‍රමාණයෙන් අඩු නොකිරීමට අළුත් එකඟත්වයකට පැමිණ තිබෙනවා.

ඒ වගේම මේ backup පහසුකම භාවිතා කරන්නෙක් නම් පසුගිය දවස් කිහිපය ඇතුලත ඔයාට මේ අළුත් news එක පිළිබඳව Google සමාගමෙන් මේ වගේ email එකක් එවන්න කටයුතු කර තිබෙනවා.

Change-to-WhatsApp-Backups-in-Google-Drive-tech-news-sri-lanka

මේ අනුව ඔයා අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේ WhatsApp backup කිරීමට කටයුතු කර නැතිනම් දැනට Google Drive එක තුල තැම්පත්ව ඇති backup files මකා දැමීමට කටයුතු කරන බවත් මෙයින් පසුව backup කරනු ලබන දත්ත සඳහා අපේ Google Drive storage එකෙන් ඉඩ ලබා නොගන්නා බවත් පැහැදිලි වෙනවා.

කොහොම නමුත් ඔයා අවුරුද්දක් ඇතුලත මේ backup option එක භාවිතා කර නැතිනම්, දැන්ම ඒ messages backup කිරීමෙන් ඔබේ පැරණි messages මැකී යාම නවත්වාගතහැකි වන බව වැඩිදුරටත් Google සමාගම ප්‍රකාශ කරනවා.

WhatsApp Settings -> Chats -> Chat backup හරහා ගොස් backup කිරීම සිදු කළ හැකි වෙනවා.

මේ පහසුකම මෙම වසරේ නොවැම්බර් 12 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙම දිනයට කලින් සමහර භාවිතා කරන්නන් හට මේ අළුත් පහසුකම අත් විඳීමට හැකියාව ලැබියහැකි බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.