ඔබ drive කරන අතරතුර, වැඩ කරන විට, නිදා ගන්නා අවස්ථාවේ හෝ කාර්යාලයේ වැඩ කරන අතරතුර ඔබගේ ප්‍රියතම අන්තර්ගතයට සවන්දීමට හැකි කදිම ක්‍රමයක් ලෙස Podcasts හඳුන්වාදෙන්න පුලුවන්.

විවිධ වර්ගයේ සේවාවන් මත Podcast ජනප්‍රියයි. YouTube විසින් audio සහ video podcasts සපයන නමුත් ඔබට ඒවා Spotify, Apple Podcasts, Soundcloud සහ තවත් බොහෝ streaming platforms හරහාද ඇසීමට හැකියාව පවතින නමුත් මෙම ලිපියෙන් හොදම Podcasts Apps කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරනවා.


Spreaker Studio – Start your Podcast for Free

Spreaker Studio යනු podcast creator app එකක් වන අතර මෙමගින් ඔබගේම Podcast එකක් ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක පහසුවෙන් පටිගත කිරීමට, Publish කිරීමට, බෙදා හැරීමට මෙන්ම analyze කිරීමට ඉඩ සලසා දී ‍ති‍බෙනවා.

මෙම Spreaker Studio App එක ඔබට Play Store හරහා නොමිලේ download කර ගැනීමට හැකියාව ති‍බෙනවා.

Spreaker Studio - Start your Podcast for Free - Apps on Google Play
Spreaker Studio is a podcast creator app that lets you record, publish, distribute and analyze your podcast, whenever and wherever, easily. Our unique in-app features give you total podcasting flexibility at your fingertips, making it ideal for on-the-go podcasting. Beginner to advanced podcasters w…
Castbox

Castbox කියන්නෙ මේ වන විට Play Store හි Installs මිලියන 10 යේ සීමාව පසු කර ඇති app එකක් වන අතර මෙම app එක මගින් podcast ලෝලීන් සඳහා podcast player එක භාවිතා කිරීම ඉතාමත් පහසුය. Super clean layout එකකින් සහ සරල interface එකක් මෙම Castbox android app එකෙහි බලාගැනීමට පුලුවන්.

Castbox පරීශීලකයන් හට තෝරා ගැනීමට පුළුල් පරාසයක Podcasts සමඟ, ඔබට ඕනෑම තැනක, ඕනෑම වේලාවක නොමිලේ ඔබේ ප්‍රියතම podcast එක ඇසීමට හෝ download කළ හැකිය. ඔබගේ android දුරකථනයේ විවිධ රටවල් 27 ක Podcasts, audiobooks, FM radio සහ තවත් බොහෝ දේ ඇතුළුව මිලියන 95 කට අධික විවිධ මාතෘකා වලට අයත් audio content වලට සවන්දීමට මෙම app එක මගින් හැකියාව ලැ‍බෙනවා.

Podcast Player & Podcast App - Castbox - Apps on Google Play
Castbox is the best Podcast Player & Podcast App on Android with 10+ M downloads, 180K reviews, 2 Billion episodes downloaded and Winner of Google Play Best App! The best podcast player and podcast app to find, save, download, and listen to your favorite podcast, FM, radio and audiobooks. The pod…
Anchor – Make your own podcast

මෙම App එක මගින් ඔබේම podcast එකක් නිර්මාණය කර ගැනීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ. ඔබගේ මිතුරන් සමඟ podcast පටිගත කිරීමට, ඔබ පටිගත කළ podcast audio එක edit කිරීමට, background music එකතු කිරීමට, පසුව එය ප්‍රධාන podcast platforms සඳහා upload කිරීමට මෙන්ම ඔබේ දුරස්ථව සිටින මිතුරන් 4 දෙනෙකු හා එක් වි podcast එකක් පටිගත කරන්නටද මෙම Anchor app එකෙන් හැකියාව ලබාදී ති‍බෙනවා.

Anchor - Make your own podcast - Apps on Google Play
Anchor is the easiest way to make a podcast, brought to you by Spotify. Now you can create your podcast, host it online, distribute it to your favorite listening platforms, grow your audience, and monetize your episodes—all from your phone or tablet, for free. A RECORDING STUDIO IN YOUR POCKET: R…

මෙම app එක අයත් වන්නේ අප කවුරුත් දන්නා Google සමාගමට වන අතර මෙමගින් ඔබට ඔබගේ ප්‍රියතම podcast පහසුන්වෙන්ම සොයා ගැනීමට හා play කිරීමටද හැකියාව ලැ‍බෙනවා. එමෙන්ම ඔබ අසන සහ ඔබ කැමති podcast අනුව මෙම app එක තුල podcast recommendations පහසුකමක්ද Google සමාගම විසින් ලබාදී ති‍බෙනවා.

එමෙන්ම Google podcasts app එක මගින් ඔ‍බේ listening activity එක manage කිරීමටද හැකියාව පවතින අතර comedy, news, history, music, business, TV & film, education, health & fitness, technology, arts, science සහ sports වැනි මාතෘකා වලට අදාලව ඔබට අලුත් podcast ද පහසුවෙන් සොයා ගැනීමට මෙම app එක උපකාරී වෙනවා.

Google Podcasts app එකත් ඔබට සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

Google Podcasts: Discover free & trending podcasts - Apps on Google Play
With Google Podcasts, you can play the latest episodes from your favorite shows, explore podcast recommendations just for you, and manage your listening activity. Discover podcasts you’ll love • Subscribe and listen to all your favorite podcasts for free. • Explore show and episode recommendation…
Podcast Addict

Podcasts, radio, audiobooks, livestreams, YouTube, SoundCloud channels සහ RSS News feeds භාවිතා කිරීමට හැකි එක් app එකක් ලෙස Podcast Addict app එක පෙන්වා දෙන්න පුලුවන්.

Podcast Addict app එක සඳහා මේ වන විට Downloads මිලියන දහයකට වඩා වැඩි ප්‍රමාණයක් සහ 500K reviews, episodes බිලියන දෙකක් download කර ඇති අතර මෙම app එක සඳහා 4.7/5 average rating එකක් හිමිවී තිබෙනවා.

Podcast Addict - Apps on Google Play
Podcast Addict is the #1 Podcast App on Android with over 10M downloads, 500K reviews, 2 Billion episodes downloaded and an average rating of 4.7/5 Podcast Addict allows you to manage Podcast, Radio, Audiobook, Live stream, YouTube, SoundCloud channels and RSS News feeds from a single app. Gettin…

ඔබ Podcast ඇසීමට app එකක් තෝරන්නේ නම් ඉහත සඳහන් කළ apps වලින් එකක් භාවිතා කරන්න පුළුවන්. Podcast එකක් සාමාන්‍යයෙන් පැය කිහිපයක් ඇසීමට සිදුවන බැවින් ඔබ podcast ඇසීම සඳහා හොඳ app එකක් සොයාගැනීමට යම් කාලයක් වැය කරන්න.


Podcasts අහන්න පුලුවන් මේ වගේ තවත් සේවාවන් සහ apps ගැන තවත් විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.