පසුගිය දිනක දී කොළඹ දී එළිදැක්වීමට කටයුතු කළ ශ්‍රී ලංකාවේ පළමු විදුලි බයිසිකලය, එනම් Rodha AT පිළිබඳව අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු විදුලි ස්මාර්ට් බයිසිකලය වන Rhoda Smartbicycle එක කොළඹදී එළිදක්වයි
Rhoda සමාගම විසින් design කර නිශ්පාදනය කරනු ලබන පළමු විදුලි බයිසිකලය, Rhoda ATපසුගිය දා කොළඹ දී එලිදක්වනු ලැබුවා. Rhoda AT හි නිර්මාතෘ හා Chief Executive Officer වන Eyas Fazul මහතාගේමූලිකත්වයෙන් මෙම එළිදැක්වීම සිදු වුණ අතර මෙය convenient, sustainable හාeconomical යන මූලික සංකල්පයන් පදනම් කරගෙන න…

ඉතින් ඒ වගේම පසුගිය දිනවල ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ හා සමාන තවත් අද්විතීය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් පිළිබඳ තොරතුරු දකින්නට ඇති.

Genesis Core Technologies සමාගම විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු Electric Super Bike එක වන Genesis Ark 1 පිළිබඳව පළමු වරට තොරතුරු අනාවරණය කරන්නට පසුගියදා Genesis සමාගම කටයුතු කළ අතර මෙය ශ්‍රී ලංකාවේ පළමු Electric Super Bike එක වෙනවා පමණක් නොව, එය අග්නිදිග ආසියාවේ පළමු Electric Super Bike එක සහ සමස්ත ලෝකයේම පළමු AI Powered Electric Bike එක ද වෙනවා.

82KW මෝටර් බලයකින් සමන්විත මෙම සුපිරි electric bike එකට 120kmph දක්වා වූ වේගයක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර 14.4KW ක් සහිත බැටරියට සැතපුම් 180ක එනම් 260km කට ආසන්න වන driving range එකක්ද තිබෙනවා.

මෙහි battery එක Li-ion සහ Li-Polymer hybrid battery pack එකක් ලෙස නිර්මාණය කර තිබෙන අතර Li-Polymer swap-able battery pack එකකින් ද සන්නද්ධ කර තිබෙනවා.

එමෙන්ම liquid cooling තාක්ෂණයෙන් ද මෙම බැටරි පද්ධතිය බලගන්වා තිබෙන අතර එය rapid charging පහසුකම සඳහා ද සහාය දක්වනවා.

මෙම යතුරු පැදියේ ඉදිරිපස සවිකර තිබෙන Hybrid Flir Thermal + HD කැමරාව AI හැකියාවන්ගෙන් සමන්විත වන අතර එය Accident Avoidance System එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව රියදුරාගේ සහ පදිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙහි handle එක සඳහා vibration indicator එකක් එක් කිරීමටද Genesis සමාගම කටයුතු කර තිබෙන අතර මෙම Electric යතුරුපැදියේ සවිකර තිබෙන අඟල් 10 ක පමණ සුවිසල් තිරයට ඔබේ ජංගම දුරකථනය සම්බන්ධ කිරීමෙන් Navigation සඳහා, GPS සඳහා මෙන්ම Android OS එක සඳහා ද සහාය දක්වනවා.

Keyless, එනම් යතුරක් රහිත මෙම යතුරුපැදිය fingerprint ඔස්සේ බල ගැන්වීමට හැකියාව තිබෙන අතර cluthless, එනම් clutch එකක් නොමැති direct drive transmission එකක් මෙම යතුරුපැදියට එක්කොට තිබෙනවා.

මීට අමතරව auto stand, voice enable, regenerative declaration, AC induction motor ආදී නවීන තාක්ෂණයන් රැසකින්ම මෙම සුපිරි electric bike එක සන්නද්ධ කොට තිබෙනවා.

කෙසේ වෙතත්, මෙහි මිල ගණන් හෝ වෙළෙඳපොළට නිකුත්වන දිනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත්, ශ්‍රී ලංකාවේ පළමු super electric bike එක ලෙස බුහුමන් ලබන මෙම යතුරුපැදිය නුදුරු අනාගතයේදීම වෙළෙඳපොළ තුළ දැකගත හැකිවීම අප සැමගේ අපේක්ෂාව වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා EVShift වෙබ් අඩවිය සහ Genesis-Ark-1 Facebook Page එක භාවිතා කළ හැක.