ලොව විශාලතම Payment Network එකක් වන Visa සමාගම මේ වන විට ඔවුන්ගේ Visa Payment Network එක භාවිතා කරමින් Cryptocurrency payments සිදු කිරීමේ හැකියාව ලබාදීමට සූදානමින් සිටිනවා.

Crypto.com ආයතනය සමඟ වන එකඟතාවයක් මත Ethereum blockchain එක භාවිතා කරමින් මෙම පහසුකම ලබාදීමට Visa ආයතනය කටයුතු කරනු ලබන අතර, මූලිකව USD Coin (USDC) cryptocurrency එක Visa payment network එක හරහා භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රථම cryptocurrency මුදල් ගණුදෙනුව අද සිදු කළ බව Visa ආයතනය ප්‍රකාශ කරනවා.

Visa Becomes First Major Payments Network to Settle Transactions in USD Coin (USDC)
With the direct acceptance of payments in USD Coin, Visa forges new connections between digital and traditional currencies. SAN FRANCISCO --(BUSINESS WIRE)--Mar. 29, 2021-- Visa (NYSE: V) today announced a major industry first in bridging the worlds of digital and traditional fiat currencies: the

Visa ආයතනය විසින් මේ දක්වා භාවිතා කළ ක්‍රමවේදය වන්නේ Visa payment network එක භාවිතා කරමින් යම්කිසිවෙකු cryptocurrency මිලදීගන්නේ නම්, ඊට අදාල වටිනාකම fiat currency, එනම් රජය විසින් නිකුත් කරන USD වැනි මුදල් ඒකක වලට පෙරලා Visa ආයතනයේ ගිණුමට බැර කිරීමට කටයුතු කිරීමයි.

මෙහිදී cryptocurrency, fiat currency බවට convert කිරීමේදී conversion rate එකක් අදාල වන බැවින් ඒ සඳහා අමතර මුදලක් වැය කිරීමට සිදු වෙනවා.

කොහොම නමුත් මේ අලුත් ක්‍රමවේදය හරහා Crypto.com වැනි partner කෙනෙකු හරහා Visa card එකක් භාවිතා කරමින් cryptocurrency මිලදීගන්නා විට, එම ආයතන වලට අදාල වටිනාකම Visa සමාගමේ USDC wallet එකට සෘජුවම බැර කිරීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඉදිරියේදී Coinbase, BlockFi, Bitpanda වැනි තවත් digital currency platform 35කට අධික ප්‍රමාණයක් සමඟින් මෙම හැකියාව integrate කිරීමට Visa සමාගම සූදානමින් සිටින බව වාර්තා වෙන අතර මේ හරහා digital currency භාවිතා කරන පරිශීලකයින් මිලියන 50ක පමණ ප්‍රමාණයක් දෙනා හට සේවාව ලබාගත හැකි වෙනවා.

මේ අනුව නුදුරේදීම Visa card එක භාවිතා කරමින් Visa card accept කරන වෙළඳසැල් වලට cryptocurrency වලින් මුදල් ගෙවීමේ හැකියාව මේ හරහා ලොව පුරා සිටින Visa card හිමිකරුවන් හට ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Visa Newsroom වෙබ් අඩවිය සහ Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.