Facebook Group වල මේ දින වල බොහෝ සාමාජිකයන් හට අලුත් Badges ලැබී තිබෙනු දැකගත හැකි වන අතර මේ ආකාරයේ Badge වල තේරුම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණ වෙනවා.

විශේෂයෙන්ම මේ Group Badges හඳුන්වාදීමට කටයුතු කර තිබෙන්නේ Group එකක් ඇතුලත සිටින සාමාජිකයන් හට අනෙකුත් සාමාජිකයන් පිළිබඳව තිබෙන අවබෝධය වැඩිදියුණු කිරීමට වන අතර admins, moderators මෙන්ම අලුතින් එකතු වන සාමාජිකයින්, වසරක් සම්පූර්ණ කළ සාමාජිකයින් ඇතුළු විශාල Badges ප්‍රමාණයක් මේ වෙනුවෙන් හඳුන්වාදීමට Facebook ආයතනය කටයුතු කර තිබෙනවා.

අපි මේ හැම Group Badge එකකම තේරැම වෙන වෙනම හොයලා බලමු.

  1. Admin and Moderator‌‌
    මේ Badge එක මගින් හඳුන්වන්නේ අදාල Group එකෙහි admin සහ moderator යන role වල සිටින පිරිස වන අතර එම group එක මෙහෙයවනු ලබන කාර්යයමණ්ඩලය අනෙකුත් සාමාජිකයන් හට මේ හරහා පහසුවෙන් හඳුනාගත හැකි වෙනවා.
  2. New Member‌‌
    පසුගිය සති දෙක ඇතුලත අලුතින් Group එකට ඇතුලත් වූ සාමාජිකයන් හට මෙම Badge එක හිමි වන අතර, ඔවුන්ව group එකට පිළිගැනීමේදී පහසුවෙන් හඳුනාගැනීමට මෙම Badge එක වැදගත් වෙනවා.
  3. Group Anniversary‌‌
    සාමාජිකයෙකු අදාල Group එකට සම්බන්ධ වූ දිනයේ සංවත්සරයේදී මෙම ලාංඡනය දිස්වන අතර ඔහු හෝ ඇය එම Group එක වෙනුවෙන්/තුළ ගත කළ කාළය පිළිබඳව අවබෝධයක් මෙයින් ලබාගත හැකි වෙනවා.
  4. Conversation Starter‌‌
    අර්ථවත් සාකච්ඡා ආරම්භ කරන සාමාජිකයින් හඳුනා ගැනීමට මෙම Badge එක භාවිතා වන අතර පසුගිය මාසය ඇතුලත වැඩිපුරම Likes හා Comments ලැබුණු posts වල හිමිකරුවන් සඳහා මෙම ලාංඡනය දිස්වනු ඇත.
  5. Founding Member‌‌
    මෙම ලාංඡනය ප්‍රධානය කරනු ලබන්නේ Group එකක් අලුතින් නිර්මාණය කර පළමු දින තුන ඇතුළත එක් වී ලිපියක් ලිවීමට, අදාල group එකට තවත් පුද්ගලයන් හට ආරාධනා කරන පුද්ගලයන්ට මෙම ලාංඡනය ලබා ගත හැක. මෙම ලාංඡනය ලබා ගත හැක්කේ අලුතින් සාදන ලද Group වල පමණි.
  6. Conversation Booster‌‌
    මේ Badge එක හිමි වන්නේ නිතරම අර්ථවත් සාකච්ඡා පළ කරනු ලබන සහ වෙනත් පුද්ගලයන් Group එක වෙනුවෙන් දායක වීමට යොමු කිරීමට කටයුතු කරනු ලබන පුද්ගලයන් හටයි.
  7. Visual Storyteller‌‌
    Group එකක් තුළ සාමාජිකයින්ට වටිනා යැයි පෙනෙන ඡායාරූප හෝ වීඩියෝ බෙදා ගන්නා සාමාජිකයින් සඳහා මෙම ලාංඡනය ලබා දෙනු ලබනවා.
  8. Greeter‌‌
    අලුතින් එකතු වන සාමාජිකයන් හට නිතර නිතර උදව් කරමින්, අවශ්‍යය තොරතුරු ලබා දෙමින් ඔවුන්ව පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරන්නන් හට මෙම Badge එක හිමි වෙනවා.
  9. Link Curator‌‌
    Group එක නිර්මාණය කර ඇති topic එකට අනුකූල වන news share කරනු ලබන පුද්ගලයන් හට මෙම Badge එක හිමි වෙනවා. මෙහිදී තත්ත්වයෙන් උසස්, එනම් වැදගත් වන ආකාරයේ වෙනත් වෙබ් අඩවි වලට අදාල link share කළ විට, එම link වලට ලැබෙන reaction සහ comments ප්‍රමාණය අනුව තෝරාගනු ලැබෙනවා.
  10. Rising Star‌‌
    Group එකට ඇතුලත් වී පළමු මාසය ඇතුලත පළ කරනු ලබන post සඳහා ලැබෙන reactions සහ comments ප්‍රමාණය අනුව මෙම Badge එක හිමි වන අතර පළ කරනු ලබන ලිපි ප්‍රමාණයද මෙය ලබා දීමේදී සැළකිල්ලට ගනු ලැබෙනවා.

සෑම group එකකටම ඉහත සඳහන් කළ සෑම Badge එකක්ම අදාල නොවන බැවින්, Group admin හට තම group එකට ගැලපෙන badges පමණක් තෝරාගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර, අවම තරමින් සාමාජිකයන් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින group වලට පමණක් මෙම පහසුකම ලැබෙන බව Facebook සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සමහර විට Facebook Group Badges ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Community එක භාවිතා කළ හැක.