Huawei සමාගමේ Kirin chipset එක සමඟින් නිකුත් වනු ඇති අවසාන ජංගම දුරකථන මාලාව Huawei Mate 40 ජංගම දුරකථන මාලාව වනු ඇති බව මීට පෙර අවස්ථාවක අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඇමෙරිකානු ආර්ථික සම්බාධක හමුවේ වුවද තමන්ගේ flagship ජංගම දුරකථන මාලාවේ මීළඟ මාදිලිය වන Huawei Mate 40 series එක මීළඟ ඔක්තෝබර් 22 වැනි දින එළිදැක්වීමට Huawei සමාගම සූදානමින් සිටිනවා.
Unprecedented Power is coming.
— Huawei Mobile (@HuaweiMobile) October 10, 2020
Don’t miss the announcement on 22.10.20 #LeapFurtherAhead #HUAWEIMate40 pic.twitter.com/Be5u0AY4fj
මෙම event එක අතරතුරදී Huawei Mate 40 සහ Huawei Mate 40 Pro යන ජංගම දුරකථන මාදිලි ද්විත්වයම එළිදැක්වෙනු ඇති බව විශ්වාස කෙරෙන අතර, මෙම මාදිලි ද්විත්වයම Kirin 9000 SoC එකකින් බළගැන්වෙනු ඇති බව ද විශ්වාස කෙරෙනවා.
මෙම ප්රධාන මාදිලි ද්විත්වයට අමතරව Mate40 Pro+ සහ Porsche Design එකකින් සමන්විත Mate 40 RS නම් වූ මාදිලියක් පිළිබඳව ද තොරතුරු වාර්ථා වෙනවා.
කොහොම නමුත් තවමත් මෙම devices වෙළඳපොලට නිකුත් වීමට නියමිත කාළ වකවානුවක් පිළිබඳව වාර්ථා නොවන නමුත් මෙය ඇමෙරිකානු ඩොළර් 1,400 සිට 1,500 දක්වා වන මිළකින් යුතු වනු ඇති බව Android Authority වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.