LK Domain Registry එක විසින් වාර්ෂිකව පවත්වනු ලබන BestWeb තරඟාවලියේ 2019 වර්ෂයට නියමිත තරඟය පසුගියදා ආරම්භ වූ බව සමහර විට ඔබ මේ වන විටත් දන්නවා ඇති.

මේ competition එක හරහා LK Domain Registry එක හරහා නිකුත් කර ඇති .LK domain සහිත ඕනෑම වෙබ් අඩවියකට සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර මෙය අවසාන වන විට categories ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ඇති හොඳම වෙබ් අඩවි තෝරාගෙන ඒවා සම්මානයට පාත්‍ර කිරීමට කටයුතු කරනු ලබනවා.

මෙලෙස හොඳම වෙබ් අඩවිය තෝරාගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ අධීක්ෂණය මෙන්ම පාඨක ඔබගේ මනාපය ද සළකා බලනු ලැබෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙනුවෙන්, මේ වන විට අන්තර්ජාලය තුළ වෙබ් අඩවියක් සඳහා භාවිතා වන නවීනතම තාක්ෂණයන් මෙන්ම best practices භාවිතා කරමින් technews.lk වෙබ් අඩවිය ගොඩනැගීමටත්, පරිශීලක ඔබගේ අදහස් වලට සවන් යොමු කරමින් වසරකට අධික කාළයක් තිස්සේ එය වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකි ලෙස optimize කිරීමටත් අපි කටයුතු කලෙමු.

දැන් එළැඹ ඇත්තේ පාඨක ඔබගේ අවස්ථාව වන අතර, මේ ඔබේ ප්‍රියතම වෙබ් අඩවියට සහෘද ඔබගේ සහයෝගය අවශ්‍යයම මොහොතයි.

Best Media, Sports & Entertainment Website යන category එක යටතේ TechNews.LK වෙබ් අඩවිය BestWeb 2019 contest එකට ඇතුලත් කර ඇති අතර අපගේ වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම්, පහත link එක ඔස්සේ ඔබගේ මනාපය (vote එක) භාවිතා කර හොඳම වෙබ් අඩවිය ලෙස තෝරා පත් කිරීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

logo