Rhoda සමාගම විසින් design කර නිශ්පාදනය කරනු ලබන පළමු විදුලි බයිසිකලය, Rhoda AT පසුගිය දා කොළඹ දී එලිදක්වනු ලැබුවා.

Rhoda AT හි නිර්මාතෘ හා Chief Executive Officer වන Eyas Fazul මහතාගේ මූලිකත්වයෙන් මෙම එළිදැක්වීම සිදු වුණ අතර මෙය convenient, sustainable හා economical යන මූලික සංකල්පයන් පදනම් කරගෙන නිර්මාණය කර තිබෙන බව ඒ මහතා සඳහන් කළා.

On the 24th of September, Team Rhoda introduced the Rhoda AT, Sri Lanka's first Electric Bicycle, at Hatch Works...

Posted by Rhoda - Electric Mobility on Thursday, 1 October 2020

බලසම්පන්න විදුලි මෝටරයකින් බලගැන්වෙන මෙම මෙම හුරුබුහුටි බයිසිකලය වරක් ආරෝපණය කළ පසු 60km ක පමණ දුරක් ධාවනය කළ හැකි වන අතර 19kmph සිට 25kmph දක්වා වූ වේගයක් ලබා ගැනීමට ද හැකියාව තිබෙනවා.

ඒ වගෙම smart app එකක් මඟින් මෙම බයිසිකලය ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි අතර එය බයිසිකලයේ මොළය ලෙස ක්‍රියා කරනවා. මේ නිසා ඔබේ දුරකථනයේ fingerprint ඔස්සෙ බයිසිකලය lock/unlock කිරීමට හැකියාව ලැබෙනවා.

Rhoda සමාගම පවසන ආකාරයට මෙම බයිසිකලයේ ධාවන වියදම කිලෝ මීටරයකට ශත 20 ක් පමනක් වන බව සඳහන් කර තිබෙන අතර මෙහි බැටරිය full charge කරගැනීමට ගතවන්නේ පැය හතරක් පමණක් බවත් සඳහන් කර තිබෙනවා.

තවද මෙම බයිසිකලය මාර්ගයේ ධාවනය කිරීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවන බව වාර්තා වන අතර ඊට හේතුව නම් ශ්‍රී ලංකාව තුළ ධාවනය වන විදුලි වාහන වල බලය 750 watts වලට ඉහළින් ඇති වාහන සඳහා පමණක් ලියාපදිංචි කිරීම කලයුතු වීම අවශ්‍යය වීමයි.

නමුත් මෙහි මෝටර් බලය 750 watts ට වඩා අඩු නිසා ලියාපදිංචියක අවශ්‍යතාවයක් නොමැති බව Fazul මහතා පෙන්වා දෙනවා.

මෙහි Entry-level version එකේ මිල රුපියල් 129,000 ක් ලෙසත්, Stainsteel Flagship version එක රුපියල් 159,000 ක් ලෙසත් සටහන් වන අතර 2021 වසර අවසන් වන විට බයිසිකල් 1,000 ක් පමණ අලෙවි කිරීම සිය අභිලාශය බව Fazul මහතා සඳහන් කලා.


ඉතිං ලංකාවේ පළමු විදුලි බයිසිකලය ලෙස විරුදාවලිය ලබන Rhoda AT බයිසිකලයට Techie Team එකේ අපත් සුභ පැතුම් එකතු කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Rhoda වෙබ් අඩවිය, themorning වෙබ් අඩවිය සහ dailymirror වෙබ් අඩවිය භාවිතා කළ හැක.