Flickr කියන්නේ ලොව පුරා විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන් විසින් ඔවුන්ගේ photos ගබඩා කර තැබීම සඳහා භාවිතා කළ ඉතාමත් ප්‍රසිද්ධ platform එකක් වුවත්, ඔන්න දැන් එහි free users ලා හට නරක ආරංචියක් වාර්ථා වෙනවා.

පසුගිය අප්‍රේල් මස SmugMug ආයතනය විසින් මේ Flickr සේවාව මිලදීගන්නට කටයුතු කළ අතර ඔවුන්ගේ නව තීරණයන්ට අනුව මේ වන තුරු free users ලා හට ලබා දී තිබූ 1TB storage එක ඉවත් කර දමා ඒ වෙනුවට එම පරිශීලකයන් හට images 1000ක් දක්වා upload කිරීමට හැකියාව ලබා දීමට කටයුතු කරනු ලබනවා.

මේ වන විටත් photos හෝ videos 1,000 ට වැඩියෙන් upload කර ඇති පරිශීලකයින් හට Flickr Pro plan එකකට මාරු වීමට හෝ අමතර photos හෝ videos download කරගැනීමට ලබන වසරේ ජනවාරි 8 වැනිදා දක්වා කාලය ලබා දීමට ඔවුන් තීරණය කර ඇති අතර එදින සිට සියළුම free users ලා හට photos 1,000 සීමාව බළපැවැත්වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම 2019 වර්ෂ‍යේ පෙබරවාර් 5 වැනිදායින් පසුව මෙසේ upload කර ඇති අමතර photos හෝ videos ස්ව්‍යංක්‍රීයවම delete වී යන ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර Flickr Pro සේවාව ලබාගන්නා පරිශීලකයන් හට ඔවුන්ගේ සියළුම photos සහ videos වල original quality එකෙන් තබා ගැනීම සඳහා unlimited storage එකක් ලබා දීමටත්, ads ඉවත් කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම මස, එනම් නොවැම්බර් 30 වැනිදාට පෙර Flickr Pro පහසුකම වෙත upgrade කරන්නන් හට පළමු වසර සඳහා 30%ක වට්ටමක් ලබා දීමට ද ඔවුන් කටයුතු කරනු ලබන අතර ලබන ජනවාරි මාසයේ සිට මේ Flickr සේවාව භාවිතා කිරීම සඳහා Yahoo account එකක් අත්‍යවශ්‍යය නොවන බවද ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා theguardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.