පාසලේදි, campus එකේදි අපට දෙන note එකක් හරි, කඩේට ගෙනියන බඩු list එකක් හරි මතක තියාගන්න ඕන වුණාම අපි ඉස්සර නම් කරන්නෙ පොඩි කොළ කෑල්ලක ලියාගන්නවා එහෙමත් නැතිනම් ජංගම දුරකථනයෙ SMS එකක් විදියට draft කරගන්නවා.

ඒත් smartphone භාවිතයට ආවට පසුව අපි ගොඩක් දෙනෙක් මේ සඳහා App එකක් භාවිතා කරන්න පුරුදු වුණා. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය app එකක් තමයි Evernote කියන්නේ.

නමුත් Evernote භාවිතා කරද්දි අපිට එන ප්‍රශ්න වලින් ප්‍රධාන එකක් තමයි මේ app එක mid-range phone වලදි එහෙමත් නැතිනම් performance අඩු phone එකකදී ටිකක් slow වෙන එක.

ඉතින් ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් පහසුකම් අතින් වගේම performance අතිනුත් ගොඩක් හොඳ app එකක් වෙන Google Keep ගැන තමයි අද අපි කතා කරන්න බළාපොරොත්තු වෙන්නේ.


මේ Google Keep කියන්නේ Google සමාගම විසින් 2013 වර්ෂයේ හඳුන්වා දෙන්න කටයුතු කළ සරළ නමුත් බොහොම ප්‍රයෝජනවත් Note ගන්න app එකක්. මේකේ තිබෙන ප්‍රධානම වාසිය තමයි මේ app එක ඕනම පොඩි smartphone එකකම වගේ slow වෙන්නේ නැතිව වැඩ කරන එක.

ඒ වගේම මේ app එක Android, iOS වලට වගේම Chrome සඳහා extension එකක් වශයෙන් ද Gmail web app එක හරහා ද භාවිතා කරන්න අවස්ථාව තිබෙන අතර මේ හරහා text, image, voice වගේ විවිධ විදිහේ notes තියාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.

Text Notes

ඔයාට note එකක් ලියන්න ඕන නම් කරන්න තියෙන්නේ Take a note... කියන තැන tap කරලා ඕන කරන දේ type කරන එක. ඔයාට අවශ්‍යය දේ ලියලා ඉවර වුණාම අමුතුවෙන් save කරන්න අවශ්‍යයතාවයක් නැහැ. ඒක auto save වෙන නිසා ආපහු back button එක press කරලා එයින් ඉවත් වුණාම මේ ප්‍රධාන screen එකේ ඔයා type කරපු දේ තියන අලුත් note එකක් විදිහට ඒක එකතු වෙනවා.

Checklists

ඒ වගේම ඔයාට shopping list එකක් හර, ඊළඟට කරන්න තියන වැඩ list එකක් හරි එහෙමත් නැතිනම් meeting එකකදි, presentation එකකදී කතා කරන්න ඕන කරන points ටික හරි note එකක් දාගන්න ඕන නම් ඊළඟට තිබෙන checkbox icon එක මත tap කරලා ඒක කරගන්න පුළුවන්.

Note with drawing

ඒ වගේම ඉන් පසුව තිබෙන pencil icon එක tap කිරීම මගින් ඔයාට ඕන අවස්ථාවක දළ සටහනක් ඇඳගන්න වගේ මොනවාහරි දෙයක් අඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ අඳින අවස්ථාවේදී ඔයාට වැඩියෙන් ඉඩ ඕන නම් ඇඟිලි දෙකකින් ඉහළට swipe කිරීම මගින් තවත් ඉඩ ලබාගන්නත් පුළුවන්.

Voice notes

Mic එකක් icon එක tap කලොත් ඔයාට voice record එකක් save කරගන්න අවස්ථාව ලැබෙන අතර ඔයා කියන දේ ඒ වෙලාවෙම text වලට convert වෙලා audio එකත් එකක්ම text transcript එකකුත් ඔයාට ලබාගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

Notes with image

අන්තිමට තිබෙන image එකක icon එක tap කරලා ඔයාගේ phone එකේ තිබෙන image එකක් හරි, camera එක භාවිතා කරලා ඕනම විදිහේ photo එකක් හරි අරගෙන ඒක note එකක් විදිහට save කරගන්නත් අවස්ථාව තිබෙනවා.

හිතන්න ඔයා whiteboard එකක තිබෙන Note එකක් photo එකක් ගත්තා කියලා. අපිට ඕන ඒ image එකේ තිබෙන text එක අපේ note එකට ගන්න. අන්න ඒ පහසුකමත් මෙහි තිබෙන Grab image text කියන පහසුකම හරහා ලබාගන්න පුළුවන්.


මීට අමතරව මේ ගන්න හැම note එකක්ම අපිට ඕන color එකකින් tag කරලා තියාගන්න, කාටහරි යවන්න (Sharing), Reminder එකක් set කරන්න වගේම කාත් එක්කහරි එකතු වෙලා එකම note එකකට කරුණු එකතු කරන්න (Collaboration) සහ තවත් විවිධ විදිහේ පහසුකම් රැසකින් මේ app එක සමන්විත වෙනවා.

ඕන නම් මේ note එකක් කෙලින්ම Google Docs වලට transfer කරන්නත් පුළුවන් වගේම note එක භාවිතා කරලා ඉවරයි නම් ඒක archive කරන්නත්, ඒක ඕනම නැත්තම් delete කරලා දාන්නත් ඔයාට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඔයා මේ app එක තාමත් භාවිතා කරලා නැත්නම් අදම Google Play Store එක හරහා හෝ Apple App Store එක හරහා download කරගන්න. ඒ වගේම මේ app එක හරහා ඔයා save කරගන්න notes, keep.google.com කියන web app එක හරහා ඔයා PC එක භාවිතා කරන වෙලාවට access කරන්නත් පුළුවන්.


සමහර විට මේ වගේ තවත් apps ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Community එකට ඇවිත් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Support page එක භාවිතා කරන්න හැකියාව තිබෙනවා.