මීට දින කිහිපයකට පෙර ලොව ධනවතුන් අතර අංක එකේ සිටි Elon Musk විසින් Twitter සමාගම මිලදී ගැනීමෙන් පසුව Twitter සමාජ මාධ්‍ය වේදිකාව තුළ විවිධ වෙනස්කම් සිදු කිරීමට පෙළඹුන අතර Twitter හි සේවකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමටද ඔහු විසින් කටයුතු කරනු ලැබුවා.

පසුගිය දින කිහිපය පුරාවටම Twitter සමාජ මාධ්‍ය වේදිකාව තුළ ඇති භාෂණයේ නිදහස පිළිබඳව දැඩි කතා බහක් පැවති අතර, පසුකාලීන ආධාරක ලිපියක (subsequent support article) සදහන් කර තිබුණේ Twitter සමාගම විසින් සමහර සමාජ මාධ්‍ය වේදිකාවන් නොමිලයේ ප්‍රවර්ධනය කිරීම වළකාලීමට කටයුතු කරන බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ විකල්ප සමාජ මාධ්‍ය ජාලා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාකරන twitter accounts suspended කිරීමට හෝ lock කිරීමට කටයුතු කරන බවයි.

ඒ අතරම Twitter සමාගම විසින් Elon Musk ව ආවරණය කරන ප්‍රමුඛ මාධ්‍යවේදීන්ගෙ account තහනම් කිරීමට කටයුතු කර ඇත. ඒ අතර CNN හි Donie O'Sullivan, The Washington post හි Drew Harwell, The NewYork Times හි Ryan Mac, Intercept හි Micah Flee, සහ Mashable හි Matt Binder වේ. මෙම මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය වේදිකාව තුළින් තහන් කිරීම පිළිබඳව උපහාසාත්මක මෙන්ම අවධාරණාත්මක ආකාරයේ Twitter පණිවුඩ පළ කර තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා.
So inspiring to see the newfound love of freedom of speech by the press 🥰
— Elon Musk (@elonmusk) December 16, 2022

තවද Twitter තුළ වෙනත් අයෙකුගේ real time location share කිරීම සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ මීට පෙර අවස්තාවකදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් Elon Musk ගේ පුද්ගලික Jet යානායේ realtime location එක track කරමින් නිර්මාණය කෙරුණ @ElonJet නැමැති Twitter Bot ගිණුම හා ඔහුට ඇති වූ personal safety risk එකත් සමඟයි.
My commitment to free speech extends even to not banning the account following my plane, even though that is a direct personal safety risk
— Elon Musk (@elonmusk) November 7, 2022
මීට පෙර භාෂණයේ නිදහස පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්වූ සමාජ මාධ්‍ය වේදිකාව ලෙස twitter හැඳින්වුවත්, Elon Musk විසින් ගන්නා මෙම ක්‍රියාමාර්ග සමඟ එය තව දුරටත් වලංගු නොවන බව වැටහෙනු ඇති. කෙසේ වෙතත් ඔහු විසින් තමන් Freedom of Speech එහෙමත් නැති නම් භාෂණයේ නිදහසට වැඩි ගරුත්වයක් දක්වන බව අවස්ථා ගණනාවකදී Twitter පණිවුඩ මඟින් අවධාරණය කර තිබුණා.

Short Text Publishing සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස Twitter තුළ බොහෝ දෙනෙක් වෙනත් සමාජ මාධ්‍ය නාළිකා ප්‍රවර්ධනයට කිරීමට පෙළඹුනේ නැති වුවත් තමන්ගේ නිදහස සහ privacy පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වන අයෙක් තව දුරටත් Twitter සමාජ මාධ්‍ය නාළිකාව භාවිතයට මැලි වනු ඇතැයි අපට සිතිය හැක.
කෙසේ නමුත් Elon Musk ගේ ක්‍රියාකලාපයන් සහ Twitter හි අනාගතය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන්නට පටන්ගෙන තිබෙන වාතාවරණයක ඔහු විසින් තමන් Twitter සමාගමේ ඉහල නිළතල වලින් ඉවත්විය යුතුද යන්න අසමින් Poll එකක් සමාජ ගත කිරීමට සිය Twitter ගිණුම හා කටයුතු කර තිබෙනවා.
Should I step down as head of Twitter? I will abide by the results of this poll.
— Elon Musk (@elonmusk) December 18, 2022
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Social Media Today වෙබ් අඩවිය සහ Screen Rant වෙබ් අඩවිය භාවිතා කළ හැක.