ලොව ප්‍රසිද්ධතම video game company වලින් එකක් වන Ubisoft සමාගම විසින් Apple සමාගම සහ Google සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Ubisoft සමාගමේ ප්‍රසිද්ධ game එකක් වන Tom Clancy’s Rainbow Six: Siege game එකෙහි copy එකක් ලෙස, Alibaba ආයතනයට අයත් Ejoy නම් වූ සමාගම විසින් Area F2 නම් වූ game එකක් නිර්මාණය කිරීමත්, එම game එක Google Play Store සහ Apple AppStore එක හරහා අලෙවි කිරීමේ හැකියාව ලබාදීමත් මෙම නඩුවට හේතු වී තිබෙනවා.

Tom Clancy’s Rainbow Six Siege | Ubisoft® (US)
Official Website. Master the art of destruction and gadgetry in Tom Clancy’s Rainbow Six Siege. Face intense close quarters combat, high lethality, tactical decision making, team play, and explosive action within every moment. Available on Xbox One, PS4, and PC.
Rainbow Six: Siege

Rainbow Six: Siege game එක සඳහා මේ වන විට ලොව පුරා මිලියන 55ක් පමණ වන ක්‍රීඩකයින් ප්‍රමාණයක් එකතු වී සිටින බවත්, දිනපතා මෙය ක්‍රීඩා කරන පිරිස මිලියන 3ක් පමණ වන බවත් පෙන්වා දෙන Ubisoft සමාගම ප්‍රකාශ කරන්නේ මේ Area F2 නමු වූ game එක මෙහි carbon copy එකක් වන බවත්, සියළුම screen පවා එක සමාන ලෙස නිර්මාණය කර ඇති බවත් ය.

Area F2: First CQB FPS on Mobile
A new realistic FPS experience on mobile! Shatter walls and get innovative approaches to attack!
Area F2

Ubisoft සමාගම විසින් මේ පිළිබඳව Apple සමාගම සහ Google සමාගම නිළ වශයෙන් දැනුවත් කිරීමක් සිදු කර ඇති නමුත් එම සමාගම් තමන්ගේ stores වලින් එය ඉවත් කිරීමට කිසිඳු පියවරක් නොගත් බැවින් මෙම තීරණය ගැනීමට සිදු වුණු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.