පසුගිව වසරේ Twitter වල ඇති වූ bug එකක් නිසා පිටස්තර developers ලා හට Direct Messages කියවීමට අවස්ථාව ලැබී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන් තමන් විසින් follow නොකරන පුද්ගලයන්ට අයත් Tweets අහඹු ලෙස තම timeline එකේ පෙන්වන බව ලොව පුරා Twitter භාවිතා කරන්නන් විසින් චෝදනා කර තිබෙන අතර Twitter සමාගම විසින් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ තම platform එකෙහි ඇති වූ bug එකක් නිසාවෙන් බව ප්රකාශ කර තිබෙනවා.
Can you stop, Twitter? This is worse than ranked newsfeed on Facebook pic.twitter.com/04jRu9z3FU
— Jane Manchun Wong 📍🇨🇭 (@wongmjane) February 1, 2019
Seriously @Twitter , why am I seeing these? I'm not following these people and their tweets are clogging up my timeline. pic.twitter.com/5RJ4TrjLBs
— Graze ⭐Meme Star⭐ (@GrazeTwitch) January 31, 2019
@TwitterSupport Why is my timeline full of users I'm not following retweeting themselves?
— christian cain (@TN_WINS) February 1, 2019
මේ අනුව report කළ Tweets වල දකින්නට ලැබෙන පොදු ගුණාංගයක් වන්නේ එය පළ කළ පුද්ගලයා විසින්ම එය Retweet කළ බව පෙන්වීම වගේම අදාල පුද්ගලයාව පැමිණිලි කළ පුද්ගලයා විසින් follow කර නොමැති වීමයි.
නමුත් Twitter සමාගම පෙන්වා දෙන අයුරින්, මේවා ඇත්තටම තමන් දන්නා/follow කරනු ලබන පුද්ගලයෙකු විසින් retweet කරනු ලැබූ Tweets වන අතර Retweet කළ බව පෙන්වන පුද්ලයා වැරදියට පෙන්වීම පමණක් සිදුව තිබෙන බවයි.
මේ වන විට මෙම bug එක fix කිරීම සඳහා Twitter සමාගම කටයුතු කරමින් සිටියත් නිළ Twitter Support account එක හරහා මේ ගැන පැමිණිළි කළ පිරිසට පිළිතුරක් ලබා දීමට නම් කටයුතු කර නැහැ.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.