Apple සමාගම විසින් මේ දක්වා iPhone භාවිතා කරන සාමාන්‍යය පරිශීලකයින් හට apps install කරගැනීමට අවස්ථාව ලබාදුන්නේ ඔවුන්ගේ AppStore එක හරහා පමණක් වන බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

Android වලදී මෙන් apps sideload කිරීමේ හැකියාව හෝ, තෙවන පාර්ශවයීය app stores භාවිතා කිරීමේ හැකියාවක් iOS වල මේ දක්වා නොතිබූ නමුත්, මේ වන විට අලුත් iOS 17 සංස්කරණය සමඟින් මෙම හැකියාව ලබාදීමට Apple සමාගම සූදානම් වෙමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනවා.

Apple to Allow Outside App Stores in Overhaul Spurred by EU Laws
Apple Inc. is preparing to allow alternative app stores on its iPhones and iPads, part of a sweeping overhaul aimed at complying with strict European Union requirements coming in 2024.

කෙසේ නමුත් Apple සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ පරිශීලකයින්ගේ පහසුව තකා හෝ developer වරුන්ගේ ආර්ථික සුබසිද්ධිය උදෙසා නොවන අතර, යුරෝපා සංගමය විසින් මේ පිළිබඳව ගෙන ආ නීති වලට අනුකූල වීම සඳහා වන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම AppStore එක සහ එහි review process එක මෙන්ම එම review process එක සඳහා ගත වන ඉතා විශාල කාලය පිළිබඳව ලොව බොහෝ ප්‍රමුඛ පෙලේ සමාගම් විසින් පවා Apple සමාගම වෙත චෝදනා කර සිටි නමුත්, එම process එක වේගවත් කිරීම සඳහා Apple සමාගම මේ දක්වා කටයුතු කළ බවක් නම් පෙනෙන්නට නොතිබිණි.

මීට අමතරව Google සහ Apple සමාගම් විසින්, පිළිවෙලින් Google Play Store සහ Apple AppStore එක හරහා සිදු කරනු ලබන ගණුදෙනු (in-app purchases) වලින් 30%ක මුදලක් developer වරුන්ගෙන් ලබාගැනීමට කටයුතු කිරීම (සහ වෙනත් payment method භාවිතා කිරීමට හැකියාවක් ලබා නොදීම) පිළිබඳව ලොව පුරා developer වරුන්ගේ අප්‍රසාදය පළ වුණු අතර, Epic, Spotify වැනි සමාගම් විසින් ප්‍රසිද්ධියේම මේ සම්බන්ධයෙන් තම විරෝධය එල්ල කර සිටිනු ලැබුවා.

Spotify සමාගම විසින් Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරයි
Apple සමාගම තමන්ගේ App Store එක හරහා සිදු කරනු ලබන සෑම ගණුදෙනුවකදීම 30%ක කොමිස්මුලදක් ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව අපි මීට කලින් කතා කළා[/epic-games-is-launching-a-mobile-game-store-in-2019/] මතක ඇති. මේ අනුව App

මේ සමඟින් developer වරුන්ගේ මීළඟ option එක වූයේ 3rd-party app stores වෙත තම apps upload කිරීමයි. කෙසේ නමුත් Android වලදී මෙය සිදු කළ හැකි වුවත්, iOS වලදී තෙවන පාරශවයීය app stores ස්ථාපනය කිරීමේ හැකියාව Apple සමාගම විසින් ලබාදී නොතිබූ නිසාවෙන් ඔවුන් එහිදී Apple සමාගම විසින් තම platform එක තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල කරන්නට වුණා.

කෙසේ නමුත් යුරෝපා සංගමය විසින් පනවන ලද DMA (Digital Markets Act) එක 2024 වර්ෂයේදී බලාත්මක වීම ආරම්භ වන අතර, එම නීති අනුව, යුරෝපා සංගමයේ රටවල් ඇතුලත ක්‍රියාත්මක වන තාක්ෂණික දැවැන්තයින් හට 3rd-party app stores ඔවුන්ගේ platform මත ස්ථාපනය කිරීමේ හැකියාව ලබාදීමට බල කරනු ලබනවා.

මේ ආකාරයෙන්ම යුරෝපා සංගමය විසින් charging port එක සඳහා පැනැවූ නීති නිසාවෙන් iPhone සඳහා USB Type-C සහාය ලබාදීමට ද මේ වන විට කටයුතු කර තිබෙනවා.

iPhone ඇතුළු සියලුම Smartphone සඳහා USB Type-C cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි
Micro USB හා USB Type C යන port android ජංගම දුරකථන වල බහුලව භාවිතා වෙන අතර,එයිනුත් Micro USB port එක Android උපාංග වලින් ද ටිකෙන් ටික ඉවත්ව ඒවා USB Type Cවෙත මාරු

මීට අමතරව යුරෝපා සංගමය විසින් Apple ecosystem එකේ camera, NFC stack සහ browser engine එක වැනි අනෙකුත් components සඳහා ද මෙලෙස බලපෑම් කරනු ඇති බව Bloomberg වාර්තාව තවදුරටත් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම තවමත් Chrome සහ Firefox ද ඇතුළුව iOS මත ඇති සියළුම web browsers සඳහා Apple සමාගමේ WebKit engine එක භාවිතා කිරීම අනිවාර්යය කර ඇති අතර, Apple සමාගම එම ඒකාධිකාරය ද ඉවත් කරගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන් වෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී Apple සමාගම විසින් නිළ නිවේදනයක් නිකුත් කරනු ඇති බව ඔවුන් වාර්තා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.