ඇමරිකාව තුළ TikTok පවත්වාගෙන යාම සඳහා දීර්ඝකාලීන විසඳුමක් සොයා ගැනීමට Trump සමඟ කටයුතු කරන බවද සමාගම සඳහන් කරනවා.
Tiktok නැවතත් සුපුරුදු පරිදි ඇමරිකාවේ සේවාවන් අරඹන බව නිවේදනය කරයි.
TikTok සමාජ මාධ්‍ය ජාලය එක්සත් ජනපදයේ තහනම් වීමත් සමඟ, ලොව පුරා බිලියන ගණනක් භාවිතා කරන මෙම App එක පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. තාක්ෂණික ක්ෂේත්රයේ චීන-ඇමරිකා බල අරගලය ගැන මෙය ඉතාම හොඳ නිදසුනක් විදිහටත් විද්වතුන් හඳුන්වා දෙනවා.
කොහොම නමුත් මේ තහනමෙන් ලොකුම අගතියට පත් වුණ මේ අතර, creators ලා තම audiance එක තමන්ගේ brands එක්ක රඳවා ගන්න සඳහා විවිධ උපක්‍රම යොදමින් ඉන්නවා. මේ හැමදේ ගැනම සැකෙවින් ඔබ වෙත මේ ලිපිය ඔස්සේ ඔබට කියවන්න පුළුවන්.
චීනයේ Douyin, Musical.ly හරහා TikTok දක්වා ආ මග
ByteDance සමාගම 2016 වසරේ Douyin නම් app එකක් තම මව්රට වන චීනයේ වෙළඳපොල වෙත හඳුන්වා දෙනවා. 2017 වසරේ දී චීනයෙන් එළියේ වෙළඳපොළක් හා නමක් තමන් වෙත නිර්මාණය කරගන්න අරමුණින් ByteDance සමාගම එවකට තරුණ තරුණියන් අතර ජනප්‍රිය lip-syncing app එකක් වන Musical.ly මිලදී ගන්නවා. ඉන් අනතුරුව TikTok ලෙසින් ජාත්‍යන්තරය වෙත ඔවුන් app එකක් නිකුත් කරනවා.
2017-2019 කාල වකවානුවේදී TikTok ඇමරිකාවේ වැඩිම download ප්‍රමාණයක් හිමි ජනප්‍රිය app එකක් බවට පත් වෙනවා. 2020 වසංගත තත්වය එක්ක TikTok භාවිත කරන හා ඒ වෙත content හදන පිරිසේ සීග්‍ර ඉහළයාමක් දැකගන්න පුළුවන් වෙනවා.
2021 වසරේ මැද භාගය වන විට මාසයකට TikTok භාවිත කරන පරිශීලකයන් ප්‍රමාණය බිලියනය ඉක්මවන්න සමත් වෙනවා. ඉන් මිලියන 170ක් ඇමරිකානු පරිශීලකයන්.
2025 වසරේ ජනවාරි මාසය වෙද්දී සමස්ත පරිශීලකයන් ප්‍රමාණය බිලියන 2.05 ලෙස සටහන් වෙද්දී 2025 අවසාන වෙද්දී මේ අගය පරිශීලකයන් බිලියන 2.14 දක්වා වැඩි වෙයි කියලා අනුමාන කරනවා.
ඇමරිකාවේ දේශපාලනය, ජාතික ආරක්ෂාව හා Tiktok තහනම - Timeline එක
- 2020 වසරේදී එවකට හිටපු ජනාධිපති Donald Trump විසින් ජාතික ආරක්ෂාව පදනම් කරගනිමින් TikTok සහ WeChat තහනම් කිරීමට උත්සාහ දැරූ නමුත්, ෆෙඩරල් අධිකරණ මගින් එම තහනම අත්හිටුවනවා.
- 2021 දී බලයට පත් Joe Biden හිටපු ජනාධිපති Trump ගේ යටතේ පනවන්න උත්සහ කල තහනම ඉවත් කර විදේශීය හිමිකාරිත්වය සහිත apps හා සේවාවන් පිළිබඳ පුළුල් සමීක්ෂණයක් ආරම්භ කරන්න කටයුතු කරනවා.
- 2022 වසරේදී ඇමරිකානු රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන් නිල රාජකාරි සඳහා භාවිත කරන උපාංග වලින් TikTok තහනම් කිරීම ආරම්භ වුණ අතර ම, දෙසැම්බර් මාසයේදී ෆෙඩරල් රජයේ උපකරණ වලින් TikTok තහනම් කිරීමේ පනත Biden ජනාධිපති වරයා විසින් අත්සන් කරනවා.
- 2023 ජනවාරියේ සෙනෙට් සභිකයෙකු වූ Josh Hawley ජාතික වශයෙන් TikTok තහනම් කිරීමේ පනතක් සෙනෙට් සභාවේදී ඉදිරිපත් කරනවා, නමුත් මෙය සභාවේ දී පසුව අහෝසි ව යනවා.
- 2023 වසරේදී Data Privacy Act එක සහ RESTRICT Act එක ඔස්සේ non-public personal data තුන්වන පාර්ශවයන් වෙත විකිරීම තහනම් කිරීම සහ ඇමරිකානු තොරතුරු තාක්ෂණ සේවා සහ නිෂ්පාදන වෙත තරඟකාරී වෙනත් රටවල් වල “foreign adversaries" ව්‍යාපාරික ගනුදෙනු සමාලෝචනය කිරීමට Secretary of Commerce වෙත බලය ලබා දෙනු ලැබුණා.
- 2024 මාර්තු මාසයේදී Protecting Americans from Foreign Adversary Controlled Applications Act(PAFACA) පනත සම්මත වුණ අතර, එමගින් දින 180ක් ඇතුළත ByteDance සමාගම එහි ඇමරිකානු කොටස් අත්හැර දැමීමට අසමත් වුවහොත් Tiktok තහනමක් සිදු කරන්න යෝජනා වුණා.
- 2024 අප්‍රේල් මාසයේදී, U.S. House of Representatives ලා විසින් විදේශ H.R. 8038 සම්මත කළ අතරම මෙම පනතට අනුව ByteDance දින 270ක් ඇතුළත තම කොටස් විකුණා නොදැමුවහොත් ටික්ටොක් තහනම් කිරීමේ විධිවිධානයක් ද ඇතුළත් වුණා. (මෙයට තවත් දින 90ක කාල දීර්ඝ කිරීමේ හැකියාවක් ඇති බව සඳහන් වෙනවා.)
- සෙනෙට් සභාවේ අනුමැතිය සමග ජනාධිපති Joe Biden 2024 අප්‍රේල් 24 වැනි දින එය නීතියක් බවට නිල වශයෙන් පත් කළා.
- මැයි 7 වනදා TikTok සමාගම මේ නීතිය අභියෝගයට ලක් කරමින් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල ගැටළු මතු කරන බව "extraordinary intrusion on free speech rights" යැයි පවසමින් නව නීතියට අභියෝග කරමින් නඩු පැවරුවා.
- අගෝස්තු 2 වනදා අමෙරිකානු රජය, ළමයින් ගේ දත්ත නීති විරෝධී ලෙස රැස් කිරීම සම්බන්ධයෙන් ටික්ටොක් සමාගමට එරෙහිව නඩු මාර්ගයට පිවිසුනා.
- 2024 දෙසැම්බර් 6 වනදා Supreme Court එක විසින් intermediate scrutiny යන නීතිමය තත්වය සැලකිල්ලට ගනිමින් නඩුව විභාග කළ අතර, අවසන් තීන්දුව ප්‍රකාශ කරමින් Tiktok තහනම නීත්‍යානුකූල බව තීරණය කළා.
- ජනවාරි 17 වනදා Supreme Court එක ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය සැලකිල්ලට ගනිමින් Tiktok තහනම් කිරීමේ නීතිය අනුමත කළා.
Tiktok තහනමෙන් පසුවිපරම සහ අනාගතය
තහනම ක්‍රියාත්මක වීමත් එක්කම, Apple සහ Google වැනි සමාගම් ඔවුන්ගේ App store වලින් TikTok ඉවත් කරන්න (ඇමරිකාවේ පරිශීලකයන් වෙතින්) කටයුතු කොට තිබෙනවා.
App එක දැනට භාවිත කරන පරිශීලකයින්ට "Sorry, TikTok isn't available right now" යන පණිවිඩය පෙන්වන බව ඔවුන් අනෙක් සමාජ ජාලා බොහොමයක පල කර ඇති ආකාරය අපට දැකගන්න ලැබුණා.
මේ වෙද්දීත් Tiktok පරිශීලකයින් බොහෝ දෙනෙක් RedNote, Instagram සහ Snap වැනි විකල්ප සමාජ ජාල වෙත යොමු වෙමින් සිටින බව අපිට දැකගන්න ලැබෙනවා.
Content creator ලා සහ වෙළඳ ප්රචාරක සමාගම් තමන්ගේ brands වලට මේ නව සමාජ ජලා හා බැඳෙන strategies නිර්මාණය කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කල දුටු කල වල ඉහ ගන්න මාන බලන Shorts,Reels සහ Snaps
මිලියන 170 ක් පමණ වන ඇමරිකානු පරිශීලකයින් සහිත TikTok යෙදුම තහනම් කිරීමෙන් පසු ඇතිවන හිස්තැන පිරවීමට Meta සමාගම සහ Google සමාගම දැනටමත් ඉන්නේ සූදානම් වෙමින්. විශේෂයෙන්ම Meta සමාගමේ Instagram app එකේ Reels සහ YouTube හි Shorts සේවාවන තමයි ඊළඟට වෙළඳපොල තරඟ කරන්නේ.
Bro tiktok literally started glitching as i was saving videos and BOOM its gone pic.twitter.com/7saXM6LmDu
— Ani ⭐️ (@beomsstar) January 19, 2025
Meta සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී Alex Schultz පවසන පරිදි, මෙය සමාගමට ලැබෙන විශාල අවස්ථාවක් වන අතර ඒ සඳහා සූදානම් විය යුතුයි.
Morgan Stanley හි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ TikTok තහනමෙන් විශාලතම ප්‍රතිලාභය ලැබෙන්නේ Meta සමාගමට බවයි. මෙය 2026 වන විට සමාගමේ කොටස් ආදායම් සියයට 5 සිට 9 දක්වා ප්‍රමාණයකින් ඉහළ යාමට හේතු විය හැකි බවත්, දිනකට පැයක් පමණ TikTok භාවිත කල පරිශීලකයින් ගෙන් සියයට 75ක් පමණ දැනටමත් Instagram භාවිතා කරන බව සොයාගෙන තියෙනවා.
මූල්‍ය විශ්ලේෂකයින්ගේ ගණන් බැලීම් අනුව, TikTok තහනමෙන් පසු එහි දැන්වීම් ආදායම් වලින් විශාල කොටසක් Meta වෙත ගලා ඒමට ඉඩ ඇත.2024 වසරේදී TikTok මගින් ඇමරිකාව තුල උපයන ලද දැන්වීම් ආදායම ඩොලර් බිලියන 12.34 ක් පමණ වන අතර මෙයින් සියයට 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් Meta සමාගමට ඉදිරියේදී හිමිවනු ඇතැයි EMARKETER ආයතනය අනාවැකි පල කරනවා.
කෙසේ වෙතත්, මෙම තහනම සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාව තුළ විශාල විරෝධයක් නොමැති වීම විශේෂත්වයක් බව කිව යුතුමයි. Pew Research Center මගින් කරන ලද survey වලට අනුව, TikTok තහනමට එරෙහිව සිටින ජනතාව ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. පසුගිය වසරේ මාර්තු මාසයේදී සියයට 50 ක් ව පැවති මෙම අගය 2023 ගිම්හානය වන විට සියයට 32 දක්වා පහත වැටී තිබෙනවා.
TikTok platform එකෙහි තැන අරගන්න Meta සහ Alphabet සමාගම් වලට අමතරව තවත් සමාගම් රැසක් තරංග වදිනවා. Substack නම් newsletter සමාගම තම platform එක වෙත වැඩිම TikTok creator ලා පිරිසක් එකතු කරන කෙනෙක් වෙත TikTok Liberation Prize නමින් ඩොලර් 25,000 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අමතරව Clapper නම් කෙටි short video platform එක, සමහර Creator ලා වෙත එක් වීඩියෝවකට ඩොලර් 200 බැගින් ගෙවීමට එකඟ ව තිබෙනවා. මීට අමතරව තවත් චීනය පාදකව නිර්මාණය ව තිබෙන Xiaohongshu (RedNote) app එකත් සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව දැනගන්න ලැබෙනවා.
ටික්ටොක් තහනමත් එක්ක, දින දෙකක් තුළ පමණක් නව පරිශීලකයින් 700,000 කට අධික පිරිසක් RedNote වෙත එක්ව ඇති බව සමාගමට සම්බන්ධ ආරංචි මාර්ග Reuters පුවත් සේවයට වාර්තා කර තිබෙනවා.
ඒ වගේම ඇමෙරිකාවේ වැඩිම download ලබාගන්නා app අතරත් ඉහලම තැනක් RedNote වෙත හිමි වෙලා තියෙන බවත් දැනගන්න ලැබෙනවා.
අලෙවිකරණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය Brands සඳහා වැදගත් පාඩමක් බවයි. House 337 ආයතනයේ James Poulter පවසන පරිදි, මෙවැනි අවස්ථාවල සාර්ථක වන්නේ තම content විවිධ platform හරහා audiance එක වෙත යැවීමට හැකියාව ඇති හා සූදානම් වී සිටින brands පමණක් බවයි.
කෙසේ වෙතත්, මෙම තහනම ක්‍රියාත්මක වුවත්, එය අවසන් තීරණය නොවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. Trump විසින් ප්‍රකාශ කර ඇති පරිදි, ඔහු නැවත ජනාධිපති ධුරයට පත්වූ පසු TikTok සඳහා දින 90 ක කාල දීර්ඝයක් ලබා දීමට ඉඩ තිබෙනවා.
TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Chew ද Trump ගේ දිවුරුම් දීමේ උත්සවයට තව පැය කිහිපයකින් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තව පැය කිහිපයකින් ඇරඹෙන නව Trump පරිපාලනය යටතේ මේ වෙත තව අවස්ථාවක් හිමිවෙයිද, නැද්ද කියන එක තවම කියන්න ඉක්මන් වැඩි. ඒ ගැන අලුත් තොරතුරු දැනගත්ත ගමන් අපි ඔබව දැනුවත් කරන්න බලන් ඉන්නවා.
තාක්ෂනය එක්ක ගැවසෙන අපිට තාක්ෂණික ප්‍රජාව විදිහටත් ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහටත් මේ සිද්ධියෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙන බව කියන්න ඕනේ. විශේෂයෙන් අපේ දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ නීති සම්පාදනය කරද්දී මේවගේ ජාත්‍යන්තර සිද්ධීන් අධ්‍යයනය කිරීමඉතාම වැදගත්.
ඒ වගේම, දැවැන්ත තාක්ෂණික සමාගම් වල බලය සීමා කිරීම සහ ජාතික ආරක්ෂාව සුරැකීම අතර සමබරතාවය පවත්වා ගැනීමේ අභියෝගය කොයි වගේද කියන එකට මේක ඉතාම හොඳ උදාහරණයක්.
Social Media platform එකක් කොයි තරමක් ශක්තිමත් වුනත්, එය අනපේක්ෂිත ලෙස අක්‍රිය වෙන්න ban වෙන්න ඉඩ තියෙනවා, ඒ හින්දා platform කිහිපයක් භාවිත කරලා තමන්ගේ audiance එකත් එක්ක සම්බන්ධතා පවත්වාගැනීම වඩාත් සුදුසුයි කියලා අපි ඔබට යෝජනා කරනවා.
TikTok නැවතත් ඇමෙරිකාවේ සේවාවන් අරඹයි.
පත්වන නව ජනාධිපති Donald Trump හා ඇති කරගත් එකඟතාවයන් එක්ක එක්සත් ජනපදයේ TikTok සේවාව නැවත ආරම්භ කිරීමට සමගම කටයුතු කරමින් සිටින බව X වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කරනවා.
STATEMENT FROM TIKTOK:
— TikTok Policy (@TikTokPolicy) January 19, 2025
In agreement with our service providers, TikTok is in the process of restoring service. We thank President Trump for providing the necessary clarity and assurance to our service providers that they will face no penalties providing TikTok to over 170…
සෙනසුරාදා රාත්‍රියේ සිට අක්‍රිය වී තිබූ යෙදුම, දැනට සමහර පරිශීලකයින්ට මූලික සේවා සමඟ නැවත ක්‍රියාත්මක වෙමින් පවතින බව සමාජ මාධ්‍ය තුල දැකගන්න තියෙනවා.
TikTok විසින් නිකුත් කරන ලද නිවේදනයේ Trump ට ස්තූතිය පුද කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන් මිලියන 170 කට සහ කුඩා ව්‍යාපාර මිලියන 7 කට සේවය සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන සේවා සැපයුම්කරුවන්ට මේ සිදුවීම් ගැන අවශ්‍ය පැහැදිලි කිරීම් ලබා දීම වෙනුවෙනුයි.
Trump විසින් Truth Social හි පළ කරන ලද පණිවිඩයක සඳහන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ගිවිසුමකට එළඹෙන තෙක් නීතියේ තහනම් කිරීම් ක්‍රියාත්මක කිරීම කල් දමන බවයි. ඔහු යෝජනා කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට ව්‍යාපාරයෙන් 50% ක හිමිකාරීත්වයක් ලබා දෙන ලෙසයි.
TikTok සමාගම සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනපදය තුළ ටික්ටොක් පවත්වාගෙන යාම සඳහා දීර්ඝකාලීන විසඳුමක් සොයා ගැනීමට Trump සමඟ කටයුතු කරන බවයි.
කොහොම නමුත් තවමත් Playstore හා Appstore එකේ TikTok ඇමරිකානුවන්ට පෙන්වන්නේ නැති බව තමයි වාර්තා වෙන්නේ. සියල්ල හොඳින් සිදු වුනොත් ඉදිරි පැය කිහිපය ඇතුලත නැවත සම්පුර්ණයෙන් ම TikTok ඇමරිකාවට සේවා සපයාවි.