'Next Generation Of Windows' යන නමින් පසුගිය දවස් වල තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ Windows 11 OS එක එළිදැක්වීමේ live event එක පසුගිය ජුනි 24 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 8:30ට පවත්වනු ලැබුවා.

එමෙන්ම, Microsoft සමාගම විසින් Windows වල මීලග සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමට තීරණය කර ඇති බවද මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කරා මතක ඇති.

ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි
Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windowsමෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳවපසුගියදා පැවති Build event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා. මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන event එක පැවැත්වීමටනි…

එම Live Event එක Microsoft සමාගමේ CEO වන Satya Nadella සහ එහි Chief Product Officer වන Panos Panay විසින් ඉදිරිපත් කළ අතර එහිදී Microsoft සමාගම ඔවුන්ගේ live event එකේදී 'Next Generation Of Windows' යනුවෙන් Windows 11 සංස්කරණය නිල වශයෙන් ඉදිරිපත් කර සනාථ කරනු ලැබුවා.

මෙහිදී Windows 10 වලට සාපේක්ෂව Windows 11 OS එක සඳහා නවතම User Interface එකක් ලබාදීමට Microsoft සමාගම විසින් කටයුතු කර ඇති අතර මෙම සංස්කරණය මගින් Start Menu එක සහ Taskbar එකේ පිහිටීම center align (මධ්‍යස්ථගතව) redesign කර තිබෙන අතර, Windows 10 වල තිබූ Live Tiles ඉවත් කර, මීට පෙර දැකගත නොහැකි වූ Customize කරගත හැකි නව Widgets පහසුකමක් ද එකතු කර ඇත.

Center align ලෙස redesign කර ඇති නව Start Menu එක සහ Taskbar එක
Customize කරගත හැකි නව Widgets පහසුකම

මීට පෙර Microsoft සමාගම විසින් අවලංගු කරන ලද ව්‍යාපෘතියක් වූ Windows 10x මෙහෙයුම් පද්ධතියේ UI Design එකට සමාන බවක් හා විනිවිද බවක් මෙම Windows 11 version එකෙන් දිස් වන අතර Mac OS සහ Chrome OS හා සමානව Windows 11 හි, OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනිමට පුලුවන්. විශේෂයෙන් Windows 11 OS එකේ සරල බව සහ ඉතා පැහැදිලි Updated Dark සහ light mode වල වෙනස්කම්ද මෙහිදී දැකගත හැක.

ඊට අමතරව, මෙහිදී Apps Minimize හෝ Maximize කිරිම සදහා නව Gestures හදුන්වාදීමටද කටයුතු කර ඇති අතර Snap layouts හරහා ඔබට ඉක්මනින්ම windows side by side කිරීමට හෝ sections වලට arrange කිරීමට හැකියාව හිමිවෙනවා. එමෙන්ම Windows 10 වල දැකගැනීමට හැකිවූ Touch Keyboard එකට වඩා වැඩිදියුණු කල Touch Keyboard එකක්ද Windows 11 OS එක සමඟ ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Windows 11 Snap layouts

Windows 11 සමඟ Microsoft Teams සෘජුවම integrate කිරිමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

Microsoft Teams in Windows 11

විශේෂයෙන්ම Microsoft සමාගම විසින් ඔවුන්ගේ Microsoft Store එක redesign කිරීමට කටයුතු කර ඇති අතර Windows apps වලට සහාය නොදක්වන Apps සදහා Microsoft Store එක තුළ සහාය ලබාදීමට කටයුතු කර ඇත. දැනටමත් Adobe Creative Suite සහ Android apps කිහිපයක් වන වන Tiktok සහ Instagram apps එයට ලබා දී තිබෙනවා.

පලවෙනි වතාවට Windows සංස්කරණයක් තුළ Android Apps run කිරිමේ පහසුකම Windows 11 OS එක ඔස්සේ හඳුන්වා දී ඇති අතර මේ සදහා Microsoft සමාගම Amazon සහ Intel සමාගම් සමග හවුල් වී Intel Bridge තාක්ෂණය භාවිතා කරමින් සිටින බව තහවුරු කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි මාස වලදි නිකුත් කිරිමට සැලසුම් කරනු ලබන බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Windows 10 භාවිතා කරන්නන් හට නොමිලේ Windows 11 සංස්කරණය Update කිරිමක් ලෙස ලබාදීමට සැලසුම් සූදානම් කොට ඇති අතර තවමත් Windows 11 සංස්කරණය නිකුත් කිරීමේ දිනයක් නිළ වශයෙන් දැනුම් දී නොමැති නමුත්, Microsoft සමාගම ප්‍රකාශ කරන ආකාරයට 2022 වර්ෂයට පෙර හෝ මුල් භාගයේදී මෙම සංස්කරණය ලබාදීමට ඔවුන් සුදානමින් සිටිනවා.

තවදුරටත් Microsoft සමාගම පොරොන්දු වූ පරිදි Windows 11 හි Speed එක සහ Performance වල වැඩි දියුණුව සදහා Direct Storage නම් වු පහසුකමක් ද හඳුන්වා දී ඇති අතර Xbox Game pass එකද Windows 11 සමග ඒකාබද්ධව පැමිණෙනවා.

Windows 11 Integrated with Xbox Game pass

Windows 11 Install කරගැනීම සඳහා පරිශීලකයින් හට තිබිය යුතු අවම system requirements

  • A modern 1Ghz 64-bit dual-core processor
  • 4GB RAM
  • 64GB drive
  • 9-inch display
  • 1366x768 resolution
  • UEFI, Secure Boot & TPM 2.0 compatible
  • DirectX 12 compatible graphics / WWDM 2.x

Windows 11 OS එක ක්‍රියාත්මක වන්නේ 64-bit Processors වල පමණක් වන අතර 32-bit Processors සදහා මෙම OS එක සහාය දක්වන්නේ නොමැති වෙනවා. එමෙන්ම Windows 10 සඳහා අවශ්‍ය වූ අවම RAM ධාරිතාවය 2GB වුවත්, Windows 11 වලදී එම අගය 4GB දක්වා ඉහළ දමා ඇති බවත්, Windows 11 සඳහා අවශ්‍ය drive space එක 64GB දක්වා ඉහල දමා ඇති බවත් දැකගැනීමට පුළුවන්.

ඊට අමතරව, Windows 11 OS එක ක්‍රියාත්මක වීමට අවම වශයෙන් අගල් 9 ක Display එකක් අවශ්‍ය වන අතර ඔබගේ PC එක UEFI, Secure Boot සහ TPM 2.0 සදහා support කළයුතු වන අතර එම අවශ්‍යතා නොමැතිනම් Windows 11 OS එක එම PC සදහා සහාය නොදක්වන බව Microsoft සමාගම ඔවුන්ගේ නිළ වෙබ් පිටුවේ සදහන් කර තිබෙනවා.

ඔබගේ PC එකේ Windows 11 OS එක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවම පහසුකම් ඇත්දැයි පරික්ෂා කිරීමට PC Health Check Tool එකක් හඳුන්වාදීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙන අතර එම tool එක install කරගැනීම මගින් පහසුවෙන්ම ඔබගේ PC එක Windows 11 install කරගැනීම සඳහා compatible ද යන්න පරික්ෂා කරගත හැකිවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනිම සඳහා නිල Microsoft වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ 9to5Google වෙබ් අඩවිය භාවිතා කළ හැක.