Smartphone camera වලට අදාල image sensors නිෂ්පාදනය කරනු ලබන ලොව විශාලතම සමාගම වන්නේ Sony සමාගම බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

මොවුන්ගේ 48MP IMX586 වගේම 64MP IMX686 sensors 2019 වර්ෂයේ බොහෝමයක් ජංගම දුරකථන වලට ඇතුලත් කරනු ලැබූ image sensors වන අතර, මීට අමතරව ලොව හොඳම mirrorless camera නිෂ්පාදනයට ද Sony සමාගම ඉතාමත් හොඳ නමක් දරා සිටිනවා.

ඔන්න දැන්, Sony සමාගම තවත් පියවරක් ඉදිරියට තබමින් ලොව ප්‍රථම AI processing හැකියාව සහිත image sensors ද්විත්වයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එය IMX500 සහ IMG 501 ලෙස නම් කර තිබෙනවා.

කොහොම නමුත් මේ image sensor එක නිෂ්පාදනය කරනු ලබන්නේ smartphone වලට නොවන අතර, IoT devices ඉලක්ක කරගෙන බව Sony සමාගම ප්‍රකාශ කරනු ලබන අතර මේ AI processing හැකියාව භාවිතා කරමින් අත්‍යවශ්‍යය තොරතුරු පමණක් හඳුනාගෙන එම තොරතුරු පමණක් අදාල server වලට යැවීමේ හැකියාව ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ හරහා IoT devices වල data transmission latency එක අඩු කර ගැනීමට, එහෙමත් නැතිනම් data ගමන් කිරීමේ වේගය වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත්, සාපේක්ෂව අඩු විදුලි බලයක් භාවිතා වන බවත්, privacy පිළිබඳව වන අවධානම අඩු කරගත හැකි බවත්, network traffic එක වෙනුවෙන් වැය කළ යුතු මුදල් ඉතිරි කරගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ image sensor එකේ අන්තර්ගත වන AI හැකියාව භාවිතා කරමින් real-time object tracking සිදු කළ හැකි අතර ඊට අදාල වන AI models, අදාල නිෂ්පාදකයාගේ උවමනාවට අනුව internal memory එකට write කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ IMX500 සහ IMX501 sensors ලබන වසරේ මහාපරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත වන අතර මෙයට අදාල samples නිෂ්පාදනය කිරීම මෙම වසරේ අප්‍රේල් මාසයේ සිටි ජුනි මාසය දක්වා කාලය ඇතුලත සිදු කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Sony වෙබ් අඩවිය, Android Central වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.