පසුගිය දිනෙක ලොව පුරා Download වාර බිලියන 1 ක සීමාව පසු කළ Mobile App 15 අතරට පැමිණි Telegram වෙතින් මෙවර ද අනෙකුත් Messenger Platform වලට හොඳ අභියෝගයක් වෙමින් තම පරිශීලකයින්ට අසීමිත සාමාජික සංඛ්‍යාවක් සමග පවත්වා ගෙන යා හැකි Group Video Calls සහ තවත් අංග රැසකින් සමන්විත Update එකක් නිකුත් කිරීමට සමත් විය.

තම සෑම උපන්දිනයක් සදහාම එම උපන් දිනයේ අංකයෙන් Major Update එකක් නිකුත් කරන Telegram, මෙම වසරේ ද අගෝස්තුවේ දී පැමිණි ඔවුන්ගේ 8 වන උපන් දිනය සිහිපත් කිරීමට මෙම Update එක 8.0 යනුවෙන් නම් කර ඇත.

Group Video Calls with Unlimited Members

Telegram හදුන්වාදෙනු ලැබූ එකවර පරිශිලකයන් 1000 ක් සම්බන්ධ කර පවත්වාගෙන යා හැකි Video Call පහසුකම ගැන මීට පෙර Asela Priyadarshana ගේ ලිපියක් හරහා technews.lk සමඟ රැදී සිටින ඔබට තොරතුරු සමීප කරනු ලැබුවා මතක ඇති.

Telegram Video Call එකකට සම්බන්ධ විය හැකි පරිශීලකයන් ගණන 1,000 දක්වා වැඩි කරයි
Telegram සමාගම විසින් හදුන්වාදෙනු ලැබූ එකවර පරිශිලකයන් 30 ක් පමණ සම්බන්ධ කර පවත්වාගෙන යා හැකි Video Call පහසුකම ගැන මීට පෙර Nawoth Thakshila ගේ ලිපියක් හරහා technews.lk

එකවර 1,000 දෙනෙකුට පමණක් සීමා කර තිබූ Group Video Call පහසුකම මේ වනවිට එකවර අසීමිත සාමාජික සංඛ්‍යාවකට සහභාගී විය හැකි ආකාරයට වැඩි දියුණු කර ඇති බව Telegram සමාගම සිය නිළ Blog අඩවියේ ලිපියක් හරහා ප්‍රකාශ කර සිටිනවා.

Telegram Group Video Calls වල තිබෙන සරල සිත් ගන්නා සුළු UI එක ද, කිසිදු Subscription Service එකක් නොමැතිව අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවක් සමග Screen Shearing පහසුකම ද ඇතුළත්ව Restrictions නොමැතිව Video Conference පවත්වාගෙන යාම පහසුකම සමඟින් Zoom, MS Teams, WebEx වැනි අනෙකුත් Video Conference Platforms වලට Telegram ඉතා හොඳ තරගකරුවෙකු වන බව නිසැකය.

දැනට තිබෙන Group Calls හි හඩ පමණක් පටිගත කිරීමේ පහසුකම ඉදිරියේදී Video එක ද ඇතුළත් වන ලෙස පටිගත කළ හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට Telegram විසින් මේ වන විට ක්‍රියා කරමින් සිටි.

Flexible Forwarding පහසුකම

දැන් Telegram භාවිත කරන ඔබට වෙනත් කෙනෙකුගේ පණිවිඩයක් Forward කිරීමේදි පෙර තිබූ අදාල මුල් පරිශීලකයාගේ නම සමග පණිවිඩය Forwarded වීමේ අංගය, දැන් ඔබේ රුචිකත්වය මත මුල් පරිශීලකයාගේ නම රහිතව Forwarded කිරීමේ හැකියාව ඇත. තවද Media File එකක් Forwarded කිරීමේදී එහි Caption එක ඇතුව හෝ නැතුව ඔබට කැමති ලෙස Forwarded කළ හැක.

Jump to Next Channel පහසුකම

දැන් ඔබට නාලිකාවක් තුළ ඇති පණිවිඩ සියල්ලම කියවා අවසන් වූ පසු පෙර මෙන් නැවතත් Chat List එකට පැමිණ ඊළගට පණිවිඩ ඉතිරිව ඇති නාලිකාව සොයාගෙන එයට පැමිණීම අවශ්‍ය නොවේ. නව Update ඒකෙන් පසු නාලිකාවක අවසානයට පළකර ඇති පණිවිඩය කියවූ පසු උඩට Swipe කිරීමෙන් ඊළගට ඉතිරිව ඇති නොකියවූ පළකිරීම් තිබෙන වෙනත් නාලිකාවක් සදහා මාරු වෙයි.

Unread Comment Count in Channels

තවද නාලිකාවක් තුළ ඇති Comment Section එකෙහි පෙරදී නොකියවූ නව පණිවිඩ පෙන්වීමක් සිදු නොවුන ද නව Update එකෙන් පසු නොකියවූ Comment ගණන දර්ශනය වීමද සිදු වේ.

වැඩිදියුණු කළ Sticker පැනලය

Sticker නිර්මාණ සදහා Open & Free Paltfrom වන Telegram හි පරිශීලකයින්ට භාවිත කිරීමට තිබූ Sticker පැනලයෙහි වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කර ඇත.

නව Update එකත් සමග Trending Sticker වෙනම තීරුවක් තුල දර්ශනය වන අතර කලින් කුඩාවට තිබූ Sticker Pack Thumbnails දැන් විශාල කර බැලීමට හැකි වන ලෙස සකසා ඇත.

තවද ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයා Sticker එකක් සොයන විට, ඔවුන් කරන ක්‍රියාවන් (typing, recording a voice message සහ sending file) පෙන්වන කොටසෙහි අලුතින් "choosing a sticker" යන ක්‍රියාව දර්ශනය වේ.

New Animated Emojis

Telegram විසින් සෑම Update එකක් සමගම පාහේ නොවරදවාම ගෙන එන ඔවුන්ටම ආවේනික වූ නිර්මාණාත්මක Animated Emojis කිහිපයක්ම මෙවරත් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

"අදට එපමණයි - ඊළඟ Update කිරීම් සඳහා අප සතුව දැනටමත් හොද Developers Team එකක් සිටියි. ඊළග නව Update එකෙන් හමුවෙමු !"

අවසාන වශයෙන් ඔවුන් තම Update එකත් සමග නිකුත් කළ Blog සටහනේ දක්වා තිබුනේ එසේය.

දැනටමත් Messenger Platforms අභිබවා යමින් Video Conference Platforms වලටද හොද තරගකරුවෙකු වී තිබෙන Telegram හි මීළග Update පිළිබදව මේ වන විට සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල Telegram Blog අඩවිය සහ Telegram Info වෙබ් අඩවිය භාවිතා කළ හැක.