මේ වන විට සාම්ප්‍රදායික TV program වලින් ඔබ්බට ගොස් විවිධාකාර සේවාවන් හරහා රූපවාහිනී වැඩසටහන් ව්‍යාප්ත වී ඇති නිසා, තෝරා ගැනීමට කොතරම් හොඳ content ලබා දී ඇත්ද යන්න, ඊළඟට නැරඹිය යුත්තේ කුමක්ද සහ ජනප්‍රිය TV Series සහ Movies සොයා ගැනීම ඔබට අපහසු වෙන්න පුලුවන්.

රූපවාහිනී රසිකයින්ට ඔවුන් නරඹන shows නිරීක්ෂණය කිරීමට, නව වැඩසටහන් සොයා ගැනීමට සහ එක් එක් episode එකෙන් පසුව සෙසු රසිකයන් සමඟ socialize වීමට මෙම TV Time app එක උපකාරී වන අතර personalized නිර්දේශ නිකුත් කිරීමත් සමඟ ඔබ ඊළඟට නැරඹීය යුතු show එක සොයා ගැනීමට ඔබට උදව් කිරීමේ හැකියාවද මෙම app එක සතු වෙනවා.

ඔබගේ recommendations මත පදනම් වී ඇත්තේ ඔබ නරඹන ලද, ඔබේ මිතුරන් නරඹන, ඔබ කැමති සහ තවත් බොහෝ දේ වැනි කරුණු භාවිතා කරමින් ඔබට හොදම TV Series සහ Movies recommend කිරීමේ හැකියාව TV Time app එක සතුව වෙනවා.

TV Time හි recommendations අද්විතීය වන්නේ ඒවා පදනම් වී ඇත්තේ Netflix වැනි තනි සේවාවක් පමණක් මත නොව, සියලු TV-Network හි ඔබ නරඔන TV Series සහ Movies මත පදනම්වයි.

මෙහි නව recommendations ඔබ්බට සොයා බැලිමේදි, ඔබට ප්‍රියතම shows follow කිරීමට, episodes නැවත පැමිණෙන්නේ කවදාදැයි සොයා ගැනීමට හෝ community එක අතර ජනප්‍රිය දේ සහ තවත් විස්තර සොයා ගැනීමට මෙම app එක භාවිතා කරන්න පුලුවන්.

ඔබගේ profile එකෙහි, ඔ‍බේ ප්‍රියතම TV Series සහ Movies එක් කිරීමට හැකි අතර ඔබගේ shows නැරඹීමේ දත්ත නිරීක්ෂණය කළ හැකිය. ඔබ දන්නා පුද්ගලයින් විසින් කුමන shows නරඹන්නේ දැයි බැලීමට සහ ඔබට මිතුරන් follow කිරීමටද හැකියාව පවතිනවා.

ඔබ නැරඹු episode එකක් “watched” ලෙස සලකුණු කිරීමෙන් පසුව, ඔබට GIFs, photos, videos, memes සහ තවත් බොහෝ දේවල බෙදා ගැනීමට හා අනෙකුත් පිරිස් පළ කර ඇති අදහස් පවා ඔබට බලන්න පුලුවන්.

TV Time සමාගම පවසන්නේ දිනකට මිලියනයකට අධික පිරිසක් මෙම app එක භාවිතා කරන බවත්, එහිදී ඔවුන්ට shows 200,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ TV episodes බිලියන 17 කට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කළ හැකි බවත්ය. පරීශීලකයින් මසකට මිලියන 45 ක් පමණ TV Time පරීක්ෂා කර, අදහස්, GIFs, photos, videos, memes සහ තවත් බොහෝ දේ පළකරන බවටද වාර්ථා වෙනවා.

ඔබටත් අවශ්‍ය නම් TV Time app එක නොමිලේ Android සහ iOS උපාංග සඳහා download කර භාවිතයට ගැනිමට අවස්ථාව පවතිනවා.

‎TV Time: Track Shows & Movies
Please note: You cannot watch TV shows or movies with TV Time. From the TV you watched years ago to movies in theaters now, TV Time is the tool you need to help organize ALL the shows and movies you love. Join 15M+ people and use TV Time to: * Keep track of what you’re watching now - all in one p…
TV Time - Track Shows & Movies - Apps on Google Play
Please note: You cannot watch TV shows or movies with TV Time. TV Time is the tool you need to help organize all the shows and movies you love. Join 15M+ people and use TV Time to: * Add the shows and movies you want to watch across all platforms* Receive alerts and notifications when new episo…

TV shows, Movies වගේ දේවල් manage කරන්න පුලුවන් මේ වගේ තවත් සේවාවන් සහ apps ගැන තවත් විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.