Misinformation, Disinformation, සහ Malinformationවලට හසු නොවී, වගකීම් සහගත ලෙස ඩිජිටල් අවකාශයේ කටයුතු කරන්න මේ ලිපිය ඔබට උදව්වේවි.
Misinformation, Disinformation, සහ Malinformation (MDM) වල බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 78ක (2019 ඇස්තමේන්තුවකට අනුව) වියදමක් හෝ පාඩුවක් සිදු වන බව වාර්තා වෙනවා.
සාමාන්‍යය විවහාරයේ පොදුවේ “fake news” ලෙස හඳුන්වනු ලබන MDM, ආයතන හෝ පුද්ගලයන් කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමටත්, මැතිවරණ වැනි තීරණාත්මක අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදයටම තර්ජනයක් එල්ල කිරීමටත් හැකියාව ඇති බරපතල සාධකයක් බවට අද වන විට පත්ව අවසන්.

Machine Learning, Natural Language Processing, සහ Amplification Networks වැනි නවීන තාක්ෂණයන් පවා අද වන විට factual information වෙනස් කිරීමට විවිධ පාර්ශවයන් භාවිත කරනවා.
ඒ විතරක් නෙමෙයි, Artificial Intelligence (AI) සහ Generative AI මගින් නිර්මාණය කරන deepfakes වැනි සමාජය නොමඟ යවන අදහස් අන්තර්ගත content පැතිරවීම සඳහා Disinformation Campaigns පවා ක්‍රියාත්මක වෙනවා.

අපේ පෙර ලිපියෙන් Fact-Checking සහ ඒ සඳහා භාවිත වෙන tools ගැන ඔබ දැනුවත් කරන්න අපි කටයුතු කළා. මෙම ලිපිය ඔස්සේ අපි අරමුණු කරන්නේ එම මූලික දැනුම ට අමතරව ටිකක් ගැඹුරට, ව්‍යාජ තොරතුරු පිටුපස ඇති අරමුණු, මානසික නැඹුරු තවන් මෙයට බලපාන ආකාරය (Psychological Bias) වැනි දේ ගැන ඔබට දැනුමක් ලබා දෙන්නයි.
මූලික සංකල්ප හඳුනාගැනීම: MDM යනු කුමක්ද?

"Fake News" ලෙස පොදුවේ හැඳින්වුවත්, තොරතුරක ස්වභාවය සහ එය පැතිරවීමේ අරමුණ අනුව එය වර්ග තුනකට වෙන් කළ හැකියි. මෙය M.D.M (Misinformation, Disinformation, Malinformation) යන කෙටි යෙදුමෙන් හඳුන්වනු ලබන අතර, මෙම පද තුන අතර වෙනස තේරුම් ගැනීම වැදගත් වෙනවා.
Misinformation (වැරදි තොරතුරු)
මෙය හානියක් කිරීමට අරමුණක් නොමැතිව (unintentional) බෙදාහරින, වැරදි හෝ නොමඟ යවන සුළු තොරතුරුයි. යම් පුද්ගලයෙක් යමක් සත්‍ය යැයි විශ්වාස කර එය අනෙක් අයට යැවීම මෙයට හොඳම උදාහරණයයි. හානියක් සිදු නොකිරීමට අරමුණු කළත්, එය විශාල හානියක් කිරීමට ඉඩ තිබෙනවා.
Misinformation is the sharing of inaccurate and misleading information in an unintentional way.
Disinformation (දුෂ්ප්‍රචාර / ව්‍යාජ තොරතුරු)

හිතාමතාම (deliberate) බොරු තොරතුරු නිර්මාණය කර, යම් පුද්ගලයෙකුට, ආයතනයකට හෝ සමස්ත සමාජයටම හානියක් කිරීමේ, නොමඟ යැවීමේ හෝ යම් අරමුණක් කරා හැසිරවීමේ (manipulate) අරමුණින් බෙදාහරින ක්‍රියාවලි Disinformation ලෙස හඳුන්වන්න පුළුවන්.
හානි කිරීමේ හෝ නොමග යැවීමේ අරමුණෙන් නිර්මාණය කෙරෙන Propaganda සහ deepfakes වැනි තාක්ෂණයෙන් ඔස්සේ කරන ලද ව්‍යාජ නිර්මාණ මේ යටතට වැටෙන්නේ මෙහි අරමුණ හානි කිරීම වන නිසාය.
Disinformation is the deliberate dissemination of false or inaccurate information in order to discredit a person or organization, or to deceive the public.
Malinformation (දුෂ්චරිත තොරතුරු)

මෙහිදී භාවිතා කරන්නේ සත්‍ය තොරතුරක් වුවත්, එය යම් අයෙකුට, ආයතනයකට යම් පාර්ශවයකට හානියක් කිරීමේ අරමුණින් යුතුව ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම Malinformation ලෙස හඳුන්වන්න පුළුවන්.
උදාහරණයක් ලෙස, යම් පුද්ගලයෙකුගේ පුද්ගලික, සත්‍ය තොරතුරක් (personal, factual information) ඔවුන්ට ලැජ්ජාවක් හෝ අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණින් Social Media වලට මුදා හැරීම සලකන්න පුළුවන්.
Malinformation is based on genuine factual information, but it is shared with the intent to cause harm to a person, organization, or country, often by misrepresenting the context or exaggerating the facts.
MDM පිටුපස ඇති මානසික නැඹුරුව (Psychological Bias)
ව්‍යාජ තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව අපගේ මොළය ක්‍රියා කරන ආකාරයයි. අපගේ තාර්කික චින්තනයට (Rational Thinking) වඩා, චිත්තවේග (Emotions) සහ නැඹුරුව (Bias) මෙහිදී බලපානවා. Disinformation Campaigns වැනි දේ සිදු කරන පාර්ශවයන් මේ නැඹුරුතා ඉලක්ක කරගෙන තමයි අදාල content නිර්මාණය කරන්නේ.
A. Confirmation Bias (තහවුරු කිරීමේ නැඹුරුව)

මෙය MDM පැතිරීමට බලපාන මූලිකම සාධකය ලෙස හඳුන්වන්න පුළුවන්. සරලව හැඳින්වුවොත් Confirmation Bias යනු අප දැනටමත් විශ්වාස කරන දේ වඩාත් තහවුරු කරන හෝ සපත කරන තොරතුරු පමණක් සෙවීමට, භාරගැනීමට සහ share කිරීමට අප තුළ ඇති යටි සිතේ නැඹුරුවයි.
Confirmation bias ගැන සිංහල භාශාවෙන් සරළ පැහැදිලි කිරීමක් - Source: @bankaloththarka
Disinformation ප්‍රචාරණකරුවන් (campaigners) විසින් මෙම නැඹුරුව ඉතා දක්ෂ ලෙස භාවිතා කරනු ලබනවා. ඔවුන් ඔබේ පක්ෂයට, ආගමට හෝ මතවාදයට වාසිදායක වන පරිදි වැරදි හෝ නොමග යනවන තොරතුරු ඇතුලත් content නිර්මාණය කරනවා.
මෙම නැඹුරුව නිසා අප කැමති මතයකට පටහැනි සත්‍ය කරුණු පවා අපට දැනගන්න ලැබුනත් ඒවා නොසලකා හැරීමට හෝ 'ව්‍යාජ' යැයි පහසුවෙන් බැහැර කිරීමට අප පෙළඹෙනවා. නිදසුනක් ලෙස, ඔබ යම් සමාගමකට අකමැති නම්, එම සමාගමට හානි කිරීමට හිතාමතාම සකස් කළ Disinformation පුවතක් දැකීමෙන්, එය දෙවරක් නොසිතාම 'ඇත්තක්' යැයි පිළිගෙන share කිරීමට ඔබ තුළ පෙළඹවීමක් ඇති වෙනවා.
ව්‍යාජ තොරතුරු වලට රැවටීමෙන් මිදීමට නම්, ඔබේ Emotional Reactivity පාලනය කර, ඔබේ විශ්වාසයන්ට අභියෝග කරන තොරතුරු වුවද විවෘතව කියවා විශ්ලේෂණය කිරීමට පුරුදු විය යුතුයි.
"මම මෙය විශ්වාස කරන්නේ මෙය සත්‍ය නිසාද? නැතහොත් මගේ මතයට ගැලපෙන නිසාද?"
B. Cognitive Biases (සංජානන නැඹුරුව)
අපගේ මොළය තොරතුරු සකසන විට කෙටි මාර්ග (shortcuts) භාවිතා කිරීමේදී සිදුවන වැරදි සහගත චින්තන රටාවන් Cognitive Biases එසේ නොමැති නම් සංජානන නැඹුරුතා ලෙස සරලව හඳුන්වන්න පුළුවන්.
මෙම නැඹුරුවීම් අපව ඉක්මන් නිගමනවලට එළඹීමට පොළඹවන අතර, විශේෂයෙන් Social Media වලදී ව්‍යාජ තොරතුරු සත්‍ය යැයි විශ්වාස කිරීමට හේතු විය හැකියි. Bandwagon Effect සහ Availability Heuristic යනු MDM පැතිරවීමේදී නිතරම භාවිත වන ප්‍රධාන සංජානන නැඹුරුවීම් දෙකකි.
Bandwagon Effect (පිරිසක් අනුගමනය කිරීමේ ආචරණය):

Bandwagon Effect යනු "හැමෝම කරන නිසා මමත් කරනවා" යන මානසිකත්වයයි. Social Media වලදී මෙය ඉතා භයානකයි. බොරු පුවත් හෝ Disinformation සකස් කරන පුද්ගලයන් මුලින්ම Bot Networks (රොබෝ ගිණුම්) භාවිත කරමින් post එකක likes සහ shares ප්‍රමාණය කෘත්‍රිමව වැඩි කරනවා.
මෙය දකින සාමාන්‍ය පරිශීලකයා, "මේක මෙච්චර share වෙනවා නම් ඇත්ත වෙන්න ඇති" යන නිගමනයට පැමිණ, එය තවදුරටත් share කිරීමෙන් එම MDM campaign එකක් වෙත නොදැනුවත්වම උදව් කරනවා.
Availability Heuristic (පහසුවෙන් මතකයට ඒමේ රීතිය)

Availability Heuristic තත්වයේදී යමක් 'ඇත්ත' ලෙස සලකන්නේ අප එය කොපමණ වාරයක් දැක තිබෙනවාද යන්න මතයි. Disinformation campaigns වල ප්‍රධාන උපක්‍රමය වන්නේ එකම බොරු ප්‍රකාශය විවිධ මූලාශ්‍ර හරහා නිරන්තරයෙන් ඔබ වෙත පොම්ප කිරීමයි.
දිනපතාම එම ප්‍රකාශය දැකීමෙන්, ඔබ නොදැනුවත්වම එය සත්‍යයැයි පිළිගැනීමට පටන් ගන්නවා. එබැවින්, ඔබ නිතර දකින ප්‍රකාශයන් පවා සැකයෙන් බලා, එහි මුල් සත්‍යතාව (Original Fact) සොයා බැලීම වැදගත්ය.
MDM හඳුනා ගැනීමට Expert ක්‍රමවේද

MDM හඳුනා ගැනීමට ඉතාම වැදගත් SIFT ක්‍රමය හා ඒ ඔස්සේ තාර්කික චින්තනය වැඩි දියුණු කර ගන්න ආකාරය ගැන ගැන අප පෙර ලිපියෙන් ඔබ වෙත කරුණු ගෙන ආවා, එනිසා මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ Lateral Reading (පාර්ශ්වික කියවීම) ගැඹුරින් භාවිතා කරන ආකාරය සහ Source (මුලාශ්‍රයන්) විශ්ලේෂණය කිරීම පිළිබඳවයි.
A. මූලාශ්‍ර විශ්ලේෂණයේදී ඇසිය යුතු ප්‍රශ්න තුන
Lateral Reading යනු ඔබ දකින වෙබ් අඩවිය හෝ Social Media Page එක ගැන එම පිටුවට නොගොස් Google හි සෙවීමයි. ඔබ මෙහිදී පහත ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. අඩුම තරමේ ඔබෙන්ම ප්‍රශ්න කල යුතුයි:
- Is this site/source a Propaganda site or a Satire site? (මෙය දුෂ්ප්‍රචාරක අඩවියක්ද, නැතිනම් උපහාසාත්මක අඩවියක්ද?)
- වෙබ් අඩවිවල "About Us" හෝ "Contact" පිටු බලන්න. සමහර අඩවි තමන්ගේ අන්තර්ගතය "Humor" හෝ "Satire" (උපහාස) ලෙස පැහැදිලිව සඳහන් කර තිබිය හැකි අතර, ඒවා MDM ලෙස නොසලකයි.
- යම් site එකක් 'ප්‍රවෘත්ති' ලෙස පෙනුනත්, එය නිරතුරුවම එක් දේශපාලන හෝ ආගමික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, එය Propaganda වෙබ් අඩවියක් විය හැකියි.
- Is the source transparent about its funding? (මූලාශ්‍රය ඔවුන්ගේ අරමුදල් ගැන විනිවිද ද?)
- අද වන විට බොහෝ Disinformation Campaigns පිටුපස යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ විශාල ආයතනයක් අරමුදල් සපයයි.
- මූලාශ්‍රය තමන්ට මුදල් සපයන්නේ කවුරුන්ද යන්න විවෘතව (openly) ප්‍රකාශ කරන්නේ නම්, එය විශ්වසනීයත්වයට ලකුණකි. එසේ නොමැති නම්, එයට යම් සැඟවුණු Bias එකක් තිබීමේ ඉඩකඩ වැඩියි.
- Is the article using the correct Context? (ලිපිය නිවැරදි සන්දර්භය භාවිතා කරන්නේද?)
- Malinformation හඳුනා ගැනීමට මෙය වැදගත්. ලිපිය සත්‍ය කරුණක් මත පදනම් වූවත්, එය හිතාමතාම සන්දර්භයෙන් ඉවත් කර (out-of-context) ඉදිරිපත් කර තිබේදැයි පරීක්ෂා කරන්න.
උදාහරණයක්: යම් දේශපාලනඥයෙක් මීට වසර පහකට පෙර කළ ප්‍රකාශයක්, වර්තමාන සිදුවීමකට අදාළ කර share කිරීම. මෙහිදී ප්‍රකාශය සත්‍ය වුවත්, සන්දර්භය වැරදියි.
B. Deepfake සහ AI ජනනය කළ අන්තර්ගතයන් හඳුනාගැනීම
නවීන Generative AI තාක්ෂණය නිසා deepfake වීඩියෝ සහ ඡායාරූප හඳුනා ගැනීම අතිශයින්ම අපහසු වී ඇත.
වීඩියෝ පරීක්ෂා කිරීමේදී:
- මුහුණේ සමේ වයනය (skin texture) අස්වාභාවික ද?
- ඇස් පිල්ලම් ගැසීමේ රටාව (blinking pattern) අසාමාන්‍ය ද? (AI මඟින් නිර්මාණය කළ චරිත සමහර විට ස්වාභාවිකව ඇස් පිල්ලම් ගසන්නේ නැත.)
- තොල් සහ කටහඬේ ශබ්දය අතර සමමුහුර්තකරණය (lip-sync) නිවැරදිව සිදුවේ ද?
- Low-quality වීඩියෝ පටයක් deepfake එකක් වීමට ඇති ඉඩකඩ වැඩියි.
- ඡායාරූප පරීක්ෂා කිරීමේදී:
- ඇඟිලි හෝ දත් වැනි කුඩා කොටස්වල අස්වාභාවික විකෘතිතා (unnatural distortions) තිබේදැයි පරීක්ෂා කරන්න. AI මඟින් ජනනය කරන ලද රූපවල මෙම කොටස් බොහෝ විට වැරදි ලෙස නිර්මාණය වේ.
- ඡායාරූපයේ ආලෝකය (lighting) සහ සෙවනැලි (shadows) නිවැරදිව ගැලපෙන්නේ ද?

වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙකු වීම
MDM වලට එරෙහිව සටන් කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ Fact-Checking ආයතන වලට පමණක් භාර නොදී, ඔබගේම Digital Literacy කුසලතා වර්ධනය කර ගැනීමයි.
- සෑම විටම සැක කරන්න (Be a Skeptic): ඔබ දකින ඕනෑම දෙයක් නිවැරදි යැයි ස්වයංක්‍රීයව (automatically) උපකල්පනය නොකරන්න.
- Context (සන්දර්භය) වැදගත්: සත්‍ය තොරතුරක් වුවත්, එය Malinformation ලෙස සන්දර්භයෙන් ඉවත් කර ඉදිරිපත් කර ඇත්දැයි නිතරම විමසිලිමත් වන්න.
"Remedy for false speech is true speech": එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන Anthony Kennedy මහතා පැවසූ පරිදි: "බොරු කතාවකට ඇති පිළියම සත්‍ය කතාවයි."
ඔබ ව්‍යාජ තොරතුරක් හඳුනා ගන්නේ නම්, එයට එරෙහිව සත්‍යය, සාධාරණ සහ factual තොරතුරු ඉදිරිපත් කිරීම ඔබේ වගකීමයි. මෙම ක්‍රමවේද අනුගමනය කිරීමෙන්, ඔබට MDM ව්‍යාපාරවලට හසු නොවී, වගකීම් සහගත ලෙස ඩිජිටල් අවකාශයේ කටයුතු කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත වෙබ් අඩවිභාවිතා කළ හැක.
cyber.gc.ca, washingtonpost.com, nytimes.com, mediadefence.org, weforum.org, tamu.edu, infoepi.org, dana.org, verywellmind.com, sooner.marketing, minitex.umn.edu, archive.roar.media



