Android ජංගම දුරකථනයක් භාවිතා කරන විට අප බොහෝ දෙනා එහි කැමරාව භාවිතයෙන් Photos ලබා ගන්නවා වගේම බොහෝ වෙලාවට ඒවා විවිධ ආකාරයට edit කර social media වලට එකතු කරනවා.

මේ වැඩේට ඔයා භාවිතා කරන්නේ ඔයාගේ PC එක නම්, බොහෝ වෙලාවට මේ සදහා Photoshop, Lightroom, Gimp, Photoscape වැනි විවිධ වර්ගයේ මෘදුකාංග එකක් හෝ කිහිපයක් යෙ‍ාදා ගන්නවා ඇති.

ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා ඔයාගේ Smartphone එක හරහා පාවිච්චි කරන්න පුලුවන් ගොඩක්ම දියුණු Photo editing app එකක් ගැනයි.

මේ වන විට Google Play Store එක හරහා දහස් ගණනක් Photo editing apps හොයාගන්න පුලුවන් වුණත් ඒ අතරින් අපගේ අවශ්‍යතාවයට ගැලපෙන වගේම ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Photo Editing apps ඇත්තේ කිහිපයක් පමණයි. ඒ අතලොස්ස අතරින් බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනා ඇති Snapseed app එක ගැන මේ ලිපිය තුළින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

මෙය Play Store එක හරහා මෙන්ම App store එක හරහා පහසුවෙන් Download කර ගත හැකි අතර වර්ථමානය වන විට මෙහි හිමිකාරීත්වය දරනු ලබන්නේ Google සමාගම විසින් වුවත් මීට පෙර මෙය මූලිකව මෙය develop කරන ලද්දේ Nik Software නම් ආයතනයක් විසින්.

අපි බොහෝ වෙලාවට Android Smartphone එකක් තුළින් බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම advance photo edit එකක් නම් නෙමෙයි. අපි බොහෝ වෙලාවට මේ පින්තූර භාවිතා කරන්නේ social media වල, යාලුවන් සමඟ හෝ පවුලේ අය අතර share කර ගන්නයි.

ඉතින් මේ app එක එම අවශ්‍යතා වලට සරිලන ලෙස නිර්මාණය කරල තියෙනවා වගේම සාමාන්‍යයෙන් අනෙකුත් photo editing app එකකට වඩා තරමක් advance, එහෙමත් නැතිනම් professional ඝනයේ photo edit කිරීමක් වුවත් මේ හරහා කර ගන්න පුලුවන්.

මේ කාර්යය ඉතාමත් සාර්ථකව සිදු කරන්න මේ app එකෙහි tools ගණනාවක්ම එකතු කරන්න Google සමාගම සමත් වෙලා තියෙනවා වගේම ඕනෑම කෙනෙකුට මේ tools ඉතා පහසුවෙන් තේරුම් ගන්න/භාවිතා කරන්නත් හැකි ලෙස නිර්මාණය කරන්නට සමත් වෙලා තිබෙනවා.

මූලිකව පින්තූරයක් open කළ විට Styles, Tools සහ Export වශයෙන් ප්‍රධාන කොටස් 3කින් මේ app එක සමන්විත වන අතර Styles යන section එකෙන් අප open කර ගත් පින්තූරයට විවිධ filters එකතු කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ හරහා Google සමාගම විසින් කලින් සකස් කරන ලද filters ගණනාවක් ලබා දී තිබෙන අතර ඔයාට වැඩි කාලයක් ගත නොකර ඉක්මණින්ම photo එකට effect එකක් එකතු කරන්න ඕන නම් මේ section එක භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම Tools කියන section එක යටතේ ඇති විවිධ tools මගින් photo එක තවදුරටත් විවිධ වෙනස්කම් වලට ලක් කරන්න වගේම සියලු වෙනස්කම් සිදු කර අවසානයේ එසේ සකස් කරගත් ඡායාරූපය save කරන්න export කියන section එක වැදගත් වෙනවා.

Styles, Tools සහ Export කියන ප්‍රධාන sections
මෙම Snapseed app එකෙහි අන්තර්ගත විශේෂ tool කිහිපයක් පිළිබඳව අප දැන් විමසා බලමු.

Crop tool
මේ tool එක photo එකක් edit කරන ඕනම basic app එකක තිබෙන tool එකක් වුණත් අපිට ඕනෑම විදිහකට photo එක crop කරගන්නවාට අමතරව, 4:3, 16:9 වැනි සම්මත aspect ratio කිහිපයක් හරහා standard size එකකට crop කරගැනීමට අපිට අවස්ථාව ලැබෙනවා.

Tune image
මේ Tool එක හරහා Image එකේ Brightness, Contrast, Saturation, Shadows වැනි දේවල් තමන්ට කැමති ආකරයට සකසා ගැනීමට හැකියාව ලැබෙන අතර සාමාන්‍යයෙන් Photoshop හෝ Lightroom භාවිතා කර විශාල වෑයමක් දරා සිදුකරගන්නා තත්ත්වයේ output එකක් මේ tool එක භාවිතා කිරීමෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

White balance
මෙම tool එක මගින් image එකේ temperature එක වෙනස් කරන්න වගේම tint එකක් එකතු කරන්න ඕන නම් අන්න ඒ පහසුකම ලබාගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් ඉක්මණින් මේ දේ කරගන්න ඕන නම් මෙහි තිබෙන automatic white balance පහසුකම භාවිතා කරන්නත් හැකියාව තිබෙනවා.

Selective
හිතන්න අපි ලබාගත්ත ඡායාරූපයක කොටසකට විතරක් යම්කිසි effect එකක් එකතු කරන්න ඕන කියලා. අහස තිබෙන ඡායාරූපයක අහස පමණක් select කරලා එහි වර්ණය වෙනස් කිරීම වැනි පහසුකමක් ලබා ගැනීමට මේ selective tool එක හරහා අවස්තාව ලැබෙනවා.

Text
ඒ වගේම social media වලට අපේ photos upload කරන විට බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි අදාළ ඡායාරූපයට quote එකක්, එහෙමත් නැතිනම් කවියක කොටසක් වැනි text එකක් එකතු කිරීම. ඉතින් Snapseed වල මේ පහසුකමත් අන්තර්ගත වෙන අතර මෙහි ඇති text style කිහිපයක් අතුරින් ඔයා කැමති විදිහේ එකක් තෝරගන්න හැකියාව තිබෙනවා.

ඉහතින් සඳහන් කරන්නට කටයුතු කරනු ලැබුවේ අපිට නිතරම අවශ්‍යය වෙන tools කිහිපයක් පමණක් වුණත් මීට අමතරව Lens blur, HDR Scape, Vignette, Healing වැන තවත් tools ගණනාවක් මේ Snapseed app එකේ අන්තර්ගත වෙනවා.

ඉතින් ඔයත් කැමති නම් Pro කෙනෙක් වගේ ඔයාගේ photos edit කරන්න, අදම Snapseed app එක download කරගන්න අමතක කරන්න එපා.

සමහර විට මේ වගේ තවත් apps ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Community එකට ඇවිත් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Google සමාගමේ නිළ  help page එක වගේම ඔවුන්ගේ නිළ YouTube Channel එකත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.