Huawei සමාගම මේ වන විට Google සේවා වලින් වෙනස් වන Harmony OS, Huawei App Gallery, Huawei Mobile service ආදී තමන්ගේම සේවා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටින බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

එමෙන්ම Huawei සමාගම තමන්ගේම Voice Assistant පහසුකමක් පිළිබඳව මුලින්ම තොරතුරු හෙළි කරනු ලැබුවේ Huawei P40 series එක එළිදක්වනු ලැබූ Unpacked Event එක අතරතුර වන අතර එය නම් කර තිබුනේ "Celia" ලෙසයි.

Celia, your personal voice assistant | HUAWEI Global
Celia listens to you, answers your questions, and helps you get things done hands-free. So you can keep your everyday tasks streamlined and make the most of your life. Get help from Celia to set alarms, make calls, check weather, count calories, play music, translate menu and more.

මේ අනුව පසුගිය දිනෙක Huawei P40 series එක වෙත නවතම EMUI 10.1.0.121 සංස්කරණය ලබාදීමට කටයුතු කළ අතර ඒ සමඟ ලැබුණු ප්‍රධානතම feature වලින් එකක් වූයේ මෙම Celia නමැති නව Voice Assistant පහසුකමයි.

Amason Alexa, Apple Siri හා Google Assistant දැනට ඇති ජනප්‍රියම Voice Assistant ලා වන අතර Samsung සමාගමේ Bixby හා Microsoft සමාගමේ Cotana ද Voice Assistant ලා ලෙස සිටින නමුත් එය Apple හෝ Google තරම් ජනප්‍රිය සේවා නොවේ.

මෙම පසුබිම තුළ නිකුත් කල Huawei හි Celia සේවාව දැනට එක්සත් රාජධානිය, ප්‍රංශය, කොලොම්බියාව, චිලී, ස්පාඤ්ඤය හා මෙක්සිකෝව යන රටවලට ලබා දී ඇති අතර ඉංග්‍රීසි, ප්‍රංශ හා ස්පාඤ්ඤ ‍යන භාශා තුනට පමණක් සහය දක්වනු ලබනවා.

"Hey Celia" ලෙස දුරකථනයට පැවසීමෙන් හෝ Power Button එක තත්පරයක පමණ කාලයක් press කිරීම මඟින් Celia සේවාව ආරම්භ කල හැකි අතර EMUI වල ඇතුලත් App වෙත බාධාවකින් තොරව ප්‍රවේශ මෙන්ම Multimedia control, Sentences Translate වැනි දේ සඳහා ද මෙම වැඩසටහන සහය ලබා දෙනවා.

Huawei P40 ජංගම දුරකථන මාලාවට අමතරව EMUI 10.1 Update එක සමඟින් Celia Voice assistant පහසුකම තවත් Huawei හා Honor දුරකථන මාදිලි බොහෝමයකට ඉදිරියේදී ලබා දීමට Huawei සමාගම සූදානමින් සිටිනවා.

මේ වන විට Celia වැඩසටහනට, Voice Assistant කෙනෙකු ලෙස කල හැකි දේ පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා නොවන නමුත් වාර්තා වන පරිදි Standard Voice Assistant කෙනෙකුට කල හැකි වැඩ කටයුතු සියල්ලම පාහේ Celia ටත් කල හැකි අතර Google Lens හරහා සිදුකරන ආකාරයේ Image සහ Product search පහසුකමද Celia හි ඇතුළත් වෙනවා.

Celia යනු දැනට ඇති අතලොස්සක් වූ Voice Assistant ලාගේ එකතුවට එකතු වන අලුත්ම සාමාජිකයා වන  නමුත් එහි සාර්ථක්ත්වය කෙසේ වනු ඇති දැයි දැන ගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.