Huawei සමාගම මේ වන විටත් සිය folding line-up එකට අදාළව Huawei Mate X හා Mate XS දැනටමත් නිකුත් කර තිබෙන අතර,එම උපාංග වෙලඳපොල තුළ ඉමහත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් උනා.

ඒ අනුව මෙම folding Line-up එකේ අලුත්ම මාදිලිය වන Mate X2 පෙබරවාරි මස 22 වන දින නිකුත් කිරීමට Huawei සමාගම සැලසුම් කර තිබෙන බව Huawei සමාගම විසින් සිය Weibo පිටුවෙහි සටහනක් තබමින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේ සමඟ පළ කර ඇති ඡායාරූපයට අනුව Huawei Mate X2, inward folding එහෙම නැතිනම් ඇතුල් පැත්තට Fold කරන උපාංගයක් ලෙස නිර්මාණය කර ඇති බව දැකිය හැකියි.

එමෙන්ම Huawei Mate X2, Fold කල විට අඟල් 8.1 ක සුවිසල් තිරයක් ඇති අතර, එය 2,480x2,222 ක ඉතා ඉහළ resolution එකකින් සමන්විත වෙනවා.

එමෙන්ම Galaxy Z Fold 2 මෙන් මෙම උපාංගයේද අඟල් 6.45 ක පිටත display එකක් ද ඇතුළත් අතර මෙම display එක 90hz, refresh rate එකක් සඳහා සහාය දක්වන බව සඳහන් වෙනවා.

මෙම උපාංගය සතුව 50MP + 16MP +  12MP සහ 8MP ලෙස camera 4ක් ඇති අතර 10x hybrid optical zooming පහසුකම ලබාදීම සඳහා periscope telephoto lens එකක් ද ඇතුලත් වෙනවා.

ඊට අමතරව 5nm architecture එක මත නිර්මාණය කරන ලද Kirin 9000 5G chipset එක මඟින් මෙම උපාංගය බලගැන්වෙන අතර, 66W fast charging මෙන්ම Android 10 මෙහෙයුම් පද්ධතිය Huawei Mobile Service සමඟ නිකුත් කිරීමට නියමිතයි.

කොහොම නමුත් මේ දක්වා වාර්තා වී ඇති තොරතුරු Huawei සමාගම විසින් නිළ වශයෙන් වාර්තා කළ ඒවා නොවන අතර, මීළඟ 22 වැනි දින මෙම device එක පිළිබඳව සවිස්තරව දැනගැනීමේ හැකියාව උදා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XXXX වෙබ් අඩවිය භාවිතා කළ හැක.