SpaceX සමාගම විසින් ඔවුන්ගේ නවතම Starlink satellites සමූහය මේ වන විට කක්ෂගත කිරීමට කටයුතු කර ඇති අතර, මෙම satellites වල විශේෂත්වය වන්නේ වෙනත් antenna එකක් හෝ external device එකක් නොමැතිව සෘජුවම (unmodified) ජංගම දුරකථන සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන යෑමට මේවාට හැකියාව තිබීමයි.
![](https://technews.lk/content/images/2024/12/starlink-direct-to-phone-satellites-orbit-technews-lk.jpg)
මෙහි මූලික අදියර ලෙස testing සඳහා පසුගිය ජනවාරි මාසයේදී චන්ද්‍රිකා 6ක් කක්ෂගත කිරීමට කටයුතු කරනු ලැබූ අතර, මේ නවතම satellite සමූහය launch කිරීම මඟින් මීට අදාල වන Orbital Shell එක සම්පූර්ණ කිරීමට SpaceX සමාගමට හැකියාව ලැබුණා.
මෙම සමූහයට චන්ද්‍රිකා 20ක් ඇතුලත් වන අතර, ඒවා පසුගිය දෙසැම්බර් 5 වැනි දින (EST) රාත්‍රී 10ට කැලිෆෝනියාවේ Vandenberg Space Force Base එකෙන් launch කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ සමඟින් ලොව පුරා ඕනෑම තැනක ඇති ජංගම දුරකථනයකට සෘජුවම සම්බන්ධතාවය ලබාදීමට SpaceX සමාගමට හැකියාව ලැබෙනවා.
Orbital Shell
පෘථිවිය වටා රවුමක් ලෙස චන්ද්‍රිකා පිහිටුවන විට, ඒවා එකම උසකින් සහ එකම නැඹුරුවකින් ස්ථානගත කරනු ලබයි. මෙම චන්ද්‍රිකා සියල්ල එකට ගත් විට ඒවා පෘථිවිය වටා කවචයක් මෙන් පෙනෙන නිසා මෙය "Orbital Shell" ලෙස හඳුන්වනු ලබයි.
Starlink හි පළමු Orbital Shell එක චන්ද්‍රිකා 26කින් (මුල් පරීක්ෂණ චන්ද්‍රිකා 6 සහ නව චන්ද්‍රිකා 20) සමන්විත වන අතර, මෙම සියලු චන්ද්‍රිකා එකම උසක (altitude) සහ නැඹුරුවක (inclination) ස්ථානගත කර ඇති බැවින් පෘථිවිය වටා සම්පූර්ණ ආවරණයක් ලබා දීමට හැකි වේ. මෙම Orbital Shell එක සම්පූර්ණ වීම නිසා, ලොව ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුට දුරකථන සේවා ලබා ගැනීමට හැකි වනු ඇත.
මෙලෙස සම්පූර්ණ කළ පළමු Starlink orbital shell එක මගින් තවමත් ලබාදිය හැකි වන්නේ 10Mb (per beam) bandwidth එකක් පමණක් වන නමුත්, ඉදිරියේදී කක්ෂගත කිරීමට නියමිත අනෙකුත් orbital shells සමඟින් මෙය වර්ධනය කිරීමට හැකි වනු ඇති බව SpaceX සමාගමේ ප්‍රධානියා වන Elon Musk ඔහුගේ X ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණා.
The first Starlink satellite direct to cell phone constellation is now complete.
— Elon Musk (@elonmusk) December 5, 2024
This will enable unmodified cellphones to have Internet connectivity in remote areas.
Bandwidth per beam is only ~10Mb, but future constellations will be much more capable. https://t.co/wJHMGEzzE4
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා News Altas වෙබ් අඩවිය සහ Interesting Engineering වෙබ් අඩවිය භාවිතා කළ හැක.