ඔබ දැනටමත් දන්නා පරිදි බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් සාමාන්‍යය Android operating system එක මත ඔවුන්ගේ ම UI එකක් නිර්මාණය කරන අතර ඒ නිසාම Pure Android වලට ආසන්න අත්දැකීමක් ලබාගන්නට නම් ඔබට අනිවාර්යෙන්ම Google Pixel දුරකථනයක් හෝ Android One OS එක මගින් බළගැන්වෙන වෙනත් දුරකථනයක් හෝ මිලදී ගන්නට සිදු වෙනවා.
Samsung සමාගමේ විසින් OneUI, Huawei සමාගමේ EMUI, Xiaomi සමාගමේ MIUI, OnePlus සමාගමේ OxygenOS, Vivo සමාගමේ FuntouchOS ආදිය මෙම Android skin වලට ජනප්‍රියම උදාහරණ ලෙස පෙන්වා දිය හැකි අතර මෙම සමාගම් අතරින් Vivo සමාගම සිය FuntouchOS එක වෙනුවට JoviOS නම් අලුත් UI එකක් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

කොහොම නමුත් JoviOS පිළිබඳව කිසිදු තොරතුරක් ඊට පසුව අනාවරණය නොවූ අතර 2020 වසර පුරාම නිකුත් වූ සියලුම Vivo දුරකථන වල ඇතුළත් වූයේ Funtouch operating system එකම බව දැකගත හැකි වුණා.
නමුත් නවතම වාර්තා විසින් පෙන්වා දෙන්නේ Vivo සමාගම විසින් Funtouch හා Jovi OS යන UI දෙකෙන්ම ඉවත්ව අලුතෙන්ම OrginOS නමින් අලුත් operating system එකක් හඳුන්වා දෙන්නට සූදානමින් සිටින බව වන අතර ජනප්‍රිය Weibo Leacker කෙනෙකු වන Digitalchatstation විසින් මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.
Blue Factory’s new system, Origin OS, has improved a lot, and has everything that should be available, and it is expected to be among the first echelon of Android customized UI.
— Digital Chat Station (@StationChat) October 26, 2020
ඔහු ප්‍රකාශ කරන අන්දමට වැඩි දියුණු කරන ලද නව පහසුකම් රැසක් මෙම නවතම UI එක හරහා පරිශීලකයින්ට ලබාදීමට Vivo සමාගම සූදානම් වෙනවා.
Digital Chat Station Twitter ගිණුම මගින් හෙළි කරන තොරතුරු අනුව මේ නවතම UI එක පිලිබඳව මෙම වසරේ නොවැම්බර් හා දෙසැම්බර් අතර කාලයේදී නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන අතර මෙම නවතම OrginOS , UI එක Vivo X60 දුරකථනය සමඟ හඳුන්වාදීමටද ඉඩ තිබෙන බව ඔහු අනුමාන කර තිබෙනවා.
කොහොම නමුත් දැනට මෙම UI එකේ Interface එක පිළිබඳව තවමත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර කුමන පැරණි Vivo ජංගම දුරකථන මාදිලි සඳහා මෙම නවතම UI එක ලබාදෙනු ලබන්නේ ද යන්න පිළිබඳව ද තොරතුරු වාර්තා වන්නේ නැහැ.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.