Podcast එහෙමත් නැතිනම් netcast කියලා කියන්නේ මේ වන විට ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය broadcasting method එකක් වන අතර පසුගිය වසර කිහිපයක කාළසීමාව ඇතුලත අපේ රට තුලත් මේක trend එකක් ලෙස පැතිර ගිය බව ඔබ දකින්නට ඇති.

Podcast කියන්නේ මොනවාද?

Podcast කියන්නේ radio program එකක් වගේ සංවාදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ලබන, නමුත් කලින් record කරලා අන්තර්ජාලයට එකතු කරලා තිබෙන episodes, එහෙමත් නැතිනම් කොටස් වශයෙන් පළ කරනු ලබන audio program විශේෂයක්.

සාමාන්‍යයෙන් අපි radio program එකකට සවන්දෙනවා නම්, ඒක අපිට ඕන වෙලාවට අහන්න හැකියාව නොලැබෙන නමුත් මේ වගේ Podcast එකක්, drive කරන වෙලාවට, බස් එකේ යන වෙලාවට වගේ අපිට අහන්න පහසු වෙලාවක ඇසීමේ හැකියාව/පහසුව තිබෙනවා.

විශේෂයෙන්ම මේවා අහන්න වෙනමම නිර්මාණය කරන ලද (Google Podcasts, Apple Podcasts වගේ) apps තිබෙන අතර ඒ ආකාරයේ app එකක් හරහා හෝ අදාල audio file එක සෘජුවම download කරගෙන හෝ මේවාට සවන් දෙන්නට අසන්නන්ට හැකියාව ලැබෙනවා.

අපේ රටේ තිබෙන Podcasts මොනවද?

මේ වන විට අපේ රටේ Podcasts විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර මේ සියළුම Podcasts එකම තැනකින් ඇසීමේ හැකියාව podcasts.lk වෙබ් අඩවිය හරහා ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Tech කතා, Illumination Cast, HyperStella, Topic Eka Podcast, MindHorizon වගේ තවත් Podcasts විශාල සංඛ්‍යාවකට මේ හරහා සවන්දීමේ හැකියාව තිබෙනවා.

තාක්ෂණය පිළිබඳව තිබෙන Podcasts මොනවද?

අපේ රටේ මේ විදිහට විශාල වශයෙන් ජනප්‍රිය වුණු, ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ තාක්ෂණය ගැන, අලුත් දේවල් ගැන වගේම එදිනෙදා තාක්ෂණික කටයුතු වලදී පැන නැගෙන ගැටළු වගේ දේවල් ගැන කතා කරන ප්‍රධාන Podcast දෙකක් දැකගත හැකි වෙනවා.

මේ අතරින් Tech කතා podcast එක වසර ගණනාවක සිට පැවැත්වෙන අතර මේ වන විට ටික කාලයක විවේකයක් ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

කොහොම නමුත් Illumination cast එක දීර්ඝ නිහැඬියාවකින් පසු ඔවුන්ගේ Season 03 එක ආරම්භ කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඇයි Illumination Cast එක අපිට විශේෂ වෙන්නේ?

ඔයා Techie එක්ක එකතු වෙලා ඉන්නේ tech ලෝකේ සිද්ධ වෙන අලුත්ම දේවල් ඉක්මණින්ම, දන්න සිංහලෙන් දැනගන්න වුවමනාව, උනන්දුව නිසා බව අමුතුවෙන් මතක් කරන්න වුවමනා නැහැ.

ඉතින් මේ Illumination cast එක හරහා ඉදිරිපත් කරන්නෙත් ඔයා ආසාවෙන් බලාගෙන ඉන්න ඒ දේවල් ගැනම තමයි. ඒ වගේම Podcast එකක දකින්න ලැබෙන international quality එක අපිට මේ podcast එකේ දකින්න ලැබෙනවා.

විශේෂයෙන්ම වෙනත් රටවල් වල podcast වලට සවන්දෙන කෙනෙක් නම් මේ podcast එකේ තිබෙන audio quality එක, content quality එක සහ සංවිධානාත්මක බව ගැන සැසඳීමක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.

වසර දෙකක පමණ කාළසීමාවක් තිස්සේ මේ podcast එකේ season 2ක් පමණ විකාශය කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර අද දින ඔවුන්ගේ තුන් වන season එක ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.

Apple සමාගමේ WWDC 2019 event එක ගැන අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති, ඒ ලිපිය හරහා අපි පැහැදිලි කලාටත් වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඊට අදාල ප්‍රවීන පුද්ගලයෙකුත් සම්බන්ධ කරගෙන Season 03 එකේ පළමුවැනි episode එක හරහා ඉදිරිපත් කරන්නට මොවුන් කටයුතු කරලා තියෙනවා.

මේ වගේ තාක්ෂණික දේවල් වලට අමතරව කාලීනව සහ සමාජයීය වශයෙන් වැදගත් වෙන බොහෝ දේවල් මේ Podcast එක හරහා දැනගැනීමට ඔබව අවස්ථාව ලැබෙනවා.

ඉතින් තාක්ෂණය ගැන උනන්දු ඔයාටත් මේ podcast එක අහලා බලන්නට ආරාධනා කරන අතර ම podcast එක ගැන හරි, ඒකේ කතා කරන දේවල් ගැන හරි ප්‍රශ්න තියෙනවා නම්, Illumination Community එක හරහා ඒ ගැන සාකච්ඡා කරන්නත් ඔයාට අවස්ථාව තිබෙනවා.


සමහර විට Podcasts ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.