Ubuntu මෙහෙයුම් පද්ධතියේ හිමිකරු වන Canonical ආයතනය විසින් පසුගිය ඔක්තෝම්බර් 22 වැනි දින ඔවුන්ගේ නවතම සංස්කරණය වන Ubuntu 20.10, එහෙමත් නැතිනම් Groovy Gorilla සංස්කරණය එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
මෙම සංස්කරණය සමඟින් Raspberry Pi භාවිතා කරන්නන් හට ඉතාමත් හොඳ පුවතක් වාර්තා වන අතර, මේ හරහා Rasberry Pi සඳහා full desktop experience එකක් ලබාදීමට මේ Ubuntu 20.10 සංස්කරණය හරහා කටයුතු කර තිබෙනවා.
මේ අනුව පසුගිය වර්ෂයේදී එළිදැක්වුණු Raspberry Pi 4 මාදිලිය මත මෙන්ම 4GB සහ ඊට ඉහළ RAM එකක් ඇති Raspberry Pi 2 සහ 3 යන මාදිලි වලද මෙය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වන අතර ඊට පහළ මාදිලි වලටද මෙය install කළහැකි වුවත්, එය ඉතාමත් slow අත්දැකීමක් වනු ඇති බව ද වාර්තා වෙනවා.
මීට අමතරව 2-in-1 devices සඳහා ද on-screen keyboard එක සහ තවත් බොහෝමයක් devices සඳහා fingerprint readers ද ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඉහත link එක හරහා ගොස් ඔබගේ Raspberry Pi මාදිලියට ගැලපෙන Ubuntu සංස්කරණය download කරගත හැකි අතර ඒ සඳහා අවශ්‍යය වන tutorial එකක් ද ලබාදීමට Canonical ආයතනය කටයුතු කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Ubuntu වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.