මේ වෙනකොට Smartphones කියන්නේ මිලදීගන්නා විටම ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින device එකක් වුණත්, සමහර වෙලාවට හැම කෙනෙක්ම භාවිතා කරන, එකම විදිහේ සීමා සහිත දේවල් වලින් ඔබ්බට යන්න අපට ඕන වෙනවා.

අන්න ඒ වගේ වෙලාවට, මේ ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් සාමාන්‍යය ජංගම දුරකථන භාවිතා කරන්නන් හට access කරන්‍න දෙන්නේ නැතිව සීමා කර තිබෙන කොටස් වලට access ලබා ගැනීමට අපට සිදු වෙනවා.

iPhone එකක් Jailbreak කිරීම සහ Android ජංගම දුරකථනයක් Root කිරීම යන කාරණා දෙකෙන්ම පොදුවේ ගතහොත් සිදු කරන්නේ මේ ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් සීමා කර තිබෙන, මෙහෙයුම් පද්ධතියේ privileged access ලබා ගැනීමේ කටයුත්තයි.

iPhone Jailbreak කිරීම ගැන

iPhone එකක් භාවිතා කරන විට බොහෝ වෙලාවට ප්‍රධාන ගැටළු කිහිපයකට මුහුණ දීමට අපට සිදු වෙනවා

  • Apple සමාගම විසින් approve කර, App Store එකට ඇතුලත් කරන apps පමණක් භාවිතා කිරීමට සිදු වීම
  • Apple සමාගම විසින් නිර්මාණය කර දී තිබෙන user interfaces වලට කොටු වී, කැමති වුවත් නැතත් එයම පමණක් භාවිතා කිරීමට සිදු වීම
  • File system එකට access ලබා දී නැති නිසාවෙන්, file management කටයුතු වලදී ඇති වන අපහසුතාවය
  • iPhone එකේ තිබෙන free space එක USB Flash drive එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව නොමැති වීම
  • ඔව්! Wallpaper එකට ඔයා කැමති photo එකක් දාගන්නත් පුළුවන් වෙනවා 😜

මේ ආකාරයේ ගැටලු වලට ඔබට මුහුණදීමට සිදු වන්නේ, මම කලින් සඳහන් කළ විදිහේ සාමාන්‍යය ජංගම දුරකථන භාවිතා කරන්නන් වශයෙන් කටයුතු නොකර, තම හැකියාවන් උරගා බැලීමට හෝ එකම විදිහේ දේවල් භාවිතා කර එපා වීම නිසාවෙන් වෙනසක් බළාපොරොත්තුවෙන් සිටින්නන් සඳහා පමණක් වන අතර, තාක්ෂණික දැනුමින් අඩු, සාමාන්‍යය පුද්ගලයෙකු හට මෙවැනි ගැටළු ඇති වීමට තිබෙන හැකියාව ඉතාමත් අඩු වෙනවා.

කොහොම නමුත් iPhone එකක් Jailbreak කළහොත් ඉහත සඳහන් කළ සියළුම සීමාවන් වලින් ඔබ නිදහස් වන අතර, iOS සඳහා නිර්මාණය කළ ඕනෑම app එකක් Apple සමාගමේ අනුමැතිය නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම iOS එකේ සාමාන්‍යයෙන් ලබා දී තිබෙන පෙනුම වෙනස් කරගැනීමට හැකියාව ලැබෙන අතර Gaming emulators වැනි apps භාවිතා කිරීමේ හැකියාවත්, External Hard Drive එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇතුළු තවත් community එක විසින් develop කළ Jailbreak exclusive tools විශාල සංඛ්‍යාවක් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Android ජංගම දුරකථන Root කිරීම ගැන

Android ජංගම දුරකථන ගතහොත්, iPhone වල සඳහන් කළ ආකාරයේ ගැටළු එකක් වත් නොමැති බව ඔබට වැටහෙනු ඇත.

Google Play Store හැර වෙනත් App Stores ඕනෑ තරම් Android වලට ඇති අතර, අවශ්‍යය නම් තමන්ටම app එකක් නිර්මාණය කර එය තමන්ගේ ජංගම දුරකථනයේ install කරගෙන භාවිතා කිරීමේ හැකියාව Android ජංගම දුරකථන භාවිතා කරන්නන් හට නිතැතින්ම අවස්ථාව තිබෙනවා.

එහෙම නම් ඇයි Android ජංගම දුරකථනයක් root කරන්නේ?

  • Android ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් install කර තිබෙන bloatware, එහෙමත් නැතිනම් වැඩකට නැති apps සියල්ල ඉවත් කර දැමීමට හැකි වීම
  • overclock කිරීම හරහා performance වැඩි කරගැනීම හෝ underclock කිරීම මගින් battery life එක වැඩි කරගැනීම වැනි දේ සිදු කිරීමට හැකියාව ලැබීම
  • Ad block කිරීම, Xposed Framework වැනි framework භාවිතා කරමින් community එක විසින් නිර්මාණය කළ විවිධ ආකාරයේ apps/tools භාවිතා කළ හැකි වීම
  • නිෂ්පාදකයා ලබා දෙන මෙහෙයුම් පද්ධතිය මගින් ඔබට සන්තෘප්ත වීමට නොහැකි නම්, එය ඉවත් කර දමා තමන් කැමති විදිහේ operating system එකක් install කරගැනීමේ හැකියාව ලැබීම

මේ වගේ තවත් සිය දහස් ගණනක් වූ කරණු කාරණා මේ Android ජංගම දුරකථනයක් root කිරීමට හේතු වෙන්න පුළුවන්.


Jailbreak කිරීම සහ Root කිරීම කියන්නේ ඇත්තටම අදාල operating system එකේ exploit එකක්, එහෙමත් නැතිනම් දුර්වලතාවයක් භාවිතා කරමින් අපට ලබා දී නොමැති privileges, එහෙමත් නැතිනම් හැකියාවන් ලබා ගන්නා ක්‍රමවේදයක් බව තේරුම් ගතයුතු වෙනවා.

ඉතින් මේ වගේ දුර්වලතාවයකින් ප්‍රයෝජන ගන්නා විට, ආරක්ෂාව ගැනත් සැළකිලිමත් විය යුතු වෙනවා. විවිධ විදිහේ අනතුරුදායක apps මේ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන නිසා, එවැනි app එකකට root access ලැබුණහොත්, device එක factory reset කලත් එයින් ඉවත් නොවී සිටීමට පවා අදාල app එකට හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම මේ විදිහට Root කළහොත්, එහෙමත් නැතිනම් Jailbreak කළහොත්, ඔයාගේ ජංගම දුරකථනයට ලැබෙන Warranty එක අවලංගු වෙන බවත්, නිෂ්පාදකයා විසින් ලබා දෙන Software updates, තවදුරටත් නොලැබී යන බවත් මතක තබාගත යුතු වෙනවා.

ඒ වගේම මේ Root/Jailbreaking කරන අතරතුර යම්කිසි කටයුත්තක් වැරදී ගියහොත්, සමහර විට ජංගම දුරකථනය Brick වීම, එහෙමත් නැතිනම් වැඩකට ගත නොහැකි මට්ටමට (firmware නැවත flash කිරීම මගින් සාදාගත හැකි වන නමුත්, එය තමන් හට කරගැනීමට නොහැකි වුවහොත් මුදල් ගෙවා සිදු කරගැනීමට සිදුවිය හැක) පත්වීමට ඉඩ තිබෙනවා.


Jailbreak කිරීමට ක්‍රම කිහිපයක් ඇති අතර සමහර විටෙක ඔබ අලුත්ම iOS version එකක් භාවිතා කරනවා නම් සමහර විටෙක ඒ සඳහා Jailbreak කිරීමේ ක්‍රමවේදයක් තවමත් නොතිබිය හැකි වෙනවා.

එමෙන්ම Root කිරීමේ කටයුත්ත ද විවිධ ජංගම දුරකථන මාදිලි සඳහා සිදු කළ යුතු ක්‍රමයන් වෙනස් වුවත්, පොදුවේ ගත් කළ,

  • Bootloader එක unlock කිරීම
  • TWRP හෝ ClockworkMod වැනි custom recovery එකක් flash කිරීම
  • SuperSU හෝ Magisk වැනි rooting ක්‍රමවේදයකට අදාල zip file එකක් ලබාගෙන එය පෙර සඳහන් කළ recovery එක භාවිතා කරමින් flash කරගැනීම

පෙන්වා දිය හැකි අතර, Samsung වැනි ජංගම දුරකථන වලට Odin වැනි මෘදුකාංගයක් භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන්ම root කළහැකි ක්‍රමවේදයන් ද, KingRoot වැනි apps භාවිතා කරමින් Root කිරීමේ හැකියාව ද පවතින නමුත්, KindRoot වැනි ක්‍රමවේදයන් භාවිතා නොකරන තරමට හොඳ වන්නේ ඒ මගින් තවත් bloatware තොගයක් අපගේ අවසරයකින් තොරව install කරවන බැවිනි.

මේ සඳහා සාමාන්‍යය මට්ටමේ තාක්ෂණික දැනුමක් අවශ්‍යය වන අතර, මේ දැනුම XDA-Developers වැනි forums හරහා පහසුවෙන්ම ලබාගත හැකි අතර ඉතිරි සියල්ලටම Google search engine එක භාවිතා කළ හැකි වෙනවා.


Rooting සහ Jailbreaking ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න තවත් කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.