අපේ රටේ ගොඩ දෙනෙක් මේ වන විට Software development වලට ලොකු උනන්දුවක් දක්වන බව දැකගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලොව පුරා සෑම software developer කෙනෙකුම පාහේ තමන්ගේ ගැටළු වලට පිළිතුරු සොයාගැනීමට භාවිතා කරන්නේ Stackoverflow වෙබ් අඩවිය වන නමුත් මුලින්ම මේ ක්ෂේත්‍රයට පිවිසෙන පිරිසට ඉතාමත් පහසුවෙන් තමන්ගේ මව් භාශාවෙන්ම තමන්ට ඇති වෙන ගැටළු සාකච්ඡා කරන්නට Lanka Developers community එක භාවිතා කළ හැකි වෙනවා.

ඒ වගේම තමන්ගේ දැනුම අලුත් පරම්පරාව සමඟ බෙදාහදාගන්නට කැමැත්තෙන් සිටින පිරිසට තම දැනුම පහසුවෙන්ම ඊට අදාලම පිරිස අතරට රැගෙන යන්නට මේ community එක බොහොම වැදගත් වෙනවා.

මේ වන විටත් Android Development, Web Development ඇතුළු තවත් බොහෝ දේ ගැන විශාල පරාසයක categories යටතේ සිංහල භාශාවෙන්ම නිර්මාණය කරනු ලැබූ tutorials බොහෝමයක් මෙහි දැකගන්නට ලැබෙනවා.

විශේෂයෙන්ම IT ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු අයට එදිනෙදා මතුවන ගැටළු වලට ඊට අදාල ප්‍රවීනයෙකුගේ හෝ ඒ හා සම්බන්ධ අත්දැකීම් ඇති වෙනත් පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීමට/ලබා දීමට හැකියාව ශ්‍රී ලාංකික ඔබට මේ හරහා ලැබෙනවා.

මේ වන විට ‍මේ Lanka Developers community එක සමඟින් සාමාජිකයන් දහසකට අධික පිරිසක් සම්බන්ධ වී සිටින අතර ඒ අතරින් බොහෝ දෙනෙකු ක්‍රියාශීලීව තම දැනුම හුවමාරු කරගැනීමට මෙන්ම එදිනෙදා මතුවන ගැටළු විසඳාගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් ආකාරයෙන් භාවිතා කරනු දැකගත හැකි වෙනවා.

ඉතින් ඔබත් IT ක්ෂේත්‍රයට ඇලුම් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ Lanka Developers community එකට එකතු වෙන්නත්, තමන් දන්න දේ අපේම රටේ අපේම සහෝදර පිරිස සමඟ බෙදාගන්නත් අමතක කරන්න එපා.