හුදෙක්ම වෙළඳ පරමාර්ථ මුලික කරගෙන නිර්මාණය වුණු 11:11 එහෙම නැති නම් තනිකඩයන්ගේ දිනය, Black Friday වගේම තවත් දිනයක් විදිහට අපිට Cyber Monday හඳුන්වන්න පුළුවන්.

වාසි වැසි මැද Black Friday Shopping උන්මාදය
මහා සිකුරාදාවට වඩා අද වෙද්දී ජනප්‍රිය දිනයක් බවට ‘කළු සිකුරාදා’ හෙවත් ‘Black Friday’ පත් වෙලා අවසන්. සාමාන්‍යයෙන් සෑම නොවැම්බර් මසකම හතරවන සිකුරාදා දිනය Black

හුදෙක්ම වාණිජමය පරමාර්ථ මුලික කරගෙන Online shopping කරන්නන් ඉලක්ක කරගෙනම මේ දිනයේ වඩා වැඩි වශයෙන් වට්ටම් සහ මිල අඩු කිරීම් දැකගන්න පුළුවන් වෙනවා. නොවැම්බර් මාසයේ අන්තිම සතියේ තමයි බොහෝ විට මේ දිනය යෙදෙන්නේ (කළු සිකුරාදවට පසුව එළඹෙන සඳුදා දිනය) මේ වසරේදී නම් එය නොවැම්බර් 28 වැනි සඳුදා දිනයේ යෙදී තියෙනවා. මේ දිනය නිර්මාණය වෙන්න ඇලන් ඩේවිස් (Ellen Davis) සහ ස්කොට් සිල්වර්මෙන් (Scott Silverman) යන දෙදෙනාගේ විශාල දායකත්වයක් ලැබී තියෙනවා. Cyber Monday යන නාමය එදිනට දුන් බවට සැලකෙන්නේ National Retail Federation (NRF) එක විසිනි.

ලෝකයේ වැඩිපුරම online වෙළදාම් සිදුවන දිනය ලෙස මෙය හැඳින්වෙන අතර 2020 වසරේදී වාර්තාගත ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 10.8ක වෙළඳාම් සිදුවුණු බවට වාර්තා වෙනවා. කොහොම නමුත් ඔයාට Black Friday මග හැරුණා නම් සයිබර් සඳුදා අමතක කරගන්න එපා. විශේෂයෙන්ම තාක්ෂණික උපාංග එහෙම සෑහෙන්න අඩුවට ගන්න පුළුවන් දවසක් විදිහට මේ Cyber Monday සලකන්න පුළුවන්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා NRF වෙබ් අඩවිය සහ UTPD වෙබ් අඩවිය භාවිතා කළ හැක.