Voyager යන නම පිළිබදව ඔබ මීට පෙර බොහෝ සෙයින් අසා ඇති. Voyager මෙහෙයුම කියන්නේ මිනිසා විසින් සිදු කළ අභ්‍යවකාශ ගවේෂණ වලින් ඉතාමත් වැදගත් මෙහෙයුමක්. එයට ප්‍රධානතම හේතුව වන්නේ යම් වස්තුවක් පෘථිවියේ සිට ගමන් කර ඇති වැඩිම දුර අයත් වන්නේ Voyager යානා වලට නිසා.

Voyager මෙහෙයුම

Voyager මෙහෙයුම සිදු කරනු ලැබුවේ The National Aeronautics and Space Administration හෙවත් NASA ආයතන විසින්. Voyager මෙහෙයුම සතුව යානා දෙකක් තිබුණි. පළමුවන යානය Voyager 1 ලෙසත් දෙවන යානය Voyager 2 ලෙසත් නම් කර තිබුණි මෙම යානා දියත් කරනු ලැබුවේ 1977 සැප්තැම්බර් 5 වන දිනයි. එනම් මීට වසර 44 කට පෙරයි. ඒ, යානා දෙක අතර සතියක කාල පරතරයක් සහිතවය. විශේෂම කාරණාව වන්නේ මෙම යානා පෘථිවියේ සිට ඉතා විශාල දුරක් ගමන් කරත් අදටත් මෙම යානා පෘථිවිය හා රේඩියෝ සබදතා පවත්වා ගැනීමයි. මෙයින් ප්‍රථමව දියත් කරනු ලැබුවේ Voyager 2 වන අතර ඉන් පසුව Voyager 1 යානය දියත් කරන ලදි

Voyager යානා වල ගමන් මග

පහත රූපයේ දම් පැහැති ගමන් මාර්ගය මගින් දක්වා ඇත්තේ Voyager 1 යානයේ ගමන් මගයි. Voyager 1 යානය බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් පසු කරමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇදී ගියේය. එහිදී එම යානය සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙක් වන Titan ද නිරීක්ෂනය කරනු ලැබුවා.

පහත රූපයේ නිල් පැහැති ගමන් මාර්ගය මගින් දක්වා ඇත්තේ Voyager 2 යානයේ ගමන් මගයි. Voyager 2 යානය බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයින්ට අමතරව යුරෙනස් සහ නෙප්චූන් ග්‍රහයින්ද නිරීක්ෂණය කරමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇදී ගියේය. මෙහිදී ප්‍රථම වතාවට Voyager 2 යානය මගින් යුරෙනස් සහ නෙප්චූන් ග්‍රහලෝක වල පැහැදිලි සමීප ඡායාරූප ලබා ගත හැකි වීමයි.

මේ වන විට මෙම යානා පිළිබද සජීවී විස්තර හා සජීවී පිහිටා ඇති ස්ථානය පිළිබද දත්ත ඔබට පහත Link එක හරහා NASA නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

Voyager - Mission Status

Golden Record (පෘථිවියෙන් යැවූ හඩ පටය)

Voyager 1 යානය මේ වන විට පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇති අන්තර් තාරුකා මාධ්‍යයෙහිය (Interstellar Medium) මෙම යානා ආනාගතයේ දවසක වෙනත් ග්‍රහ මණ්ඩලයක් හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. එම හේතුව නිසාවෙන් සහ වෙනත් ග්‍රහ පද්ධතියක සිටින දියුණු ජීවීන්ට මෙය හම්බුණහොත් පෘථිවිය පිළිබදව හා පෘථිවියේ ජීවීන් පිළිබදව විස්තර දැනගැනීමට ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍යයෙන් Voyager 1 යානයෙහි පිටතින් රනින් සැකසූ තැටියක ඇතුළත් කර තිබෙනවා. පහත රූපයෙන් ඔබට එම තැටිය දැක ගත හැක.

මෙහි ඇතුළත් දත්ත

  • 1977 සිටි ඇමරිකාවෙ ජනාධිපති ගේ කතාවක කොටසක්
  • පෘථිවිය පිළිබද විද්‍යාත්මක දත්ත
  • පෘථිවියේ ජීවත් වන මිනිසුන්ගේ නිරුවත් ආකෘති දෙකක් (තැටියේ දිරිපස)
  • පෘථිවියේ විවිධ ශබ්ද
  • විවිධ භාෂා වලින් විවිධ ජාතීන්ගේ අචාර (සිංහල භාශාවද ඇතුළත් වේ)

මේ පිළිබද වැඩි දුර විස්තර හා මෙම තැටියේ අඩංගු ශබ්ද පහත Link එක හරහා NASA නිළ වෙබ් පිටුවෙන් ශ්‍රවනය කළ හැක.

Voyager - Sounds on the Golden Record

මේ පිළිබදව ඔබට සමීප කිරීමට අවශ්‍ය වූයේ , අදට Voyager යානා සහ Voyager මෙහෙයුම සාර්ථකව ආරම්භ වසර 44 ක් සපිරීම නිමිත්තෙන්ය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා NASA වෙබ් අඩවිය සහ Wikipedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.