Instagram කියන්නෙ බොහොමයක් දෙනා භාවිතා කරන ප්‍රසිද්ධ social media platform එකක් වන අතර Instagram සමාගම විසින් ඔක්තෝම්බර් 6 වනදා සිය 10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් home screen එක සඳහා custom app icons ලබාදීම, private “Stories Map”, well-being updates කිහිපයක් සහ IGTV Shopping update ඇතුළුව තවත් විශේෂාංගයන් කිහිපයක්ම හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

Instagram හි code තුළ icons කිහිපයක් යොදාගනිමින් පවතින බව මීට පෙර වාර්තා වී ඇති අතර එම icons “birthday release” එකක කොටසක් වනු ඇතැයි බොහොමයක් දෙනා අපේක්ෂා කරනු ලැබුවා.

එම තොරතුරු සත්‍යයක් බවට පත් කරමින් නවතම update එකත් සමඟ, iOS සහ Android යන දෙඅංශයේම සිටින Instagram පරිශීලකයින් හට දැන් විශාල පරාසයකින් ‍යුක්ත icons කිහිපයක්ම තමන්ගේ app icon එක ලෙස තෝරාගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.

Instagram app එකෙහි settings වෙත ගොස් පහත tweet එකෙහි දැක්වෙන ආකාරයට screen එක මත long swipe down කිරීමෙන් නව icons වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම Easter egg එක ඇතැම් පරිශීලකයන් හට දැකගැනීමට අවස්තාව ලැබී ඇති අතර ඇතැම් පරිශීලකයන් හට මෙම Easter egg එක දැකගැනීමට හැකියාවක් ලැබී නැති බවද සඳහන් වෙනවා.

Instagram message එකෙහි වැඩිදුරටත් සඳහන්වන්නේ “මේ මාසයේදී ඔබගේ app icon එක ඔබේ ප්‍රියතම icon එකට වෙනස් කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු” යනුවෙනි. එබැවින් මෙම app icon වෙනස් කිරීමේ හැකියාව ලබාගැනීමට හැකියාව ඇත්තේ ඔක්තෝබර් මාසයේදී පමණක් බවට අනුමාන කළ හැකි වෙනවා.

ඊට අමතරව, නව Stories Map විශේෂාංගය මගින් පසුගිය වසර තුන තුළ ඔබ share කරගත් Instagram Stories පදනම් කරගෙන private map එකක් සහ calendar එකක් හඳුන්වා දෙන අතර එමගින් ඔබගේ පැරණි මතකයන් දෙස නැවත හැරී බැලීමට අවස්තාව හිමිවෙනවා.

නව Stories Map විශේෂාංගය

Instagram හි නවතම release එකත් සමඟ ජාතික හිරිහැර වැළැක්වීමේ මාසයේ ආරම්භයට සමගාමීව තවත් නව විශේෂාංගයන් දෙකක් එළිදැක්වීමට කටයුතු කර ඇති අතර එහි පළමුවැන්න, පරීක්ෂණ මට්ටමේ පවතින අතර, එමගින් දැනටමත් report වී ඇති comments වලට සමාන comments ස්වයංක්‍රීයව hide කිරීමට කටයුතු කරනවා.

ප්‍රධාන comment feed එකෙන් ඉවත් කර ඇති එම comments “View Hidden Comments” යන label එක යටතේ ඔබට දැකගැනීමට හැකියාව තිබෙනවා.

Instagram සමාගම විසින් ප්‍රකාශ කරන්නේ මිනිසුන් දිගින් දිගටම අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීමට උත්සාහ කරන විට අමතර අනතුරු ඇඟවීමක් ඇතුළත් කිරීම සඳහා එහි nudge warnings විශේෂාංගය පුළුල් කරන බව වන අතර දැනටමත් Instagram සමාගම විසින් යම් පුද්ගලයෙකු විසින් අපහාසාත්මක comment එකක් පළ කිරීමට පෙර ඒ පිළිබඳව එම පුද්ගලයා දැනුවත් කිරීම සඳහා AI මගින් ක්‍රියාත්මක වන අංගයක් ලබා දී තිබෙනවා.

මෙම විශේෂාංගයන් රැගත් update එක මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව TechCrunch වෙබ් අඩවිය වාර්ථා කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.