PUBG Mobile නිළ Twitter ගිණුමේ පළ කර ඇති තොරතුරු වලට අනුව, PUBG Mobile ක්‍රීඩකයන් සඳහා Payload 2.0 mode එක ඇතුළත් නව update එක ඉක්මනින්ම පැමිණීමට නියමිත බව මේ වන විට වාර්තා වෙනවා.

මෙම update එක නිළ වශයෙන් නිකුත් කරනු ලබන දිනයක් පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා වී නොමැති නමුත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම update එක ඔක්තෝබර් 10 වෙනිදා නිකුත් කිරීමට හැකියාව ඇති බවයි.

PUBG Mobile වෙත මුලින්ම Payload mode එක හඳුන්වාදෙනු ලැබුවේ 2019 ඔක්තෝබර් මාසයේ දී වන අතර පැහැදිලි හේතුවක් දැක්වීමෙන් තොරව මෙම වසර මුලදී එය ඉවත් කිරීමට Tencent සමාගම කටයුතු කරනු ලැබුවා.

පසුගිය මාසයේදී නිකුත් කළ PUBG Mobile 1.0 update එකෙන් පසුව PUBG Mobile වෙත ලැබෙන පළමු විශාලතම එකතු කිරීම ද මෙය වනු ඇති බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Payload mode එක සඳහා පදනම් වී ඇත්තේ classic battle royale mode එක වන නමුත් මෙහි heavier weaponry, armed vehicles සහ helicopters දැකගැනීමට හැකියාව තිබෙනවා.

ඊට අමතරව මෙම mode එකට M3E1-A rocket launcher, MGL, M79 grenade launchers සහ RPG-7 වැනි weapons ලබා දී ඇති අතර game එකේදී teammate කෙනෙකු මියගිය විට ඔහුගේ ID Card එක රැගෙන, ළඟම ඇති radio tower එක වෙත ගෙන යාමෙන් Apex Legends හි මෙන් අදාළ සාමාජිකයා revive කිරීමට හැකියාවද මෙහිදී ලබාදී තිබෙනවා. එමෙන්ම මෙම අංගය මෙම වසර මුලදී PUBG Mobile Lite වෙතද හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

PUBG Mobile නිළ Twitter ගිණුමෙහි පළ කර ඇති cinematic trailer එකට අනුව, නව weapons, armed vehicles සහ remote-controlled UAV භාවිතයෙන් සතුරන් හට පහරදීමේ හැකියාව Payload 2.0 mode එක හරහා ක්‍රීඩකයන් හට ලබාදීමට Tencent සමාගම අපේක්ෂා කරන අතර M202 මෙන් පෙනෙන නව rocket launcher එකක් සහ වාහන සඳහා ඔබ සිටින ප්‍රදේශය scan කිරීමට හැකියාව ලබාදෙන නව radar system එකක්ද එහිදී දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහි දැකගැනීමට හැකි සියලුම වාහනවල rocket launchers, heavy machine guns, flamethrowers සහ තවත් weapons සවිකර වැඩි දියුණු කර ඇති අතර Payload 2.0 mode එක සඳහා අලුතින් නිකුත් කරන ලද Erangel 2.0 map එක භාවිතා කරනු ඇතැයි වාර්තා වෙනවා.

PUBG Mobile game එකෙහි Chinese version එක වන Game for Peace සඳහා දැනටමත් මෙම mode එකෙහි beta version එක ලබාදීමටද Tencent සමාගම කටයුතු කර තිබෙනවා.

PUBG MOBILE - NEW ERA - Apps on Google Play
The official PLAYERUNKNOWN’S BATTLEGROUNDS designed exclusively for mobile. Play free anywhere, anytime. PUBG MOBILE delivers the most intense free-to-play multiplayer action on mobile. Drop in, gear up, and compete. Survive epic 100-player classic battles, payload mode and fast-paced 4v4 team death…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.