Uber කියන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුලත් බෙහෝ ජනප්‍රිය ප්‍රවාහන ජාලයක් බවට පත් වී හමාරයි. නමුත් අපි නිතරම නොහිතන විදිහේ ගැටළු වලට මේ Uber රියදුරන් හට මුහුණ දීමට සිදු වෙනවා.

ඔබ දැනට Uber එකේ රියදුරෙක් නම් බීමත් කෙනෙකු සමඟ hire එකක් යාමට සිදු වීමේදී ඇතිවන ගැටළු සහගත අවස්ථා පිළිබඳව අත්දැකීම් දැනටමත් ලැබී ඇති. නමුත් මේ වන විටත් එම අවස්ථා වෙනුවෙන් වැඩි දෙයක් කිරීමට ඔබට අවස්ථාවක් නැති බවත් ඔබ හොඳින්ම දන්නවා ඇති.

ඔන්න ඒ ගැටළුව Artificial Intelligence භාවිතා කරමින් විසඳන්න ‍Uber සමාගම සැරසෙන බව ඔවුන් මේ වෙනුවෙන් යොමු කර ඇති patent application එක අනුව පෙනී යනවා. මේ අනුව යම්කිසි පුද්ගලයෙකුගේ hire එකක් පිළිගැනීමට පළමුව ඔහු හෝ ඇය බීමතින් සිටීදැයි පරීක්ෂා කර බැලිය හැකි system එකක plan එකක් ගැන තමයි ඔවුන් මෙහි සඳහන් කරන්නේ. 2016 වර්ශයේදී Uber සමාගමේ Trust & Safety team එක විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර මෙම patent application එක publish කරනු ලැබුවේ පසුගිය ජුනි 7 වැනිදා ය.

Uber-drunken-passenger-techie

එමෙන්ම මෙම පද්ධතිය තම පාරිභෝගියන් බීමතින් සිටීදැයි හඳුනාගැනීම සඳහා, ඔවුන් type කරන වේගය, typos එහෙමත් නැත්නම් type කිරීමේදී සිදුවන වැරදි මෙන්ම buttons මත tap කිරීමේ නිරවද්‍යයතාවය, ඔවුන් ඇවිදින වේගය සහ එම දින තුල ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය බිම වට්ටාගෙන ඇතිද යන්න පවා සැලකිල්ලට ගනු ලබයි.

මීට අමතරව hire එක ඉල්ලා සිටින වේලාව, ඉල්ලා සිටින ප්‍රදේශය අවට liquer shop ඇති නැති බව වැනි කරණු ද මෙම algorithm එක මගින් සැළකිල්ලට බඳුන් කරයි.

Uber-drunken-passenger-notification-techie

මේ අනුව මෙම පද්ධතිය මගින් තම පාරිභෝගිකයා බීමතින් යැයි හඳුනාගතහොත් රියදුරු වෙත hire එක ලබාගැනීමට ප්‍රථමව notification එකක් මගින් ඒ ගැන දැනුම් දෙයි. එමෙන්ම hire එක සඳහා රියදුරන් තෝරා දීමේදී එම ප්‍රදේශය පිළිබඳව වැඩි අවබෝධයක් ඇති රියදුරන් තෝරා දීමටද ප්‍රමුඛතාවයක් දක්වයි.

Uber සමාගම පවසන ආකාරයට පසුගිය අවුරුදු 4 ඇතුලත මේ හා සම්බන්ධ පැමිණිලි 100ක් පමණ ලැබී ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන් මේ වන තුරු ප්‍රසිද්ධියේ අදහසක් ප්‍රකාශ කර නැහැ. මේ system එක Uber එකට එකතු වෙනතුරු ඉහත සඳහන් කළ බීමත් පාරිභෝගියන් සම්භන්ධව කළහැකි කිසිවක් ගැනද ඔවුන් සඳහන් කරන්නේ නැහැ.