ඔබ programming වලට කැමති, හෝ එම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙකු නම් මේ වන විටත් Stack Overflow වෙබ් අඩවිය පිළිබඳව දන්නවා හෝ නිතරම භාවිතා කරනු ලබන වෙබ් අඩවියක් වනු ඇති බව නොඅනුමානයි.

ලොව වැඩිම පිරිසක් එකතු වන වෙබ් අඩවි අතරින් 46 වැනි ස්ථානයේ සිටින මෙම Stack Overflow වෙබ් අඩවිය 2008 වර්ෂයේ සිට මේ දක්වා ලොව පුරා වෙසෙන developer වරුන්ගේ life-saving වෙබ් අඩවිය බවට පත්වී තිබෙනවා.

කොහොම නමුත් මේ වන විට මෙම වෙබ් අඩවිය සහ Stack Exchange අනුබද්ධිත ‍සේවාවන් සියල්ල ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට, තාක්ෂණික කටයුතු සඳහා මුදල් ආයෝජනය කරන දැවැන්ත යුරෝපා ආයෝජකයෙකු වන Prosus N.V. ආයතනයට විකුණා දැමීමට කටයුතු කර තිබෙනවා.

Prosus’s Acquisition of Stack Overflow: Our Exciting Next Chapter - Stack Overflow Blog
This morning, Prosus (PROSY) has announced its intention to acquire Stack Overflow for 1.8 billion dollars. This is tremendously exciting news for our employees, our customers, our community members, and for our shareholders, and I will share a bit more about what it all means.

මෙම නම ඉතා හුරු පුරුදු නමක් නොවුවත්, Prosus යනු ලොව පුරා විශාල වශයෙන් ආයෝජන සිදු කර ඇති සමාගමක් වන අතර, උදාහරණයක් වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධ Tencent සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක තනි අයිතිය හිමි වන්නේ ද මෙම Prosus සමාගමටයි.

2001 වර්ෂයේදී Prosus ආයතනයේ මව් සමාගම වන Naspers සමාගම විසින් Tencent සමාගමේ කොටස් වලින් 46.5%ක ප්‍රමාණයක් ඩොළර් මිලියන 34කට මිලදීගත් අතර, 2021 වර්ෂයේ මුල් භාගයේදී Tencent සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් 2%ක ප්‍රමාණයක් ඩොළර් බිලියන 14.6ක මුදලකට නැවත අලෙවි කිරීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් Stack Overflow ආයතනයේ co-founder වන Joel Spolsky සහ එහි CEO වන Prasanth Chandrasekar ප්‍රකාශ කර සිටින ආකාරයට දැනට පවතින Stack Overflow වෙබ් අඩවියට හෝ අනුබද්ධිත සේවාවන් වලට (ඉතා කුඩා වෙනස්කම් හෝ) වෙනස්කමක් සිදු නොවනු ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Stack Overflowවෙබ් අඩවිය සහ ArsTechnica වෙබ් අඩවිය භාවිතා කළ හැක.