ඇමෙරිකාවේ Smithsonian ආයතනය විසින් ඔවුන්ගේ high quality ඡායාරූප මිලියන 2.8ක් පමණ මහජනයා‍ගේ භාවිතාව වෙනුවෙන් අන්තර්ජාලයට එකතු කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ ඡායාරූප අතරට 2D සහ 3D images ඇතුලත් වන අතර ඔවුන්ගේ කෞතුකාගාර 19ක, research centers 9ක, පුස්තකාළ වල සහ ජාතික සත්වෝද්‍යාන හරහා සියවස් දෙකකට අධික කාළසීමාවක් තිස්සේ එකතු කරනු ලැබූ ඒවා බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම අදාල ඡායාරූපය පිළිබඳව සහ එහි ඓතිහාසික වැදගත්කම පිළිබඳව ද තොරතුරු මේ database එක හරහා ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර මේ resources සියල්ල අලුත් දේවල් ඉගෙනගැනීමට, නිර්මාණය කිරීමට සහ අත්හදාබැලීමට කැමති ලොව පුරා ඕනෑම කෙනෙකුට නොමිලයේ භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Smithsonian Open Access
Learn more about Smithsonian Open Access
Smithsonian Open Access

මීට අමතරව මීළඟ මාස කිහිපය ඇතුලත තවත් ඡායාරූප 200,000ක ප්‍රමාණයක් මෙයට එකතු කිරීමට නියමිත අතර ඉදිරියේදී ඔවුන් සතුව පවතින items මිලියන 155ක පමණ ප්‍රමාණයක් digitize, එහෙමත් නැතිනම් ඩිජිටල්කරණය කර මෙම database එකට එකතු කිරීමට ඔවුන් තීරණය කර තිබෙන බව ද වාර්ථා වෙනවා.

මෙහි අන්තර්ගත වන සියළුම images high resolution තත්ත්වයෙන්ම download කරගැනීමේ හැකියාව අපට ලැබෙන අතර මේවා Creative Commons Zero license එක, එහෙමත් නැතිනම් no copyright reserved ලෙස මහජනයාට නිකුත් කර ඇති නිසා මේවා කිසිඳු බාධාවකින් තොරව ඕනෑම කටයුත්තක් සඳහා නීත්‍යානුකූලව භාවිතා කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා නිළ Smithsonian Magazine එක භාවිතා කළ හැක.