Android TV platform එක සඳහා ‍නිළ වශයෙන් TikTok app එකක් Google Play Store එක හරහා නිකුත් කිරීමට ByteDance ආයතනය කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

TikTok for Android TV - Apps on Google Play
Grab your friends and experience TikTok like never before—on TV! TikTok’s shortform videos are fun, genuine and creative. And now, we’re bringing that fun content to your television. Whether you’re a sports fanatic, a pet enthusiast, or just looking for a laugh, there’s something for everyone on T…

මෙම app එක සාමාන්‍යය TikTok app එකට අතිශයින්ම සමාන වන බවත්, එක්සත් රාජධානියෙහි Samsung TV භාවිතා කරන්නන් හට මූලිකව නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙනවා.

සාමාන්‍යය TikTok app එකෙහි මෙන්ම සිරස් අතට play වන අතර, scroll කළ හැකි main feed එකකින් සමන්විත වන මේ app එකට video categories සහ profiles view කිරීමේ හැකියාව ද ඇතුලත් කර තිබෙන අතර, මෙය භාවිතා කිරීම සඳහා TikTok සේවාව සමඟින් sign-in වීම අත්‍යාවශ්‍යය වන්නේ නැහැ.

මේ app එක තවමත් රටවල් කිහිපයක පුද්ගලයින් හට ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති නමුත්, ‍බොහෝ රටවල් වල සිටින Android TV පරිශීලකයින් හට මෙය download කරගැනීමේ හැකියාව තවමත් ලබාදී නොමැති බව වාර්තා වෙනවා.

මේ අයුරින් Google Play Store එක හරහා තවමත් මෙය ලබාගැනීමට නොහැකි පරිශීලකයින් සඳහා APK Mirror වැනි වෙබ් අඩවියක් හරහා APK එක ලබාගෙන එය TV එකට install කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.