මේ වන විට ඔබත් මමත් ඇතුලු අප බහුතරයක් දෙනා එදිනෙදා වැඩ පහසු කර ගැනීමට Smart Phone භාවිතා කරනු ලබන අතර ඒවායෙන් ලබා දෙන අලුත් අත්දැකීම් තුළින් එදිනෙදා විවිධ කාර්යයන් පහසු කර ගන්නා බව සත්‍යක්.

ඒ කොහොම වුණත් ඔබ පොත් පත් ආශ්‍රිත අධ්‍යාපනික කටයුත්තක් කරන අවස්ථාවක, පවුලේ අය සමග කටයුතු කළ යුතු අවස්ථාවක, ක්‍රීඩා කටයුතු කරන අවස්ථාවල Smart Phone එක කරදරකාරී වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇතුවාට සැක නැත.

ඉතින් මේ ගැටලුවට විසදුමක් හොයන්න ඉදිරිපත් වුන Seekrtech සමාගම stay focused සහ be present යන සංකල්පය පදනම් කර ගනිමින් Forest කියන App එක හදුන්වා දෙන අතර මේ App එක හරහා තමන්ට අවශ්‍යය අවස්ථාවට තම Smart Phone එකෙන් සිදු වන බාධාකාරී තත්ත්වය මගහරවාගෙන තමාට අවශ්‍යය කාර්යය සඳහා සම්පූර්ණ අවධානය යොමු කර ගන්න අවස්ථාව ලැබෙනවා.

මේ App එක භාවිතා කිරීම හරහා ඔයාගෙම කියලා විවිධ වර්ගවලින් පිරුණු ගස්, පදුරු ආදියෙන් සමන්විත අලංකාර virtual forest එකක් නිර්මාණය කර ගන්න ඔයාට පුලුවන්. ‍මෙතනදී විශේෂම දේ තමයි ඔයා ඔයා විසින්ම ස්වයං පාලනය වනතාක් ඔයාට පුලුවන් ඔයාගේ වනාන්තරය දවසින් දවස ලස්සන කරගන්න.

ඔයා මුලින්ම කරන්න ඕනෙ ඔයාට Focus කරල වැඩ කරන්න අවශය කාලය select කරලා plant කියන button එක press කරන්න විතරයි. ඔයා select කරපු වෙලාවට ගැලපෙන විදිහේ ගහක් ඒ කාලය තුළ පැළ වෙන්න පටන් ගන්නවා.

මේ App එක හරහා ඔයාට එන notifications වගේ ඔයාගේ අවධානය බිඳින දේවල් නවත්වන නිසා, මේ ඇප් එකෙහි උපරිම ක්‍රියාකාරීත්වයට අවශය Advance Detect access මේ App එකට ලබා දෙන්න ඔයාට සිද්ධ වෙනවා.

අදාල කාලය Focus කරල වැඩ කළහොත් ලස්සන පැළවුනු ගසක් දැකගන්න පුලුවන් වගේම ඒ පැළවුනු ගස ඔයාගේ වනාන්තරේ ගිහින් හිටවන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයා Focus කරල වැඩ කරපු කාලය අනුව Coins දිනා ගන්නත් ඒ Coins භාවිතා කරලා නව ශාක ප්‍රභේධ මිලදී ගන්නත් මේ හරහා හැකියාව ලබා දී තිබෙනවා.

කිසියම් හේතුවක් නිසා ඔයා අදාල ක‍ාර්යය අතරමග නවතා Social media වැනි App එකක් භාවිතා කරන්න උත්සාහ කළහොත් නැවත Forest App එකටම ඔයාව යොමුවන අතර ඒ අදාල ඇප් එක භාවිතා කරන්න අවශ්‍යය නම් දැනට පැළ වෙමින් තියෙන ළපටි පැලය විනාශ කර දැමීමට ඔයාට සිදුවෙනවා.

එතැන් සිට ඔයාගේ වනාන්තරය තුළ ඒ පැළය සදකාලික මැරුණු ශාකයක් බවට පත්වෙනවා වගේම ඔයාගේ අලංකාර වනාන්තරයට අඳුරු ප්‍රදේශයක් ඒ මැරුණු ශාකය මගින් ඇති කරනු ලබනවා.

ඉතින් ඒ වගේම මේ ඇප් එක භාවිතා කරලා ඔයාට පුලුවන් යාලුවොත් එකක් එකතු වෙලා පැළ හිටවන්න, Achievements සම්පූර්ණ කරලා Badge දිනා ගන්නත්, ඔයා කරන වැඩ Tags වලට බෙදාගෙන කරන්න වගේම ඒ ඒ කාර්යයන් වල ඔයා කොච්චර හොදින් නිරත වුනාද කියලා දැනගන්නත් පුලුවන්.

ඒ වගේම ඔයා ගන්න Coins භාවිතා කරල ඇත්ත ලොකේ ගහක් පැළ කරන්නත් මේ app එක හරහා හැකියාව ලැබෙනවා. මේ app එක නිර්මාණය කරපු සමාගම ඇත්ත ලෝකයේ ගස් හිටවන ආයතනයක් සමඟින් එකතු වෙලා තමයි මේ කර්තව්‍යය සිදු කරන්නේ.

මේ app එක iOS සහ Android සඳහා පිළිවෙලින් AppStore සහ Play Store හරහා download කරගැනීමේ හැකියාව තිබෙනවා.


සමහර විට මේ වගේ ප්‍රයෝජනවත් apps ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.